ගම්භාර දෙවියො (ගොපල්ලා)


මෙන්න මේකයි කතාව ඒදවස් වල අපේ අම්මලගෙ පවුලෙ අය දෙනියයෙ ඉන්න කාලෙ ඒගෙදර ඔය කිව්වෙ  අපෙ ආච්චිගෙ මල්ලිගෙ ගෙදර එහේ   ඉඳල තියනව කිරි වැස්සියො දෙන්නෙක් එක වැස්සියෙක්ගෙන් දවසකට කිරි බෝතල් දොලහක් දොවාගන්න පුලුවන් ලු ඔන්න ඒදවස් වල අපේ ආච්චි තමය් මේවැස්සියන්ගෙන් කිරිදොවාගෙන තියෙන්නෙ ආච්චි හැමදාම උදේ පාන්දර හයට යනවලු කිරිටික දොවාගන්න ඉතින් පාන්දර හයට ආච්චිව ඇහැරවන්න ආච්චිගෙ මල්ලි උදෙන්ම නැගිටල එලියෙන් ඇවිල්ල කාමරේ ජනේලෙට තට්ටුකරල කිය්නවලු අක්කෙ නැගිටල කිරිටික දොවපන් කියල ඉතින් ආච්චි නැගිටල  මල්ලිගෙ පිට්පස්සෙන් යනවලු හරක් මඩුව පැත්තට  ඔය යනකොට උදේ පාන්දර සීතල නිසා පොඩි සීය ඒකියන්නෙ ආච්චිගෙ මල්ලි ඔලුවට සුදු රෙද්දක් පොරෝගෙන ලු මඩුව පැත්තට යන්නෙ ඉතින් ආච්චි කිරිටික දොවල ඉවර වෙනකන් පොඩි සීය ලඟට වෙලා ඉන්නවලු  


ඔන්න එක දවසක් උදේ පොඩි සීය වෙනද වගේම කාමරේ ජනේලෙට ගහනවලු  ඒත් කතාවක් නැහල්ලු ඉතින් වෙනදට වඩා පරක්කු වෙලා ඇති කියල හිතල ආච්චි නැගිටල එලියට ගියාලු වෙනදට වඩා එදා අඳුර වැඩියි ලු සීය අතේ කෙවිටකුත් අරගෙන මුලු ඇඟම වැහෙන්න සුදු රෙද්දක් පොරවගෙන ඉන්නවලු ජනේලෙ ගාවට වෙලා  ආච්චි ගියා විතරයි මෙන්න සීය කිසි කතාවක් නැතුවම හරක් මඩුව පැත්තට යනවලු හෙමින් හෙමින්  ඉතින් ආච්චිත් පස්සෙන් යනවලු ඔය යනකොට ගෙදර සමන් පිච්ච ගහේ මල් පිපිල පලාතම සුවඳ ලු  ආච්චි හරක් මඩුව පැත්තට ආවලු ඉතින් වතුර කලේ අරගෙන වැස්සිගෙ බුරුල්ල හෝදල කරල කිරි දොවන්න ගත්තලු ඒත් කිරි එන්නෙ නැහල්ලු ආච්චි ඉතින් කිහිප විටක්ම උත්සහ කරල මේක වෙන්න බැරිදෙයක් නිසා ඕක පොඩි සීයට කියන්න පස්ස හ්හ්රුනලු ඒ හැරෙද්දි පිටිපස්සෙ පොඩිසීයත් න්න්හැල්ලු ආච්චි ඉතින් හොඳටම බය වෙලා ආපස්සට ගෙට දුවගෙන ඇවිත් ඉතිපිසෝ ගාථාව කියල ලාම්පුවක් පත්තු කරන් ඔරලෝසුවෙන් වෙලාව බැලුවලු වෙලාව රෑ දොලහ මාරට විතර ඇතිලු  ඉතිත් ආච්චි එහෙම්මම නිදා ගත්තලු පහු වෙනිද කිරි දොවද්දි කිරි බෝතල් දොලහක් දොවන වැස්සිගෙන් ලැබුනෙ කිරි බෝතල් අටක් විතරලු ඔන්න ඕකයි සිද්ධ සූනියම් නැත්තන් ගම්භාර දෙවියො නැත්තං ගොපලු යක්ශය ගැන මන් දන්න කතාව  
                       පොඩිසීයගෙ වෙසින් පෙනීහිඳල තියෙන්නෙ ගොපලු යකා කියලයි අච්චි නං කියනෙ තව මෙහෙම කතාවකුත් තියනව ගොපලු යක්ශය ඔය විදිහට කිරිදොවන අයට එයාගෙ කෙවිටෙන් පහර දෙනවය කියල එතකොට පහර කාපු කෙනා පනනැතුව ඇදන්වැටෙනවා.ඔය ගොපලු යක්ශයා නැත්තම් ගම්භාර දෙවියො එන්නෙ කෙම්මුර දවස් වල ලු කෙම්මුර දවස්නං මට මතක නෑ ගොපල්ල එන වෙලාවට බල්ලො උඩුබරනවලු එඑදුබුරන බල්ලන්ට අනිවාර්ය කෙවිට පාරක් වදිනවය කියලයි  කියන්නෙ පස්සෙ උෟට පස්සෙ කකුල් පන නැති වෙන ලෙඩක් හැදිල මැරෙනවලු  අනික තමයි සමන්පිච්ච මල් පිපිල තියන වෙලාවට සමන්පිච්ච පඳුර ගාව සුදු ඇන්දගත්ත උස මනුස්සයෙක් පේනවලු ඒත් මෙයාම ලු අඳුනගන්න පුලුවන්ලු අතේ තියන කෙවිටෙං ඔය කෙවිටෙ මහා හාස්කම් තියනවලු මෙයා සමන් පිච්ච පඳුර ලඟ ඉන්දෙදි කෙවිට උදුර ගන්න පුලුවන් උනොත් මේ කෙවිට ලඟ තියාගත් කෙනාට භව බෝග සම්පත් උතුරනවලු 
                      නමුත් ඉතින් අනුන්ගෙ දේ හොරකම් නමුත් ඉතින් අනුන්ගෙ දේ හොරකම් ක නමුත් ඉතින් අනුන්ගෙ දේ හොරකම් කරල ගන්න සම්පත් වලින් ඇති ඵලේ මොකක්ද තමන්ගෙ දාඩිය මහන්සියෙන් දෙයක් උපයනව ඇරෙන්න  අනෙක මේ කෙනා ගොවියන්ට උදවු කරනව ගොවි මහත්තුරු තමන්ගෙ කිරි ඵලදාව වැඩි කරන්න කියල භාර වෙන්නෙත් ගම්භාර දෙවියන්ටයි 
            

1 comment:

  1. Gambara daiyo (suniyam daiyo) kiyanne gopalu yakata namai. A dannek.

    ReplyDelete