අභූත කථාව මහසෝනා


මේ කතාව වෙලා තියෙන්නෙ මම ඉපදෙන්න තියා හිතලවත් නැති කාලෙක  ඔන්න ඒ දවස්වල අපේ පුන්චි අම්මල  එහෙම පොඩි කෙල්ල කාලෙ ලු ඉතින් අපේ සීය ඒකියන්නෙ අපේ අම්ම ගෙ තාත්ත නැතිවෙලා අවුරුද්දක් විතර වෙද්දි අපේ අම්මල ගෙ පවුලෙ සේරම ගිහින් තියනව දෙනියායෙ ඒකියන්නෙ අපේ ආච්චි ගෙ මල්ලිගෙ ගෙදර පදින්චියට ඔය අස්සෙම තමයි අපේ ආච්චිගෙ මල්ලි නැත්තන් පොඩි සීයා පෙලවහක් හෙම කරගෙන පිලිවෙලක් වෙලා තියෙන්නෙ  අලුත බැඳපු ජ*ඩුව ට තනියම ඉන්න ඇරල අපේ ආච්චිල පස්සෙ  ඇවිත් තියනව ඒගොල්ලොන්ගෙම ගෙයක් වෙච්ච බෙලිගල්ලෙන බංගලාවට
 මේ බෙලිගල්ලෙන බංගලාව ගැනත් ඒ අවට ගැනත් ලියන්න කතා බොහොමයි ඒත් අද අපි කියන්න යන කතාවට ඒක අදාල නෑ .  
ඔන්න ඉතින් අපේ පුන්චි අම්මයි අම්මයි අම්මගෙ යාලුවෙකුයි දවසක් යනවලු ගෙදර වැඩට ගෑනු දරුවෙක් ව අරන් එන්න ඔන්න මේ යන කටුමැටි ගෙදර ලමයිම ඉන්නවලු දොලහක් අපේ අම්ම මේක මහ ලොකුවට කිව්වට අපේ අම්මලගෙ පවුලෙ ලමයි ඉන්නව අටක් ම  .
 ඔන්න ඉතින් කට්ටිය තීන්දුකරගත්තලු ගෙදර වැඩිමල් ම ගෑනුලමයව රස්සාවට ගන්න (ඒ කාලේ මේව කලාට ලමා මෙහෙකාර සේවය නීති විරෝධී ක්‍රියවක් කියලත් මතක තියාගත්තොත් හොඳයි) ඔය තීන්දුකරගෙන ආපහු ගෙදර යන්න එන වෙලාවෙ හොඳටෝම හවස් වෙලාලු අපේ ආච්චිනන් කියන්නෙ බිංකලුවරත් වැටිලය කියල  
ඉතින් ඒ දවස් වලත් තාමත් මං හිතන්නෙ ඒපැත්ත දුශ්කරයි පාරවල් එහෙම ඒතරම් ම හොන්ද නැහැ ය කියල තමයි අපේ අම්ම කිව්වෙ කඳු අතරින් තේ වතු රබර් වතු මැදින් කැලෑ අස්සෙන් යන අඳුරු පාරවල් තමයි තියෙන්නෙ  ඉතින් මේ ගෑනු ලමයි තුන්දෙනා හෙමින් මේ පාර දිගේ ඉස්සරහට එනවලු ඔය එන අතරෙ මේ අයට පහු කරන්න වෙනවලු ගොන්ගල කඳු අඩවිය ඔන්න ඔයකිට්ටුව අපේ අම්ම කියපු විදිහට තියනව යකාගල කියල විසාල ගල් පර්වතයක් ගල් පරුවතයක් කිව්වට මේක ගලක් මුදුනෙ තියාගෙන රකින පොඩි කන්දක්  ඔන්න ඔය ගල ගාවදි අපේ පුන්චි අම්මට මහන්සි වෙලා ටිකකට තුන්දෙනාම නැවතිලා තියනව ඔය ගල ගැන ජනප්‍රවාද ගොඩක් තියනවලු ඒ අතරින් එකක් තමයි මහසෝන් දිස්ටිය ඔය ගල අවට සැරිසරනවය කියන එක රෑ තනිපංගලමේ ඔය ගල ගාවින් යන්න ගියපු වතුවල වැඩ කරන දමිල මිනිස්සු කිහිප දෙනක්ම හේතුවක් නැතුව මිය ගිහින් තියනව මේ හැම මිනියකම පිට පැත්තෙ නිල් වුන අත් සලකුනු දකින්න ලැබෙනවලු නහයින් කටින් ලේ දාගෙනලු මැරෙන්නෙ  අවට මිනිස්සු කියන්නෙ මහසෝන් අවතාරය පහරදීල කියලලු  .ඉතින් රෑට කෞරුත්ම මේ පාරෙන් යන්නෙ නැතුව ඊට වඩා දුර පිට පාර වලින් යනවලු මහසොනා කියන යකා ගැනත් මං පස්සෙ ඔයාලට කියන්නන් දැනට දැනගන්න මහසෝනගෙ ඔලුව තියෙන්නෙ පිටිපස්සට ඒමදිවට තියෙන්නෙ මිනිස් ඔලුවකුත් නෙවෙය් තියෙන්නෙ මිනිස් ඔලුවකුත් නෙවෙය් තියෙන්නෙ මිනිස් ඔලුවකුත් නෙවෙය් වලස් ඔලුවක් ඇඟ පුරාම ලෝම වැවිලයි තියෙන්නෙ මම දැක්කනන් ගහන්න කලින්ම මැරිල තියෙන්නත් තිබ්බ  . 
 ඔය අස්සේ මේ ගෑනුලමයි ඔය කතා එකක්වත් දැනගෙන ඉඳලත් නෑපොඩ්ඩක් විඩා නිවාගෙන යන්න හදද්දි යකාගල මුදුනෙ ඈත මේ තුන්දෙනාට පේනවලුමනුස්සයෙක් බැහගෙන එනව තව කවුරු හරි මනුස්සයෙක් ඉන්න එක ගැන ස්තුටු උන මේ කට්ට්ය ඒ මනුස්සය ලංගට එනකන් බලන් හිටියලු ඔන්න මනුස්සය ටිකක් ලඟට එද්දි මේ අයට පේනවලු මිනිහගෙ ඇඟ ලෝම වලින් පිරිල කලුපාටට ඒමදිවට මූන ඒහැටි පැහදිලි කමකුත් නෑ ලු ඒ කලුවරටය කියමුකො ඔන්න ඒමනුස්සය තව ලඟට එද්දි ඉස්සරහට එන වේගෙ වගේ දෙගුනයකින් උස යනවලු මේ මනුස්සය ගෑනුලමයින්ට අඩි  පනහක් හැටක් ලං වෙද්දි අඩිදොලහක් විතර උසක් පේනවලු ඉස්සරහට අඩිය තියන පියවරක් පාසාම තව තව උස යනවලු අනේ එනපොට හරිනැති බව තේරුනු නිසා බයේ ගැහිගැහි ගෑනුලමය් තුන්දෙනා එක එක්කෙනාගෙ අත් අල්ලගෙන ආපහු හැරිල පස්ස නොබලා දුවන්න ගත්තලු 
අන්තිමේදි මේ කට්ටිය ගෙදර ඇවිත් තියෙන්නෙ අවසිහියෙන්  පිරිත් නූල් එහෙම බැඳල කරල සාන්තිකර්මයක් එහෙම කලාට පස්සෙ තමයි මෙයාලට සිහිය ඇවිත් තියෙන්නෙ ඒත් දවස් සිහිය ඇවිත් තියෙන්නෙ ඒත් දවස් දෙකකට පස්සෙයි ගමේ අය නං කියල තියෙන්නෙ බේරුනා පුදුමයි කියල අපේ අම්ම කියනව අම්මගෙ තාත්ත ඉශ්ට දේවතාවෙක් වෙලා අම්මගෙ පිතිපස්සෙන් ඉන්නවලු අවතාරය දැක්ක වෙලාවෙ අම්මට එක පාරටම සිහි උනේ අම්මගෙ තාත්තවලු...... !