Saturday, May 11, 2013

කුස්සියේ හොල්මන්


කුස්සියේ හොල්මන්

මේ කතාව සිද්ද වෙලා තියෙන්නෙ එක්දාස් නවසිය අනු එක දෙක විතර කාලෙදි. ඒ දවස් වල අපේ අම්ම වැඩ කරල තිබු‍ෙන බම්බලපිටියෙ මට ආයතනෙ නම මතක නෑ. gem cutter  කෙනක් විදහට. ඔය ආයතනෙ රෑ වැඩ මුරක‍ාරයන්ට ඇහෙනවලු කුස්සියෙන් පිඟන් විසිවෙන හෝදන පයිප්ප වැඩ කරන හඬවල් හරියට ඇතුලෙ කවුරැහරි ඉඳගෙන උයනව කෑම බෙදනව වගේ. එ්ත් ඇතුලෙන් අගුලු දාලලු තියෙන්නෙ. උදේ පාන්දරට දොරවල් අරිද්දි පයිප්ප එහෙම ඇරල දාල තියනවලු. අවාසනාවකට අද ඒ ආයතනෙ එතන නෑ බංකොලොත් වෙලා අයිතිකාරයො විකුනල ගිහින් මෑතක් වන තුරැ ගරාවැටිච්ච ගොඩනැගිල්ල තිබුන දැන් මං හිතන්නෙ එතන වෙන ගොඩනැගිල්ලක් හදල ! මේ වගේම තව කතා තියනව
බෙලිගල්ලෙන බංගලාව ටත් ගිහින් බලන්න

Wednesday, May 8, 2013

නාග මානික්‍යය


නාග මානික්‍යය

මේ කතාව මට අහන්න ලැබෙන කාලේ තමයි එල්ටීටීඊ එකෙන් කොටුවෙ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනේ එතකොට මම පාසල් ගිහින් යන්තම් අවුරැදු දෙකයි. මේ කතාව මම ලියන මේ අවුරැද්දෙ යුද්දෙ ඉවරවෙලා අවුරැදු හතරකුත් ගතවෙලා.

ඒ දවස්වල අපේ ගෙදර ගෑනු ලමයින්ට බොඩිමක් තිබුනා. සමහර දවස්වල රෑට මේ බොඩිම් අක්කල එකතුවෙලා හොල්මන් කතා කියනව මම හරි ආසයි මේව අහගෙන ඉන්න. ඉතින් ඉස්කෝල ගෙදර වැඩ ටික අතපහු කරල හරි රෑතිස්සෙ අක්කල කියන කතා අහගන ඉන්නව.

බොඩිමට අලුතෙන්ම ආව අනුරාධපුර පැත්තෙ අක්ක කෙනෙක් මෙයා ඒලෙවල් එහෙම හොඳට සමත් ගෑනුලමයෙක් කැම්පසුත් සිලෙක්ට් වෙලා ඒත් ගිහින් නෑ එයා කලේ සිකියුරිටි ජොබ් එකක් විස්වාස කරන්නත් අමාරැයි නේද ඒත් මේක ඇත්තක් මට මේ මෑත දවසක් අපේ අම්ම ඔය ගැන කිවුවම මමත් පුදුම වුනා.