සොල්දරය




මෙම සිද්ධිය සිදු වූ දිනක් හෝ කාල වකවානුවක් මාගේ මතකයේ නැත. ඒ වන විට මා කුඩා දරුවෙකුව සිටි බැවිනි . නමුත් මෙමෙ සිදුවීම මා හට කිසිදා අමතක නොවෙනු ඇති මක් නිසාද යත් මාගේ ජීවිතය තුලදී මවිසින් අත්දුටු දෙවන අත්භූත සිදුවීම මෙය වන බැවිනි .
එදින වැහිබර දිනයක් විය අ හස  අඳුරුව පැවති අතර කාලයක් තිස්සේ අවුකාස්ටකය වියලුනු පොලොව තෙතමනය ලැබීමෙන් නැවුම් සුවඳ විහිදුවයි සිසිල් කාලගුනය සුව නින්දට මනා  පිටිවහලකි . එදින අප නිවසේ සියලු දෙනාම සිටි දිනයකි . 
මේගැන කථා කරන විට අප නිවස ගැන ද නොපවසා බැරි බව නම් කිවයුතුමය . කොළඹ  හදවත බඳු වූ මරදාන ප්‍රදේශයේ ඉතාමත් ජනාකීර්න නගර මධ්ය්‍යක අප නිවස පිහිටා ඇති මුත් මෙම නිවස අවමය සියවසක් පමනවත් පැරනි බව මාගේ  පියා නිතර පවසන කරුනකි. කාලයත් සමග අවට වටපිටාවේ වූ ගොඩනැගිලි සත්මහල් පායවල් බවට පත් වෙද්දී අප නිවස එම යෝධයන් මැද අඟුටුමිට්ටෙකු මෙන් තවමත් නැගී සිටීම සතුටට කරුනකි  .
මාකුඩාකල පටන් ප්‍රියකල හොල්මන් හෝ අත්භූත කථාන්තර වල එන ගුප්ත හැඟීම දනවන්නට මෙම නිවසට ඇත්තේ පුදුම හැකියාවකි. බොහෝ පැරනි නිවෙස් වලට පොදු වූ ලක්ශනයක් වනමුදුන් වහලය සහ මුදුන් පරාලය මෙන්ම සිංහල උලු ඇතිරූ වහලය  නිවසේ ගුප්ත බව තව තවත් ඉහල නංවයි. තවද මෙම නිවසේමුදුන් වහලය පොලොව මට්ට්මේ සිට අඩි විස්සක් හෝ තිහක් පමන ඉහලින් පිහිටා තිබුනි එම නිසා අප නිවස වත්මන් දෙමහල් ගොඩනැගිල්ලකට වඩා කෙටි වෙයි නම් ඒ අඩියක් හෝ දෙකක් පමනි .තවත් මා සිත්ගත් අංගයක් වූයේ නිවසේ මුදුන් වහලයට යටින් වූ කෑමකාමරයේ බිත්ති හතරේ එකිනෙකට සමාන්තරව දෙපසින් වූ හතරැස් සිදුරු පේලියුගල  දෙකයි එක් බිත්තියකට සිදුරු තුන බැගින් මෙලෙස සිදුරු කර තිබීම මගේ කුතුහලයට තුඩු දෙන්නක් විය. මෙම ගැටලුව නිරාකරනය වූයේ දිනක් මා පාසැල් ඇරී නිවසට පැමිනෙන විටමගේ පියාත් ඔහුගේ මිතුරෙකුත් එකතුවී  එම සිදුරු වලට දිගු පරාල ඔබ්බවා ඒමත සොල්දරයක් ඉදිකරනු දුටුවිටය. 
මෙම සොල්දරය වෙත නැගීමට පඩිපෙල ඉදි කලේ මාගේ පියා ඔහුගේ දෑතින්මය .


දිනක් මාගේ මව මෙසේ විමසයි  ''මෙහෙ කලින් තිබුනු සොල්දරේට
 ''මෙහෙ කලින් තිබුනු සොල්දරේට මොකද උනේ'' 
එවිට තාත්තාගේ හැසිරීම එය ගනන් නොගත්තාක් මෙනි 
'' ආහ් ....... ඉසර ඕකෙ හිටියෙ අපේ අම්ම අම්ම නැති උනාට පස්සෙ ඕක දිරල ගිය නිසා කඩල දැම්ම '' 
පසුකාලීනව මෙම සොල්දරය  බෝඩිං කරුවන් ස්ඳහා කුලියට දෙනුලැබීය . වැඩිමනක් මෙහි නවාතැන් ගත්තෝ ගැහැනුය ..  බෝඩිං කරුවන්ද  හොඳ ආදායම් මාර්ගයකි නමුත් එය කරදරකාරීය නොබොකලකින්ම බෝඩිම වැසීගිය බැවින් සොල්දරය මා විසින් අයිති කරගන්නාලදි .
මෙය මාගේ වයසේ දරුවෙකුට විටක රජවාසලකි විටක හමුදා බංකරයකි .මන්ද යත් එය අඳුරුය විදුලිබුබුලක් නැත්නම් දිවාකාලයේ වුව යමක් දැකබලා ගැනීම අපහසුය  මෙහි බටහිර පැත්තට වන්නට පාර දෙසට විවරවූ කුඩා කවුලුවකි සොල්දර කාමරය පුරා විසිරයන්නේ මෙම කවුලුවෙන් ඇතුල්වන ආලෝකය පමනි ඒ හැර එහි තව ඇඳදෙකක් වෙයි මා තවම නිදාගන්නේ ඉන් එක් ඇඳකය . 
නැවත මෙම සිද්ධිය සිදුවූ දින වෙත මසිත ගමන් කරයි එදින මම සිටියේ ඇඳ මත සුවසේ නිදමිනි  අඩ නින්දේ‍ය . හිටිගමන් ඇදහැලුනු වැස්සේ හිරිකඩ හොඳින් හෙවිල්ලා තිබූ සිංහල උලු අතරින්ද රිංගා ඇවිත් මාවෙත සිසිලක් ගෙනෙයි .
මේ අතර කවුරුන් හෝ සොල්දරය වෙත නගින බව එහි ලී පඩි පෙලෙහී ඇතිවන ක්‍රීස් ... හඬින් අඩ නින්දේපසුවන මා හට  ඇසෙයි .දැන් එන පුද්ගලයා තරප්පු පෙල නැග අවසන් ය හේ හෙමින් හෙමින් ලෑලිසොල්දරය මත අඩි තබමින් මා සිටින ඇඳ වෙතට එන බව දැනෙයි ඔහ්ගේ බරට ලෑලි සොල්දරය දෙදරන ගතිය මට මනාව තේරෙයි . මෙලෙස දෙදරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි බොහොවිට මෙවන් වෙලාවට මා අසලට එන්නෙ අම්මා  බැවින් මාහට කිසිඳු චකිතයක් නොදැනෙයි පැමිනි අය මගේ දෙපා අසලින් ඇඳේ හිඳගත්තේ ය . ඒනම් අම්මාම වියයුතුය මන්ද වෙනත් කිසිවෙකු එලෙස මා අසල හිඳනොගන්නා බැවිනි වැස්සෙ සීතල නිසාවෙන් මම අම්මාගේ උනුසුමට තුරුලුවුනෙමි අම්මා දෙසට හැරී ඇඳේ ගුලි වුනෙමි . කිසියම් හේතුවක් නිසා මට අම්මා හට කතා කිරීමට උවමනා විය  මම අම්මේ යැයි පවසා දෑස් විවර කලෙමි . පුදුමයකි කාමරයේ කිසිවෙකුත් නැත . යමෙක් ආපසු ගියානම් තරප්පු පෙලේ ලෑලි සෙලවෙන හඩ හෝ සොල්දරය දෙදරන  හඬ ඇසියයුතුමය  . මේ සිදුවූයේ කුමක්ද  ආවේ කවුද  මට පෞද්ගලයෙකු මා අසල සිටිනවාක් මෙන් උනුසුමක් දැනුනේ කෙසේද ? මගේ හිත දෙගිඩියාවෙන් හා ච්කිතයෙන් පිරී ගියේ ය මට ඉතා ඉක්මනින් අම්මාට කතාකල යුතු වුවත්  මුවින් හඬ පිට නොවුනි . මම වහාම අම්මා වෙත දිව ගියෙමි . සිදුවූ සියල්ල අම්මාට පැවසුවෙමි . තාත්තා නම් කියන්නෙ මා මනස්ගාත දොඩවන බවකි නමුත් මාහට එය සිදුවූවාම යැයි විශ්වාසය . පසුව අම්මා පිරිත් කරන ලද වතුර වීදුරුවක් මා හට බොන්නට ලබාදුන්නේ ය . කාලයාගේ ඇවෑමෙන් මාගේ සිතෙහි වූ බිය පහවිය. තවමත් නිදාගන්නේ සොල්දර කාමරය තුල බව කිවයුතුය . 
අප නිවසේ මා මුහුන දුන් පලමු අත්භූත සිදුවීම මෙයයි . මෙම නිවස මුල් කරගෙන තවත් බොහො අත්භූත සිදුවීම් සිදුවී ඇත  මම ඒවා පසුවට කිවීමට ඉතිරි කර මි .. 






No comments:

Post a Comment