Tuesday, March 6, 2012

මෙය සත්‍ය සිදුවේමකි


මෙය සත්‍ය සිදුවේමකි

මෙය සත්‍ය සිදුවේමකි කවුරුත් මාව ජොකෙ එකට ගන්නව හෙම නෙවෙයි හොඳේ එහෙම කලොත් යකා ගහයි කියල තමයි කියන්න වෙන්නෙ .......!
එදත් වෙනද වගේම මං උසස් පෙලට පාඩම්කරන්න දයාන්ලගෙ ගෙදර ගියා වෙනද වගේම රෑ වෙනකන් පාඩම් කරකර හිටපු නිසා මටගෙදර යන්නත් පරක්කු උනේ නොදැනීම වගේ
ඉතින් රෑ දහයට එකොලහට විතර මං දයාන් කාරයවිතර මං දයාන් කාරයගෙ ගෙදරින් එලියත බහින්න කියලයි හිතාන උන්නෙ ඕන් එක සැරේටම දයාන්ගෙ අම්ම මට කියාපි පුතා අද ගෙදර හදපු රෝල් ස් වගයක් තියනවය තාම උනුය ගෙදර ගොහින් අම්මට දෙන්නය කියලඅනේ ඉතින් මමත් අර බැදුම් පසුම්බිය මගේ පොත් මල්ල ඇතුලට දාගෙන දයාන්ලගෙ ගෙදරින් එලියට බැහැපි ඔය අස්සෙ දයානය කෑගහනව උඹට පිස්සුද බං මේ මහ රෑ ඔය තෙල් බැදුම් අරගෙන තට්ට තනියම යන්න ඔහෙ හිටපන් මමත් කමිසයක් දාගෙන එනකන් ය කියල අනේ ඉතින් මිනිහගෙ අක්කත් ඕකම කියකිය මට වද දෙන්න ගත්ත එහෙව්වෙලා නැවතුනානන් මදැය් මේන් මුගෙ අම්මත්  ඕක කියන්න ගත්ත  අනේ  ඉතින් මට ගෑනු දෙන්නෙක් ඉස්සරහ චා වෙන්න පුලුවනැයි මං ගත්ත කටටම කියපි නෑ ඇන්ටි මට තනියම යන්න පුලුවන් ය කියල වීරය වගේ ගේට්ටුවෙනුත්  එලියට බැහල හෙම ගාටන්න ගත්ත  


#දෙවනි කොටස


ඕං ඉතින් මං දයාන්ලගෙ ගෙදර ඉඳල මහපාරට එන්න තියන දිග පාරෙ තනියම ඉස්සරහට යනව කොහෙද මං කොලඹ උනාට දයානය ඉන්නෙ ඩොටේ කැස්බෑව පැත්තෙ තවත් ඇතුලට වෙන්න තියන ඉසුරු පුර දෝකොහෙදෝ කියල හෙනම ඇතුලෙ තියන පාරක පාරෙ දෙපැත්තෙ ගෙවල් තිබුනට මොකද මේ රෑ එක ගෙදරකවත් එලියක් පේන්නවත් නෑ ඕං ඔය අස්සෙ තමයි මගේ හිතට බය ටිකෙන්ටික ටිකෙන්ටික ඇතුලු වෙන්න ගත්තෙ ඔය පාරේ මගක් දුර එද්දි තිබුනා තුන්මං හන්දියක් ඕකෙ පැත්තකින් මහා රූස්ස කොස්ගහක් එහෙමත් වැවිල යන්තමට පේන්න තියන හඳ එලිය වත් පේන්නෙ නැහැ   සිංහලෙන් කියනවනං පාර පට්ටම කලුවර්යි 
කොහොමෙන් හරි මං කොස් ගහ යටට ආවාය කියමුකො ඔය අස්සෙ තුන්මං හන්දිවල ඉන්න අස්සෙ තුන්මං හන්දිවල ඉන්න මෝහිනී ගෙ කථා එහෙම මතක්වෙලා මං තවත් බයේ ගැහෙන්න ගත්ත එක සැරේටම චෑස් ගාගෙන මාවවුල්ලු ඉගිල්ල්ද්දි මගෙ ඇඟෙ රෝම කෙලින් උනේ නොකෙලින් උනේ නොදැනීම වගෙයි වැදිදුරක් යන්න කලින් ඔන්න මහපාරෙ වාහන යන සද්දෙ එහෙම අහෙන්න ගත්ත හිතේ බය පොඩ්ඩක් විතර අඩුවෙලා ගියා වගේ දැනුන මං පාරට ස්ස්න්දු වෙලා බස් නැවතුමටත් හිමින් කිට්ටු උනා මගේ කරුම වෙලාව ඒවෙනකොට යන්න තිබ්බ අන්තිම බස් එකත් ගිහින් ඉවරයි 
මදැයි මෙහෙම කරුම දවසක් දැන් ඉතින් පයින්ම ගාටපන්කො...! දැන් ඉතින් පයින්ම ගාටපන්කො ලොකු බස් ස්ටෑන් ඩ් එකට  ඔක්කොමත් හරි දැන් මහපාරෙ එක වාහනයක්වත් නෑ ඒ මදිවට මහ පාරෙත් යන්න තියෙන්නෙ කනත්ත පහුකරගෙන ඕන් ඉතින් මාත් ඇරසොයිසා ඕන් ඉතින් මාත් ඇරසොයිසා කියල කනත්ත පැත්තට ගාටනව හෙමින් හෙමින් ඔය අස්සෙ පාරෙ රැට බුදියගන්න බලු රොත්තම මාව දැකල උඩු බුරන්නත් ගත්ත මහ මූසල විදිහට පාරෙ එක මිනිස් පුලුටක් නෑ ඒ මදිවට තෙල් බැදුම් පොට්ටනියක් බෑග් එකේ ඇතුලෙ අනේ දැන් ඉතින් මට හීන්දාඩිය දාගෙන එනව මොකද දැන් මම ඉන්නෙ කනත්ත ඉස්සරහ නිසා ඕං කනත්තෙ ඇතින් පේනව පුන්චි එලියකුත් ටිකටික ලොකු වෙනව වගේ මට හිතෙනව  
එක පාරටම මගේ පිටිපස්සෙන් පෑංං කියාගෙන හෝන් පාරක්  ගහගෙන ආවෙ නැද්ද බස් එකක් මං එතනම යට උනා ඒකට මගේ ජීවිතේ අකාලේ නැතිකරපු ඩ්‍රයිවරයව හොය හොයා මං තාමත් ඇවිදිනව මං මෙ දැන් මේ බ්ලොග් එක කියවන ඔයා ගෙ ලඟින් ම ඉඳගෙන ඔයාගෙ හිත ඇතුල කියවනව මොකද මට ඒ අපරාධය කලේ ඔයා වෙන්නත පුලුවන් නිසා මංආත්ම ගනනක් තිස්සෙ ඔහුගෙන් පලිගත්තා තවත් තිස්සෙ ඔහුගෙන් පලිගත්තා තවත් කාලයක් මට එය කරන්න අපහසු නෑ ...................   *

*
*
*
*
හු හූ ..... බය උනා නේද අන්න ඒ වෙලාවෙ මට හිතුනෙ එහෙම තමයි ඔන්න  හෝන් එක ගහගෙන ආපු බස් එක මගේ ගාවින් නවැත්තුව ඒකත් පරන සීටීබී ලදරමක් එහෙන්මෙහෙන් කෑලි එල්ලෙනව ඇතුලෙ තියන කහපාට ලයිට් හතර නිසා ඒක තවත් හොල්මන් පාටයි ඔන්න ඉතින් මම බස් එකට නගින්න ෆුට් බෝඩ් එකට කකුල තිබ්බ විතරයි මගේ දකුනු කන පැත්තෙන් මට ඇහෙනව උඹ කොහෙද යන්නේ.............. ඔහොම හිටපාන්................... ! උඹට තමයි කොල්ලො කියන්නේඋඹට තම යී..................    !

බොහොම රහසිනුයි මේක කියන්නෙ මගේ බය දෙගුන තෙගුන වෙලා ගියා මං බස් එකේ හිටපු සේරගෙම මූනු දිහා බැලුවා ඒත් ඒ අයට මේක ඇහෙන්නෙ නෑ වගේ තාමත් ඒත් මට ඒ සද්දෙ ඇහෙනව අහෙනව වගේ ඒමදිවට ඉස්සරහ දොරේ උන්නු කොන්ද මගෙන් අහනව තමුසෙ නගිනවද නැද්ද කියල මට දැන් කලන්තෙට වගේ ඒත් ඉතින් කරන්න දෙයක් නෑ හිතට ෆුල් වෙර අරගෙන මං නැ ග්ග බස් එක ඇතුලට  


අනේ කරුනාවන්ත අක්ක කෙනෙක් පිටිපස්සෙම සීට් එකේ ඉඳන් හිටපු මගේ දුක පෙනිලාදෝ කොහෙද මට නැගිටල දුන්න සීට් ඒක ඉඳගන්න අනේ හිතේ ස්තුටින් මං ඒ සීත් එකේ ඉඳගත්ත ඕන් බස් එක මහ බස් නැවතුමටත් ආව කියමු කො මට ආයෙ ඇහෙනව අර සද්දෙ ඒවෙන විදිහකට මේපාර වම්කන පැත්තෙන් කෝක්ටත් කියල මං හැරුන  වම්පැත්තට ඕන්න එතකොටයි මට පෙනුනෙ මගේ වම් පැත්තෙ ජනේලෙ ගාව ඉන්න ඩයල් එක ඉන්න පොසිශන් එක ටිකාරියක් විතර ආන්ජවිකයි කියල මෑන් ස් ගාවින් හොඳ වෙල් (අර වැදිහිටියන්ට පමනයි ජාතිය) අන්න ඒ ගඳකුත් වහනය වෙමිනුයි තිබ්බෙ  මට සැනින් අක්ක නැගිතින්න හේතුවත් මට ඇහුන ශබ්ධය ගැනත් වැටහුනා එතකොටය් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ ඕං ඉතින් මට එහෙම්මම බස් එකේ සුව සිහින පෙනි පෙනි නින්ද ගියා  ටවුන්හෝල් එකට නින්ද ගියා   ඊට පස්සෙ සතුටින් ගෙදර ගියා ඔන්න ඔහොමයි මගේ අභූත කතාව ඉවර උනේ  ඒත් තාම ඉවර නෑ තව ඇත්තම ඇත්ත අභූත කතා ගොන්නක් ගෙදර පැක් එකේ තියනව ඒව අතර ඇත්ත කතා බොරු කථා විහිලු කථා යහලු කථා ආදර කථා  හෙමත් අදු නතුව තියනව තව ඉස්සරහට ඒවත් බලන්නකො දැනට වෙලාව තියන හැටියට මේකටත් කොමෙන්ට් පාරක් දාන්නකො....! 



2 comments:

  1. හික් හික් මරු...මමත් කැස්බෑවෙ....මේ බ්ලොග් එකෙ කියල තියෙන ගොඩක් තැන් මම දන්නව...අර සන්ගමිත්තාරාමය එහා පැත්තෙ තියෙන ගෙදර එහෙම...(සන්ගමිත්තාරාමය නේද එකෙ නම..හරියට මතක නෑ)

    ReplyDelete
  2. O.o ම් ම් ඒහැටි මතකයක් නං නෑ අර විසාල වත්තක් එහෙම තියෙන්නෙ :D

    ReplyDelete