Saturday, March 24, 2012

ගම්භාර දෙවියො (ගොපල්ලා)


මෙන්න මේකයි කතාව ඒදවස් වල අපේ අම්මලගෙ පවුලෙ අය දෙනියයෙ ඉන්න කාලෙ ඒගෙදර ඔය කිව්වෙ  අපෙ ආච්චිගෙ මල්ලිගෙ ගෙදර එහේ   ඉඳල තියනව කිරි වැස්සියො දෙන්නෙක් එක වැස්සියෙක්ගෙන් දවසකට කිරි බෝතල් දොලහක් දොවාගන්න පුලුවන් ලු ඔන්න ඒදවස් වල අපේ ආච්චි තමය් මේවැස්සියන්ගෙන් කිරිදොවාගෙන තියෙන්නෙ ආච්චි හැමදාම උදේ පාන්දර හයට යනවලු කිරිටික දොවාගන්න ඉතින් පාන්දර හයට ආච්චිව ඇහැරවන්න ආච්චිගෙ මල්ලි උදෙන්ම නැගිටල එලියෙන් ඇවිල්ල කාමරේ ජනේලෙට තට්ටුකරල කිය්නවලු අක්කෙ නැගිටල කිරිටික දොවපන් කියල ඉතින් ආච්චි නැගිටල  මල්ලිගෙ පිට්පස්සෙන් යනවලු හරක් මඩුව පැත්තට  ඔය යනකොට උදේ පාන්දර සීතල නිසා පොඩි සීය ඒකියන්නෙ ආච්චිගෙ මල්ලි ඔලුවට සුදු රෙද්දක් පොරෝගෙන ලු මඩුව පැත්තට යන්නෙ ඉතින් ආච්චි කිරිටික දොවල ඉවර වෙනකන් පොඩි

Friday, March 23, 2012

බෙලිගල්ලෙන බංගලාව


බෙලිගල්ලෙන බංගලාව


අද මගේ කතාව අර මම කලින් කියපු අපේ අම්මල ඉස්සර පදින්චි වෙලා හිටපු බෙලිගල්ලෙන බංගලාව ගැනයි .කොහොම හරි මේ බංගලාව බොහොම පරන සුද්දගෙ කාලෙ හදපු එකක් කියල තමයි අපෙ අම්ම මට කිව්වෙ . මේබංගලාවෙ පදින්චි වෙලා හිටපු සුද්දෙක් හිටපුකාමරේම බෙල්ලෙවැල දාගෙන මැරිල තියනව මේ බංගලාවෙ ගැන අපේ අම්ම කියපු පලවෙනි හොල්මන් කථාව තමයි ඒ කාමරේ ගාවින් කවුරු හරි යද්දි කාමරේ ඇඳේ කවුරු හරි ඉඳන් ඉන්නව හොර ඇහැට පේනවලු හොඳට හෙලවෙනව එහෙමත් පේනවලු ඒත් ඒදිහා හැරිල බැලුවහම කවුරුත් නැහැල්ලු  . මේකාමරේ ගාවින් යන ඕන කෙනෙක්ට මේක සාමාන්‍ය සිද්ධියක් ලු ඒත් මේකට කවුරු බය වෙන්නෙ නෑ කියලයි කියන්නෙ සුද්ද  මලා කියල කියන්නෙ  ආදර හුටපටයක් නිසාලු