Monday, July 16, 2012

මං වගෙ තව එකෙක්


ඔයාල ඕක ගන කතා කරපු නිසා කියන්නෙ මං මේක පොස් ට් එකක් දාන්න කියලයි හිටියෙ .මීට සති දෙක තුනකට කලින් මටත් ඔය වගේම සිද්දියක් සිද්ද උනා. මුලින්ම කියන්න ඕනෙ අපේ ගෙදර අවුරුදු සීයකට වඩා පරනයි . ඒවගේම කොච්චර සුද්ද කරත් ගොඩක් හැඩි වෙලා තියෙන්නෙ ඒකට හේතුව මම දන්නෙ නෑ . මම ක්ලාස් එකකට ගියපු දවසක අපේ අම්ම දැකල තියනව මම ගෙදර පිටිපස්සේ දොරෙන් ඇවිත් මගේ කාමරේට යනව. කාමරේ තියෙන්නෙ ගෙදර සොල්දරේ උඩ. අම්මට එක පාරටම මතක්වෙලා මම ගෙදර නෑ කියල . මෙ සොල්දරේට නගිද්දි දඩ බඩ

ප්‍රශ්නෙකට උත්තර


Pramoda  ඔයාල අහල නැද්ද හොල්මන් අවතාර ගෙන්නගන්න ක්රම?


 තව එක ක්‍රමයක් තියනව .......අනතුරු අඩුයි !!අපිට පිලිගත හැකි සාක්ශි ලබෙන්නත් තියන අවස්ථාව වැඩියි අවශ්‍ය දේ
 කැසට් රෙකොඩරයක්
 මයික් එකක්
 නිශ්ශබ්ධ කාමරයක් (හොල්මං තිබේ යැයි ප්‍රසිද්ධ ස්තානයක් වඩාත් සුදුසුයි , ඒ නැතත් කමක් නෑ) 


රෙකෝඩරේ වෙනුවට ෆෝන් එක උනත් අවුලක් නෑ නැත්ත කොම් එක හරි .ඒත් කැසට් රෙකොඩරයක් ගන්න විෂේශ හේතුවක් තියනව ඒව පස්සට කත කරමු . ක්‍රමේ මෙහෙමයි මුලින්ම රෙකොර් ඩ් ඔන් කරලා දිනෙයි වෙලාවයි කියල පටන් ගන්න ඕනෙ වෙන දේකට නෙවෙයි පස්සෙ පැටලෙන නිසා .


මෙහෙමයි ,
 මුලින්ම ආගම අදහල තමන්ගෙ ආගම බෞද්ධ නන් පන්සිල් අරගෙන මලගිය ප්‍රාන කාරයින්ට පින් දීලා . ආරාධනාවක් කරන්න ඕනෙ


 ''සුභ රාත්‍රියක් මිත්‍රවරුනි .ඔබට මා පවසන දේ ඇසෙනවා නම් පිලිතුරු දෙන්න "


කියල විනාඩියක් විතර නිශ්ශබ්ධව ඉන්න ඕනෙ . කිසිම ශබ්දයක් ඇහුනෙ නැති උනාට කමක් නෑ රෙකොඩ් ඔන් එකේ තියගන්න මතක ඇතුව . ඊට පස්සෙ


"කරුනාකරලා ඔබලාගේ නම් පවසන්න පුලුවන්ද කියල අහන්න "


හැම ප්‍රශ්නෙකටම පස්සෙ විනඩියත් විනාඩි පහත් අතරෙ නිශ්ශබ්දතාවයක් තියාගන්න
 පලවෙනි දවසෙ ඔයටික කරන්න
පලවෙනි දවසෙ ප්‍රතිපල ලැබෙන එකක් නෑ ඒත් දිගටම කරන්න


 මෙහෙම දිගටම කරද්දි හොඳ ප්‍රතිපලයක් ලැබුනොත් ඊලඟට කරන්න තියෙන්නෙ තමන්ගේ නම වඩා පැහැදිලිව හා වැඩි ශබ්ධයකින් කියන කෙනාව තෝරගන්න එක .


 ගොඩක් වෙලාවට ඇහෙන්නෙ ඇදිලා යන වෙවුලන හඬවල් එ අතරින් හොඳම එක තෝරගන්න ඕනෙ පස්සෙ රෙකෝඩ් කරද්දි
 ''සුබ රාත්‍රියක් මිත්‍ර වරුනි''
 අපි කියමු හොඳටම තමන්ගෙ නම කිව්වෙ ''කලු කුමාරයා '' ය කියල


 ''අද අපි සාකච්චා කරන්නේ කලුකුමාරයා සමගයි ''
 ''අනිත් අයට තමන් කැමතිනම් විසිර යා හැකියි ''


 කියල සාකච්චාව පටන්ගන්න ඕනෙ පස්සෙ ඔයා ට අවශ්‍ය දෙයක් ඒ කෙනාගෙන් අහන්න පුලුවන් . හැම විමසීමකටම පස්සෙ පිලිතුරු සැපයීමට ප්‍රමානවත් තරම් කාලයක් නිශ්ශබ්ධව ඉන්න ඕනෙ . ඒවගේම අවසානයේ සියල්ලන්ටම විසිරීයන ලෙස කියන්නත් ඕනෙ
. මේ ක්‍රමේ ඒනිසා ගොඩක් අනතුරු අඩුයි


මේක තමයි ගොඩක්ම ලේසියෙන් ආම්පන්න අඩුවෙන්ම පාවිච් කරල කරන්න පුලුවන් එකම විදිහ


 කරද්දි හැමතිස්සෙම එකම තැනක් තෝරගන්න
 කඩින් කඩ කරන්න යන්න එපා (අද කරා හෙට කරන්නෙ නෑ ආයෙ අනිද්ද කරනව වගේ)
 අහන ප්‍රශ්න පැහැදිලිව අහන්න .
 පිලිතුරු සපයන්න කාලයක් දෙන්න .


 මේක තිබ්බෙ අධිමානසික විද්‍යාව ගැන තිබුනු පොතක මේ ක්‍රමේ කාටවත් කියන්න නෙවෙයි හිටියෙ දැන් කිව්වනෙ ප්‍රතිඵල ලැබුනොත් අපිව දැනුවත් කරන්න

Sunday, July 8, 2012

සතුටු දවසක්






මෙම බ්ලොග් අඩවිය අරඹා  දැනට තෙමසක් ගතවී ඇත  විස්සකට නොවැඩි පොස්ටු ගනනකින් මා ඔබ වෙත  මා දන්න මෙන්ම ඇසූ. අත්භූත මෙන්ම වැදගත් යැයි සිතෙන  කතානතර  කිහිපයක් තිලින කරෙමි . අද දින එහි අග්‍ර ඵලයක් වෙමින් මාගේ බ්ලොග් අඩවිය බැලූ වාර ගනන  1000 ක් බවට පත්ව තිබෙයි මෙය බැලූ බැල්මට ඉතා කුඩා කඩ ඉමක් ලෙස පෙනුනනද විනෝදය උදෙසා බ්ලොග් අඩවිය ලියන මා ප්‍රීතියෙන් අමන්දානන්දයට පැමිනවීමට සෑහුනි ........මා සමග සැමදා හිඳි අලුත් ලෝකය බ්ලොග් අඩවියට පිවිසෙන ඔබ සැමට හා මා හට මෙපමන දුරක් ඒමට උපකාර කල ඔබ සැමට මාගේ ප්‍රනාමය පලකර සිටිමි  !! 

Friday, July 6, 2012

නිවැසියන් එලවන මලවුන්


මෙම සිදු වීම සිදුවී ඇත්තේ ආසන්න වශයෙන් අසූව දශකයේ අග භාගයේ වියයුතුය මෙම සිද්දියට මුහුන දුන් තැනැත්තා මාගේ මාමා කෙනෙකි .  


ඔහු යකෙකුටවත් බය නැති ජාතියේ අයෙකි 

අනික බයිසිකලේ පදින එකාට ඇහෙන්නෙත් නෑනෙ උගේ ඔලුව නෑනෙ .


මේ කතාව මට කිව්වෙ හොල්මං කතා ගෘප් එකේ හොඳ  සාමාජිකයෙක විදුර සුපුන්  මේ දවස් වල පාඩම් කරන ් නිසා කතාව ලියාගන්න වෙලවක් නැතිලු . මෙන්න මේකයි කතාව .

මේ කතාව සිද්දවෙල තියෙන්නෙ කෙත් හේන ජල පවිත්‍රාගරය කිට්ටුව කලුතර පැත්තෙ ඉන්න අය දන්නව ඇති . මට මේ කතාව කියපු විදුරගෙ අයියගේ යාලුවෙකුට තමයි සිද්දියට මූන දෙන්න වෙලා තියෙන්නෙ  . ඔය ප්‍රදේසයට යන පාර කිලෝමීටර ගානක් යනකන් හරිම පාලුයි ලු . පාරෙ බෙහෙතකට හොයාගන්න බලුබල්ලෙක් නෑ  .  දෙපැත්තෙම තියෙන්නෙ පාලු රබර් වතු විතරයි . මේ කතාවට මූන දුන්නු අපේ යාලුවගෙ යාලුවා  වැඩට යන්නෙ පා පැදියෙන්  ඔන්න එදා රෑ මිනිහ වැඩ ඇරිල ගෙදර එද්දි මනුස්සයෙක් බයිසිකලේට අත දැම්මලු. ඔය පාරෙ යන්නෙ එක බස් එකයි . අනික රෑවෙලානෙ ඔන්න ඉතින් අර යාලුව මේ මගදි මුනගැ හුනු මනුස්සයවත් දාගෙන පදින්න ගත්තලු .ඔහොම පැදගෙන යද්දී ඉස්සරහ පාර කන්ද පදින්නත් අමරුයි .අර නැගපු මනුස්සය කිව්වලු මං ඉතිරිටික පදින්නං කියල කොහොමින් හරි ඉතින් යාලුවව බයිසිකලේ මැද පොල්ලෙ ඉන්දවල මූ පදිනවලු පදිනව නෙවෙයි විදිනවලු කන්දෙත් මූ බයිසිකලේ හැටට හැටේ යනවලු ගානක් නැතුව. මූ යන වේගෙට යාලුවා පොඩ්ඩක් බය වෙලා ඇයි ඇනගත්තොත් එහෙම දෙන්නම ඇයි ඇනගත්තොත් එහෙම දෙන්නම හබක් නෙ . යාලුව මූට හෙමින් යමු ය කියනවලු ඒත් මූට නෙවෙයිලු ගානක් . අන්තිමට යලුවා පිපස්ස හැරිල බලල තියනව ........ඔන්න එතකොටලු මිනිහට දෙලෝ රත්වුනේ . දැන් මේ බයිසිකලේ පදින එකාගේ ඔලුව නැහැල්ලු . හත්දෙයියනේ කාට කියන්නද ... මූ බෙරිහන්දීල කෑගහන්න අරන්. කෑගැහුවට වැඩක් තියනවයෙ .හතරවටේම රබර් වතුනෙ තියෙන්නෙ . හික්.. අනික බයිසිකලේ පදින එකාට ඇහෙන්නෙත් නෑනෙ උගේ ඔලුව නෑනෙ  .
ඔය අස්සෙ යාලුවට සිහිනැතිවෙලා . පහුවෙනිද ගෙදර අය හොයද්දි මනුස්සය ඉන්නවලු කනත්තෙ  වැටිල බයිසිකලේ ගහකට හේත්තුකරල තියනවලු .  ඔන්න ඕකයි සිද්දිය .
හොඳද කියල බලල කොමෙන්ට් එකක් දාන්නකො

Sunday, June 10, 2012

පැන්චි


කාලයක් තිස්සෙ පුදුමාකාර කථා හිඟයක් නෙ තිබ්බෙ හොයල හොයල බැරිම තැන ගෙදර තිබුනු පරණ පොත් රාක්කේ අදිද්දි මට ලැබුන  මං පහ වසරෙදි බොහොම ආසාවෙන් කියවපු පොතක්  මේ පොත ටිකක් විතර පරනයි ලියල තියෙන්නෙ ''පී.ඇම්.වයි.ජී.හීන්බන්ඩා '' යන අයයි පොතේ නම ''ඇත් දමනය'' අත්භූත දේවල් අතරෙ මේ අපි කවුරුත් හොඳින්ම දන්න අලි ඇත්තු  ගැන බොහොම රසවත් කතා පෙලක් මේ පොතේ අන්තර්ගත වෙලා‍‍ තියනව  . ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් විදිහට එලිදැක්විල තියෙන්නෙ  මුදිත වසර ගැන සටහනක් නෑ පොත කොහොමහරි ගොඩක් පරණයි .

Thursday, May 17, 2012

එකවර දෙකක් !



මෙම සිදුවීම සිදුවී දැනට වසර තුනක්  සම්පූර්න වී ඇත . සිදුවීම අත්භූත දෙයක් ද නැතිනම් සැබෑවක් මා සිතතුල වූ බිය නිසාවෙන් අත්භූත ලෙස පෙනුනේද යන්න තවමත් මත් මට ස්ථිර නැත  කෙසේ නමුත් මෙම සිදුවීම ඔබ හමුවේ තැබීමට කැමැත්තෙමි . උසස් පෙල රසායන විද්‍යා පන්තිය සඳහා එදින මා පිටත් වන විට වෙනදාමෙන්ම ප්‍රමාදවී තිබුනි . නිවසින් පිටව යන විටම අම්මා එවෙලේම සාදාදුන් බත් පැකැට්ටුවද පොත් මල්ල තුලට දමාගැනීමට මා අමතක නොකලෙමි  එදින රජයේ නිවාඩු දිනකි . ඇත්තෙන්ම එදින පෝය දිනකි  . පෝය දිනවල අමතරපන්ති නිවාඩු දීමට නීති පනවා වැඩි කලක් ගතවී නොතිබිනි . 


                     මේ අමතර පන්තිය පැවතියේ නුගේගොඩය  වෙනත් ප්‍රසිද්ධ  පන්ති මෙන් නොව ඉතා කුඩාවටත් චාම්වටත් පැවතුනු පන්තියේ සිසුන් සිටියේ පහලවක් හෝ විස්සක් වැනි සුලු පිරිසකි . අප සියලු දෙනාම එම පන්තියට ප්‍රියකලෙමු පන්තියේ සිටි සියලු සිසු සිසුවියන් සහෝදර සහෝදරියන් මෙන් විය . ගුරු භවතුන්ද ඉතාමිත්‍රශීලීය. පොහොය දිනවල අමතර පන්ති නවතා තිබුනද අප සියලු දෙනාගේම එකඟත්වයෙන් පන්තිය පැවත්වීමට තීරනය කලේ එබැවිනි .
              එදින නුගේගොඩට ඒම සඳහා වෙනදාමෙන්ම ටවුන්හෝල් බස්නැවතුමෙන්  138බසයකට ගොඩවුන නමුදු පෝය දිනක් බැවින් බස් රථයම පාලු බවක්  ඉසිලීය . වෙනදා බස් රථයේ එල්ලීමට වවුලෙකු මෙන් පොරකන මට අද පහසුවෙන්ම අසුනක් ලැබුනි . නමුත් මගේ යටිසිත මාහට කියන්නෙම පන්ති නොයන ලෙසමය .
                            එය අමතර පන්ති යන ඕනෑම අයෙකුට එන සාමාන්‍ය සිතුවිල්ලක් බැවින් මම එය ගනන් නොගත්තෙමි . වෙනදා මෙන්ම අදත් මාර්ගය දෙපස වූ හුරුපුරුදු ගොඩනැගිලි එකිනෙක පසු වන්නට විය. බස් රථය තුල සිටියේ උදෑසන පන්සල් ගොස් පැමිනෙන  අත්තම්මලා කිහිප දෙනෙකු හා ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන් යයි සිතිය හැකි කුඩා දරුවන් කිහිප දෙනෙකු පමනි .බසය තුල බැලීමට "රසවත්" යමක් නොවූ හෙයින් මම වහාම බසයේ පෙම්මුල්ලට වැදුනෙමි විවරකිරීමට අපහසු වුවත් කෙසේහෝ කවුලුව විවර කරගත් මම පාර දෙස බලමින් සිටියෙමි . ඒවනවිට නුගේගොඩ පාලම සදා නිමකර තිබුනාද නැතිනම් සදමින් පැවතියේද යන්න මා හට මතකයක් නැත . කෙසේහෝ පාලම සාදා තිබුනි නම් ඒ පාලම බැස අවසන් වන  තැනයි .බස් රථයේ මා සිටි  පස එක විටම පහත් වූයේ ඉහ මොල දෙදරවායන මහා පිපිරුම් හඬක් සමගිනි. බස් රථයේ වූවන් සියල්ල මා දෙස බැලූ අතර මම ජනේලයෙන් ඉවත බැලීමි.  නැහැය කාගෙන යන රබර් ගඳින් බසයේ ටයරයක් ගොස් ඇති බව මට තේරුම් ගියේය බසය ඒ අසලම වූ නැවතුමෙන් නවතන ලදි මා බසයෙන් බසින විට ''හොඳ වෙලාවට හෝල් ට් එක ගාව '' යැයි බසයේ කොන්දොස්තර පවසනු මට මතකය . වෙනදාට පන්තිය අසලදීම බසයෙන් බැසගත හැක . අද බස් රථ ද අඩුය  . පෝය දිනක් බැවිනි. එබැවින් අමතරපන්තියද අතලඟ වූ බැවින් පයින්ම පන්තියට යන්නට තීරනය කලෙමි . 


''අද පන්ති යන්න එපා '' 


මගේ යටිහිත කියති ගෙදර ගිහින් අම්ම ඇහුවොතින්  ඇයි කලින්ම ආවෙ කියල? 


 ''අද සර් ආවෙ නෑ  කියනව''.


 මම මගේම සිතත් සමග තර්කකරමින් පාරේ ගමන් කරමි. පාර වෙනදා මෙන් නොව ඉතා පාලුබවක් උසුලයි වාහන එකක්වත් නැත මිනිසුන්ද පේන තෙක්මානයක නැත ඇත්තේ පේනතෙක්මානයේ විහිදුනු කලු පැහැ දිගැති කාපට් පාරත් එය දෙපස පදික වේදිකාව වෙනුවට ඇති අව පැහැ ගැන්වුනු වියලි ඉවුරුදෙකත් පමනි  දෙපස ඇති නිවෙස්  කඩපේලි සියල්ල වසා ඇත ඒවනවිට දවල් එකත් දෙකත් අතර වෙලාවකි ඉතා තද හිරු එලිය වැටී තිබුනද මුලු මගම ගුප්ත බවක් උසුලයි . 


                                 දැන් මා සිටින්නෙ අමතර පන්තිය ඇති අතුරු පාරට ඉතා ආසන්නයේ ය . තවමත් මා මාගෙ සිතසමග තර්කයේ ය . 


අම්ම දන්නව පන්ති නැතිදවස් වලට මං යාලුවො එක්ක බත් එක කාල එන්නෙ කියල එතකොට බත් එකට මොකද කරන්නෙ විසිකරන්නද ?


 ''නෑ නෑ අද පෝය නෙ...පාරෙ හිඟන්නෙකුට දෙමු '' 


එසේ සිතුවා පමනි හිඟන්නෙක් ම දිරිපස සිටගෙන සිටියි   . ඔහුගේ එක ඇසක් සුදුවී ඇත මුහුන වලගැසී කලුවී ඇත . එමෙන්ම හිසෙහි වූ ඉදුනු කෙස් ගස් කහ පැහැ වන තුරුම ඒවා මත දුහුවිලිබැඳී ඇත ඔහු අසලින් ඉතා පිලිකුල් දුගඳක් වහනය වෙයි .හේ ඇවිදින්නේද කොරගසමිනි. ඔහු දිගින් දිගට ම මගෙන් ඉල්ලන්නෙ කෑමට යමක් ය 


''සෑහෙන කාලෙකින් රහට දෙයක් කෑවෙ නෑ අනේ මහත්තය මට බත් එකක් දෙන්න ''


 ඔහු පවසයි .  අමතර පන්තියට  හැරෙන අතුරුමග ඉදිරියෙනි ආපසු යැමෙන් පලක් නැත මම පන්තිය වෙත යෑමට සිතා අතුරු පාරට හැරුනේ පෙර කී හිංඟන්නාව මගහරිමිනි . පාරට හැරුනු විගස පන්තියේ කලු පැහැ ගේට්ටුව පෙනෙයි එය වසා ඉබ්බෙකු දමා ඇති බව ඈත සිටම මට පෙනුනි .


 සමහර විට අනික් උන්ට සර් කතාකරල කියන්න ඇති කොහෙද ඉතින් මට ෆෝන් එකක් නෑනෙ  .


 එකවිටම මගේ සිතට ආ සිතුවිල්ලයි , එසැනින් නැවතත් මගේ බත්මුල අර  හිඟන්නාට දිය යුතුයන හැඟීම පහල්වී ආපසු හැරී බැලුවෙමි මෙතෙක් වේලා මා අසල සිටි හින්ගන්නා නැත මම මහ පාරට ගොස් බැලුවෙමි . දෙපසටම අඩුම තරමේ මීටර පන්සියය බැගින් වත් පාර පැහැදිලිව පෙනෙයි හිඟන්නා නැත ඔහුට කොරගසමින් එතරම් දුරක් ඇවිදයා නොහැකි අතර අහල පහලින් වූ එකම අතුරු මගද අමතර පන්තිය තිබූ එක පමනි මගේ සිතට බිය හා කුතුහලය පිරෙන්නට විය මොහු කොහේ යන්නට ඇත්ද පාරද පාලුය මිනිසෙකු සිටීනම් වහා ඇස ගැටිය යුතුය නමුත් පාරේ කිසිවෙකුත් නැත .මා අසල සිටි මිනිසා මෙතරම් ඉක්මනින් ගියේ කොයිබටද  . නැතිනම් ඔහු අතුරුදන් වූයේද .
            මද වේලාවකින් හිඟන්නා අසල වූ ගඳ මා අසලින් දැනෙන්නට විය මා සිතුවේ ඔහු මා අසලට නැවත පැමින ඇතැයි කියාය පසුපස හැරී බැලුවමුත් . අවට කිසිවෙකුත් නැත . මට දැන් කාරනා පැහැදිලිය මේ මා දුටුවේ මනුශ්‍යයෙකු වන්නට බැරිය  . වහාම මහ මගට බැසගත් මම වේගයෙන් අඩි තබමින් නැවත බස් නැවතුම වෙත යන්නට වුනෙමි . පන්තිය අසල බස් නැවතුමක් තිබුනද එය පාලු බැවින් ප්‍රධාන නැවතුම වෙතම යායුතු බව මම තීරනය කලෙමි . මම කොතරම් වේගයෙන් ගමන් කලද පෙර කී ගඳ මා පසුපසමය . දැන් මගේ මුලු සිරුරම බීතියෙන් ගිනි ගන්නවා වැනිය  . ගිනි දවාලේ මුලු සිරුරේම රෝම කෙලින් වී ඇතිබව මට දැනෙයි .මෙසේ ඉදිරියට යද්දී මට ඈතින් කලුපැහැති චායාවක් පෙනෙයි මදක් ලංවද්දී හේ බයිසිකල් කරුවෙකි නැත ලියුම් බෙදන්නෙකි  කාකි අලුත් කොට කලිසමක් හැඳ සිටි ඔහුගේ කාකිපැහැ කමිසයේද සියලුම බොත්තම් දමා ඇත .දෙපැත්තෙන් ඉහලට නැමී ඇති (Hat)විෂාල හිස්වැස්මක් පැලඳ සිටි ඔහු එන්නෙ දිලිසෙන කලු පැහැති පාපැදියකිනි දෙපාවලට දමා ඇත්තෙද කාකි පැහැති මේස් සහ කලු පැහැති හොඳින් මදිනලද සපතුය   ඔහු බයිසිකලය මා අසල නැවැත්වීය 


මල්ලි කොහෙද යන්නෙ ඔහු මගෙන් අසයි .


ආ මං මේ නුගේගොඩ හන්දියට යන්නෙ මම ඔහුට පිලිතුරු දුන්නෙමි . 


අයිය දැක්කද මේපැත්තට හිඟන මනුස්සයෙක් යනව මම ඔහුගෙන් ඇසුවෙමි . 


ඇයි මොකටද?


 නෑ මේ බත් එකක් තියනව මං බැලුවෙ විසිකරන්නෙ නැතුව දීල දා න්න  මන් දැක්ක මේ පැත්තට හිඟන්නෙක් යනවා...!
 මම ඔහුට කීවෙමි. 


මොනවගේද ?
 ඔහු නැවතත් මගෙන් අසයි 


කොර ගහ ගහ ගියේ එක ඇහැක් සුද හැදිල  .


 ආ මල්ලි දවල් වෙද්දි උන් සේරම නුගේගොඩ හන්දිය පැත්තට යනව දැන් ඇත්තෙ ඒ හරියෙ ඔහොම්ම පස්සනොබල කෙලින්ම ගිහින් බලන්නකො... 


මනුස්සයෙකු හමුවීම ගැන මට වූයේ ලොකු සතුටකි  මම ඉදිරියට යෑමටගත් පය පෙරටු කල අතර මට ලියුම් කරු හට ස්තූති කිරීමට තදින්ම අවශ්‍ය විය . මන්ද ඔහු මාගේ බිය දුරු කල බැවිනි ඒ සමගම මා අසල වූ ගඳද ඉවත්ව ඇතිබව වැටහුනි මම ආපසු හැරුනේ ලියුම් කරුට ස්තුති කරන්නටය  . පුදුමයකි ලියුම්කරුද අතුරුදහන්ව ඇත .මගේ  කන තුල ඔහු අසන්වතාවට කියූ වචනය දෝංකාර දෙන්නට විය


 ''ඔහොම්ම පස්සනොබල කෙලින්ම ගිහින් බලන්නකෝ''


මම ඔහු කීදේට විරුද්ධව වැඩ කලා නේද ? ඇයි මං පස්ස බැලුවේ මගේසිත මටම බනින්නට විය 
. මම ඇවිද ගියේ නම් නැත මට දැනුනේ පාවෙමින් යනවා සේ ය  නැ වතුනේ නුගේගොඩ හන්දියට තරමක් මෙහායින් වූ ඉහල පෙලේ අවන්හලක් අසලය . එතැනදී පාරේ සෙනග පිරුනු බස් රථයක් පලමුවරට දුටුවෙමි . ඉන් ඔබ්බට පාර සාමාන්‍ය ලෙස ජනාකීරන වී තිබුනි එබැවින් සිතේ බිය පහවී ගියේවී නමුදු මෙම බත්මුල දීමට හිඟන්නෙකු සෙවීමි . බයිසිකල් කරු කියූ ලෙසටම පාරේ හිඟන්නන්  රැසක් විය .


 තරමක් හීන්දෑරි වයසක හිඟන්නෙකු වෙත ගිය මම  .


සීයෙ ගෙදරින් ගෙනාපු බත්මුලක් තියනව කනවා දැයි විමසීමි  ඔහු දුන් පිලිතුරින් මා උඩවිසිවී ගියේ ය හොල්මන් හොඳ යැයි සිතුනි


 '' නෑ පුතා මාත් මේ ගෙදරින් ගෙනාපු බත් මුල් දෙකම එහෙම්මමයි උදේ කන්නත් බැරි උනා 

'' සල්ලි කීයක් හරි තියනවන් දීල යන්න පුතා කඩේකට ගිහින් ප්ලේන්ටියක් බීලා බත් එක කන්න '' 


මම එහෙම්මම නැවත ගෙදර ඒමට  බසයට නැගුනේ බත්මුලද කුනුබාල්දියකට විසිකරමිනි . පසුව ගෙදරවිත් කල්පනාකරන විට මට සිහි වූයේ පෝය දිනයන් වලදී ලියුම්කරුවෝ වැඩ කරනවාද යන්නයි . 


එයින්ම මා දුටුවේ යම් අමනුශ්‍ය මායාවක් බව මට පසක් විය. මෙය අදටත් මට පැටලිලි සහගතය එකෙක් මට කරදර කරන්නට එද්දී අනෙකා මා බේරාගත්තාද? නැතහොත් දෙදෙනාම එක් අයෙක් ද? මෙය සිහිවන සෑම විටකදීම මගේ සිත ප්‍රශ්න කරයි ..........  මින් ඔබ්බට සිතීම ඔබට භාර කරමින් මා නවතිමි !  

Friday, May 11, 2012

පලමු අත්දැකීම



මෙය මා මුහුනදුන් පලමු අත්භුත සිදුවීමයි මෙය දර්ශනය වූයේ මාහට පමනක් නොවන බැවින් අදට ද මා මෙය අත්භූත යැයි විස්වාස කරමි . ඒවනවිට මගේ වයස යන්තමින් සය අවුරුද්දක් වූවා පමනි . මා පාසල් ගියේ කොලඹ බැවින් මා පෙර සඳහන් කරන ලද කොලඹ පිහිටි නිවසටත් . අප මුලින් පදින්චිව සිටි කෝට්ටේ පිහිටි නිවසටත් වරින් වර  යෑමට අපට සිදුවිය . බොහොවිට උදෑසනින් කොලඹට  පැමිනෙන ප පවුලේ සියලු දෙනා මම අම්මා තාත්තා හා මල්ලි නැවතත් අප පාසල් ගමන නිමවූ පසු රාත්‍රියේ කෝට්ටේ පිහිටි නිවස බලා පැමිනෙන්නෙමු . කෝට්ටෙ ප්‍රදේශයේ ජීවත්වන ඕනැම කෙනෙක් මා

Monday, May 7, 2012

සොල්දරය


මෙම සිද්ධිය සිදු වූ දිනක් හෝ කාල වකවානුවක් මාගේ මතකයේ නැත. ඒ වන විට මා කුඩා දරුවෙකුව සිටි බැවිනි . නමුත් මෙමෙ සිදුවීම මා හට කිසිදා අමතක නොවෙනු ඇති මක් නිසාද යත් මාගේ ජීවිතය තුලදී මවිසින් අත්දුටු දෙවන අත්භූත සිදුවීම මෙය වන බැවිනි .
එදින වැහිබර දිනයක් විය අ හස  අඳුරුව පැවති අතර කාලයක් තිස්සේ අවුකාස්ටකය වියලුනු පොලොව තෙතමනය ලැබීමෙන් නැවුම් සුවඳ විහිදුවයි සිසිල්

Friday, April 20, 2012

හරක් වෙසින් අවතාර

මෙය අපේ සීයාට සිදුවූ සුලු සිදුවීමකි . සීයා ඉලන්දාරියා කාලේ නාහෙට අහන්නෙම නැත .(මේ තිත තබන්නෙ රසික රසිකාවියන්ගේ බලවත් ඉල්ලීම මතය ) දිනක්  සීයා තම යහලුවන් පිරිස සමග කැලේ පැන ඇත්තේ ගඩා ගෙඩි කෑමටය.  ඔය අතර පිරිස දිනපතා රිංගන පාලු ඉඩමටද රිංගීමට පිරිස අමතක නොකලෝ ය මේ ඉඩම පාලු යැයි කීවද අයිතිකරු දින දෙක තුනකට වරක් මුර සංචාරයේ පැමින යයි. කොලු රැල මෙම ඉඩම වෙත ඇදීමට හේතුව වෙන කිසිවක් නොව ඉඩමේ සරුවට වැවි ඇති දිවුල් ගස් පේලියයි

Saturday, April 14, 2012

වටයා


සෑහෙන කාලයක් තිස්සෙ ඔයාලට දෙන්න හොඳ කථා ටිකක් හෙව්ව මෙ දවස් වල පුදුම හොල්මන් කථා හිඟයක් නෙවෙ තිබුනෙ පස්සෙ ඕන් කොහෙන් කොහෙන් හරි දඟලල අලුත් කතාවක් හොයගත්ත මේ ආත්මය සැරිසරන්නෙ කුඩා දරුවො ඉන්න තැන්වල සමහරු දන්නව ඇති සමහරු නොදන්නව ඇති මොහු නමින් වටයා ලෙස ප්‍රසිද්ධයි සේරටම කලින් මතක්කරන්න ඕනෙ මේ කතාව මට කිව්වෙ මොනරාගල පැත්තෙ අක්කකෙනෙක් හොඳම දේ තමයි මේ වටය කියන භූත ආත්මයේ ආරම්භක කතාව මේ කතාව කුඩා දරුවෙකු ගැනයි කාලයකට ඉහත මේ කියන්නෙ එකදාස් නවසිය ගනන් වල මැද භාගෙ වගේ

Saturday, March 31, 2012

නුදුටු පැතිකඩ

අලුත් ලෝකය යනු මාගේ සාර්ථක පලමු බ් ලොග් නිර්මානය බව ඔබ සැමට නොරහසකි එනමුත්  අලුත් ලෝකය ලිවීමට මා යොදාගත්තෙ ඉතා සරල බස් වහරකි . එය එලෙස යොදා ගැනීමට හේතුපාදක වූයේ අන් කිසිවක් නොව මා මෙන්ම තවත් බොහෝ දෙනෙකුට එය තේරුම් යායුතු බැවිනි . මින්පසු අලුත් ලෝකය ඔබ වෙත ඉහත කී දෙ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම මා ගේ අරමුනයි  මින් පසු අලුත් ලෝකය බ්ලොග් අඩවියේ මාවිසින් පල කරන ලිපි මුදුන් වහල කාන්ඩය යටතේ සරලවද නොදුටු පැතිකඩ යටතේ ලිකිත බසින් ද ඉදිරිපත් වනු ඇති

Monday, March 26, 2012

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො


තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගැන ඔයගොල්ලො නොයෙකුත් කතා අහල ඇති මං මේ කියන්න යන කථා සමහර විට ඔයාලත් අහල ඇති ඒත් මේ ගැන නොදන්න ලංකාවේ ගොඩක් අයට දැනගන්න මං මේ පොස් ට් එක දාන්නන් කො


ඔන්න එහෙනන් කන ඇරල හොඳට අහගනිල්ල  . තොට ගමුවෙ හාමුදුරුවො  කොච්චර ප්‍රසිද්ධ උනත් උන්වහන්සෙගෙ ලමාකාලය ගැන කියවෙන්නෙ මෙහෙමයි මෙන්න මේ කවිය මතකද කියල බලන්නකො ''මාවැනි බ්ලින්දා වරවර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අස්න නිරිඳෝ වෙන කොහින්දා ''

Saturday, March 24, 2012

ගම්භාර දෙවියො (ගොපල්ලා)


මෙන්න මේකයි කතාව ඒදවස් වල අපේ අම්මලගෙ පවුලෙ අය දෙනියයෙ ඉන්න කාලෙ ඒගෙදර ඔය කිව්වෙ  අපෙ ආච්චිගෙ මල්ලිගෙ ගෙදර එහේ   ඉඳල තියනව කිරි වැස්සියො දෙන්නෙක් එක වැස්සියෙක්ගෙන් දවසකට කිරි බෝතල් දොලහක් දොවාගන්න පුලුවන් ලු ඔන්න ඒදවස් වල අපේ ආච්චි තමය් මේවැස්සියන්ගෙන් කිරිදොවාගෙන තියෙන්නෙ ආච්චි හැමදාම උදේ පාන්දර හයට යනවලු කිරිටික දොවාගන්න ඉතින් පාන්දර හයට ආච්චිව ඇහැරවන්න ආච්චිගෙ මල්ලි උදෙන්ම නැගිටල එලියෙන් ඇවිල්ල කාමරේ ජනේලෙට තට්ටුකරල කිය්නවලු අක්කෙ නැගිටල කිරිටික දොවපන් කියල ඉතින් ආච්චි නැගිටල  මල්ලිගෙ පිට්පස්සෙන් යනවලු හරක් මඩුව පැත්තට  ඔය යනකොට උදේ පාන්දර සීතල නිසා පොඩි සීය ඒකියන්නෙ ආච්චිගෙ මල්ලි ඔලුවට සුදු රෙද්දක් පොරෝගෙන ලු මඩුව පැත්තට යන්නෙ ඉතින් ආච්චි කිරිටික දොවල ඉවර වෙනකන් පොඩි

Friday, March 23, 2012

බෙලිගල්ලෙන බංගලාව


බෙලිගල්ලෙන බංගලාව


අද මගේ කතාව අර මම කලින් කියපු අපේ අම්මල ඉස්සර පදින්චි වෙලා හිටපු බෙලිගල්ලෙන බංගලාව ගැනයි .කොහොම හරි මේ බංගලාව බොහොම පරන සුද්දගෙ කාලෙ හදපු එකක් කියල තමයි අපෙ අම්ම මට කිව්වෙ . මේබංගලාවෙ පදින්චි වෙලා හිටපු සුද්දෙක් හිටපුකාමරේම බෙල්ලෙවැල දාගෙන මැරිල තියනව මේ බංගලාවෙ ගැන අපේ අම්ම කියපු පලවෙනි හොල්මන් කථාව තමයි ඒ කාමරේ ගාවින් කවුරු හරි යද්දි කාමරේ ඇඳේ කවුරු හරි ඉඳන් ඉන්නව හොර ඇහැට පේනවලු හොඳට හෙලවෙනව එහෙමත් පේනවලු ඒත් ඒදිහා හැරිල බැලුවහම කවුරුත් නැහැල්ලු  . මේකාමරේ ගාවින් යන ඕන කෙනෙක්ට මේක සාමාන්‍ය සිද්ධියක් ලු ඒත් මේකට කවුරු බය වෙන්නෙ නෑ කියලයි කියන්නෙ සුද්ද  මලා කියල කියන්නෙ  ආදර හුටපටයක් නිසාලු 

Wednesday, March 7, 2012

අභූත කථාව මහසෝනා

මේ කතාව වෙලා තියෙන්නෙ මම ඉපදෙන්න තියා හිතලවත් නැති කාලෙක  ඔන්න ඒ දවස්වල අපේ පුන්චි අම්මල  එහෙම පොඩි කෙල්ල කාලෙ ලු ඉතින් අපේ සීය ඒකියන්නෙ අපේ අම්ම ගෙ තාත්ත නැතිවෙලා අවුරුද්දක් විතර වෙද්දි අපේ අම්මල ගෙ පවුලෙ සේරම ගිහින් තියනව දෙනියායෙ ඒකියන්නෙ අපේ ආච්චි ගෙ මල්ලිගෙ ගෙදර පදින්චියට ඔය අස්සෙම තමයි අපේ ආච්චිගෙ මල්ලි නැත්තන් පොඩි සීයා පෙලවහක් හෙම කරගෙන පිලිවෙලක් වෙලා තියෙන්නෙ  අලුත බැඳපු ජ*ඩුව ට තනියම ඉන්න ඇරල අපේ ආච්චිල පස්සෙ  ඇවිත් තියනව ඒගොල්ලොන්ගෙම ගෙයක් වෙච්ච බෙලිගල්ලෙන බංගලාවට
 මේ බෙලිගල්ලෙන බංගලාව ගැනත් ඒ අවට ගැනත් ලියන්න කතා බොහොමයි ඒත් අද අපි කියන්න යන කතාවට ඒක අදාල නෑ .  
ඔන්න ඉතින් අපේ පුන්චි අම්මයි අම්මයි අම්මගෙ යාලුවෙකුයි දවසක් යනවලු ගෙදර වැඩට ගෑනු දරුවෙක් ව අරන් එන්න ඔන්න මේ යන කටුමැටි ගෙදර ලමයිම ඉන්නවලු දොලහක් අපේ අම්ම මේක මහ ලොකුවට කිව්වට අපේ අම්මලගෙ පවුලෙ ලමයි ඉන්නව අටක් ම  .

Tuesday, March 6, 2012

මෙය සත්‍ය සිදුවේමකි


මෙය සත්‍ය සිදුවේමකි

මෙය සත්‍ය සිදුවේමකි කවුරුත් මාව ජොකෙ එකට ගන්නව හෙම නෙවෙයි හොඳේ එහෙම කලොත් යකා ගහයි කියල තමයි කියන්න වෙන්නෙ .......!
එදත් වෙනද වගේම මං උසස් පෙලට පාඩම්කරන්න දයාන්ලගෙ ගෙදර ගියා වෙනද වගේම රෑ වෙනකන් පාඩම් කරකර හිටපු නිසා මටගෙදර යන්නත් පරක්කු උනේ නොදැනීම වගේ
ඉතින් රෑ දහයට එකොලහට විතර මං දයාන් කාරයවිතර මං දයාන් කාරයගෙ ගෙදරින් එලියත බහින්න කියලයි හිතාන උන්නෙ ඕන් එක සැරේටම දයාන්ගෙ අම්ම මට කියාපි පුතා අද ගෙදර හදපු රෝල් ස් වගයක් තියනවය තාම උනුය ගෙදර ගොහින් අම්මට දෙන්නය කියලඅනේ ඉතින් මමත් අර බැදුම් පසුම්බිය මගේ පොත් මල්ල ඇතුලට දාගෙන දයාන්ලගෙ ගෙදරින් එලියට බැහැපි ඔය අස්සෙ දයානය කෑගහනව උඹට පිස්සුද බං මේ මහ රෑ ඔය තෙල් බැදුම් අරගෙන තට්ට තනියම යන්න ඔහෙ හිටපන් මමත් කමිසයක් දාගෙන එනකන් ය කියල අනේ ඉතින් මිනිහගෙ අක්කත් ඕකම කියකිය මට වද දෙන්න ගත්ත එහෙව්වෙලා නැවතුනානන් මදැය් මේන් මුගෙ අම්මත්  ඕක කියන්න ගත්ත  අනේ  ඉතින් මට ගෑනු දෙන්නෙක් ඉස්සරහ චා වෙන්න පුලුවනැයි මං ගත්ත කටටම කියපි නෑ ඇන්ටි මට තනියම යන්න පුලුවන් ය කියල වීරය වගේ ගේට්ටුවෙනුත්  එලියට බැහල හෙම ගාටන්න ගත්ත  


#දෙවනි කොටස


ඕං ඉතින් මං දයාන්ලගෙ ගෙදර ඉඳල මහපාරට එන්න තියන දිග පාරෙ තනියම ඉස්සරහට යනව කොහෙද මං කොලඹ උනාට දයානය ඉන්නෙ ඩොටේ කැස්බෑව පැත්තෙ තවත් ඇතුලට වෙන්න තියන ඉසුරු පුර දෝකොහෙදෝ කියල හෙනම ඇතුලෙ තියන පාරක පාරෙ දෙපැත්තෙ ගෙවල් තිබුනට මොකද මේ රෑ එක ගෙදරකවත් එලියක් පේන්නවත් නෑ ඕං ඔය අස්සෙ තමයි මගේ හිතට බය ටිකෙන්ටික ටිකෙන්ටික ඇතුලු වෙන්න ගත්තෙ ඔය පාරේ මගක් දුර එද්දි තිබුනා තුන්මං හන්දියක් ඕකෙ පැත්තකින් මහා රූස්ස කොස්ගහක් එහෙමත් වැවිල යන්තමට පේන්න තියන හඳ එලිය වත් පේන්නෙ නැහැ   සිංහලෙන් කියනවනං පාර පට්ටම කලුවර්යි 
කොහොමෙන් හරි මං කොස් ගහ යටට ආවාය කියමුකො ඔය අස්සෙ තුන්මං හන්දිවල ඉන්න අස්සෙ තුන්මං හන්දිවල ඉන්න මෝහිනී ගෙ කථා එහෙම මතක්වෙලා මං තවත් බයේ ගැහෙන්න ගත්ත එක සැරේටම චෑස් ගාගෙන මාවවුල්ලු ඉගිල්ල්ද්දි මගෙ ඇඟෙ රෝම කෙලින් උනේ නොකෙලින් උනේ නොදැනීම වගෙයි වැදිදුරක් යන්න කලින් ඔන්න මහපාරෙ වාහන යන සද්දෙ එහෙම අහෙන්න ගත්ත හිතේ බය පොඩ්ඩක් විතර අඩුවෙලා ගියා වගේ දැනුන මං පාරට ස්ස්න්දු වෙලා බස් නැවතුමටත් හිමින් කිට්ටු උනා මගේ කරුම වෙලාව ඒවෙනකොට යන්න තිබ්බ අන්තිම බස් එකත් ගිහින් ඉවරයි 
මදැයි මෙහෙම කරුම දවසක් දැන් ඉතින් පයින්ම ගාටපන්කො...! දැන් ඉතින් පයින්ම ගාටපන්කො ලොකු බස් ස්ටෑන් ඩ් එකට  ඔක්කොමත් හරි දැන් මහපාරෙ එක වාහනයක්වත් නෑ ඒ මදිවට මහ පාරෙත් යන්න තියෙන්නෙ කනත්ත පහුකරගෙන ඕන් ඉතින් මාත් ඇරසොයිසා ඕන් ඉතින් මාත් ඇරසොයිසා කියල කනත්ත පැත්තට ගාටනව හෙමින් හෙමින් ඔය අස්සෙ පාරෙ රැට බුදියගන්න බලු රොත්තම මාව දැකල උඩු බුරන්නත් ගත්ත මහ මූසල විදිහට පාරෙ එක මිනිස් පුලුටක් නෑ ඒ මදිවට තෙල් බැදුම් පොට්ටනියක් බෑග් එකේ ඇතුලෙ අනේ දැන් ඉතින් මට හීන්දාඩිය දාගෙන එනව මොකද දැන් මම ඉන්නෙ කනත්ත ඉස්සරහ නිසා ඕං කනත්තෙ ඇතින් පේනව පුන්චි එලියකුත් ටිකටික ලොකු වෙනව වගේ මට හිතෙනව  
එක පාරටම මගේ පිටිපස්සෙන් පෑංං කියාගෙන හෝන් පාරක්  ගහගෙන ආවෙ නැද්ද බස් එකක් මං එතනම යට උනා ඒකට මගේ ජීවිතේ අකාලේ නැතිකරපු ඩ්‍රයිවරයව හොය හොයා මං තාමත් ඇවිදිනව මං මෙ දැන් මේ බ්ලොග් එක කියවන ඔයා ගෙ ලඟින් ම ඉඳගෙන ඔයාගෙ හිත ඇතුල කියවනව මොකද මට ඒ අපරාධය කලේ ඔයා වෙන්නත පුලුවන් නිසා මංආත්ම ගනනක් තිස්සෙ ඔහුගෙන් පලිගත්තා තවත් තිස්සෙ ඔහුගෙන් පලිගත්තා තවත් කාලයක් මට එය කරන්න අපහසු නෑ ...................   *

*
*
*
*
හු හූ ..... බය උනා නේද අන්න ඒ වෙලාවෙ මට හිතුනෙ එහෙම තමයි ඔන්න  හෝන් එක ගහගෙන ආපු බස් එක මගේ ගාවින් නවැත්තුව ඒකත් පරන සීටීබී ලදරමක් එහෙන්මෙහෙන් කෑලි එල්ලෙනව ඇතුලෙ තියන කහපාට ලයිට් හතර නිසා ඒක තවත් හොල්මන් පාටයි ඔන්න ඉතින් මම බස් එකට නගින්න ෆුට් බෝඩ් එකට කකුල තිබ්බ විතරයි මගේ දකුනු කන පැත්තෙන් මට ඇහෙනව උඹ කොහෙද යන්නේ.............. ඔහොම හිටපාන්................... ! උඹට තමයි කොල්ලො කියන්නේඋඹට තම යී..................    !

බොහොම රහසිනුයි මේක කියන්නෙ මගේ බය දෙගුන තෙගුන වෙලා ගියා මං බස් එකේ හිටපු සේරගෙම මූනු දිහා බැලුවා ඒත් ඒ අයට මේක ඇහෙන්නෙ නෑ වගේ තාමත් ඒත් මට ඒ සද්දෙ ඇහෙනව අහෙනව වගේ ඒමදිවට ඉස්සරහ දොරේ උන්නු කොන්ද මගෙන් අහනව තමුසෙ නගිනවද නැද්ද කියල මට දැන් කලන්තෙට වගේ ඒත් ඉතින් කරන්න දෙයක් නෑ හිතට ෆුල් වෙර අරගෙන මං නැ ග්ග බස් එක ඇතුලට  


අනේ කරුනාවන්ත අක්ක කෙනෙක් පිටිපස්සෙම සීට් එකේ ඉඳන් හිටපු මගේ දුක පෙනිලාදෝ කොහෙද මට නැගිටල දුන්න සීට් ඒක ඉඳගන්න අනේ හිතේ ස්තුටින් මං ඒ සීත් එකේ ඉඳගත්ත ඕන් බස් එක මහ බස් නැවතුමටත් ආව කියමු කො මට ආයෙ ඇහෙනව අර සද්දෙ ඒවෙන විදිහකට මේපාර වම්කන පැත්තෙන් කෝක්ටත් කියල මං හැරුන  වම්පැත්තට ඕන්න එතකොටයි මට පෙනුනෙ මගේ වම් පැත්තෙ ජනේලෙ ගාව ඉන්න ඩයල් එක ඉන්න පොසිශන් එක ටිකාරියක් විතර ආන්ජවිකයි කියල මෑන් ස් ගාවින් හොඳ වෙල් (අර වැදිහිටියන්ට පමනයි ජාතිය) අන්න ඒ ගඳකුත් වහනය වෙමිනුයි තිබ්බෙ  මට සැනින් අක්ක නැගිතින්න හේතුවත් මට ඇහුන ශබ්ධය ගැනත් වැටහුනා එතකොටය් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඕං ඉතින් මට එහෙම්මම බස් එකේ සුව සිහින පෙනි පෙනි නින්ද ගියා  ටවුන්හෝල් එකට නින්ද ගියා   ඊට පස්සෙ සතුටින් ගෙදර ගියා ඔන්න ඔහොමයි මගේ අභූත කතාව ඉවර උනේ  ඒත් තාම ඉවර නෑ තව ඇත්තම ඇත්ත අභූත කතා ගොන්නක් ගෙදර පැක් එකේ තියනව ඒව අතර ඇත්ත කතා බොරු කථා විහිලු කථා යහලු කථා ආදර කථා  හෙමත් අදු නතුව තියනව තව ඉස්සරහට ඒවත් බලන්නකො දැනට වෙලාව තියන හැටියට මේකටත් කොමෙන්ට් පාරක් දාන්නකො....! 



Sunday, March 4, 2012

අමුතු ගඳක්...!

අදත් ඔහේ ගෙවිල ගිය එක සෙනසුරාදාවක් විතරයි ගෙදරට වෙලා පරිඝනක තිරය ඉස්සරහ මුව අයා ගෙන බලන් ඉඳල මගේ ජේවිතේ ද්වස් කීයක් නම් ඔහේ ගෙවිල යන්න ඇත්ද අයි මම මේ කාලය නිකන් නස්තිකරන්නෙ දහසකුත් එකක් ප්ප්න මද ත්නිවෙලා උන්නු වෙලවක නහයට අමුතු ගඳක් දැනුනොත් ....


මොකක්ද ඒ
අද මගේ අන්තිම බ්ලොග් වෑයම දියත් කරන්නය් හදන්නෙ මේ බ්ලොග් පිටුව ඔයගොල්ලො මෙච්චර කල් හිතාගෙන හිටපු සම්මත ලෝකෙන් පිට එකක් නං මට බනින්න එපා පුලුවන් ඉක්මනින් අයින් වෙන එක මං අනුමත කරනව බොහොම සාමන්‍ය එදිනෙදා ජේවිතේ දි අත්දකින මගේ සිතුවිලි ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වෑයම