පැන්චි


කාලයක් තිස්සෙ පුදුමාකාර කථා හිඟයක් නෙ තිබ්බෙ හොයල හොයල බැරිම තැන ගෙදර තිබුනු පරණ පොත් රාක්කේ අදිද්දි මට ලැබුන  මං පහ වසරෙදි බොහොම ආසාවෙන් කියවපු පොතක්  මේ පොත ටිකක් විතර පරනයි ලියල තියෙන්නෙ ''පී.ඇම්.වයි.ජී.හීන්බන්ඩා '' යන අයයි පොතේ නම ''ඇත් දමනය'' අත්භූත දේවල් අතරෙ මේ අපි කවුරුත් හොඳින්ම දන්න අලි ඇත්තු  ගැන බොහොම රසවත් කතා පෙලක් මේ පොතේ අන්තර්ගත වෙලා‍‍ තියනව  . ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් විදිහට එලිදැක්විල තියෙන්නෙ  මුදිත වසර ගැන සටහනක් නෑ පොත කොහොමහරි ගොඩක් පරණයි .


මේ තමයි පොතේ තියන පලවෙනි කතාව 

පැන්චි

රටේ මහත්තය ගෙ ඇතින්න නාඹරයි. සෙල්ලක්කාරයි . හුරුභුටි පෙනුමක් ඇති ඈ දඟකාරයි .දඟකාරකම් ඈට පුරුදු වුනේ ඇත්ගොව්වගෙන්. ඇගේ නම පැන්චි . පැන්චි බලන්නහිටි යෙ හස්තිශිල්පය හොඳින්දැන උගත් හැඩිදැඩි තරුන ඇත් ගොව්වෙක් . ඔහුගේ නම උක්කු රාල ඇතින්නට නොයෙක් සෙල්ලම් ඇතින්නට ඉගැන්නුවා

ඔහු ඉතා ඕනෑකමින් පැන්චිට ඉගැන්නුව එක් සෙල්ලමක් තමා පඹයාගේ ඔලුව කෑම පඹයෙක් තනා බෙල්ලට ඉහලින් බෝල වනතුරු කඩමලු ඔතා ඒ බෝලය පැනි යෙන් පොඟවනවා . ඊලඟට ඇස්නහය,කට මූනලකුනු ඇ මිනිස් ඔලුවක්තරම් මුට්ටියක් අර පැනි බෝලය වසා නමා පඹයා හිටවනවා. දැන් පඹයාට ඇත්තේපැනි මොලයක් ඇත්ගොව්වා සඤඤා කරනවාඇතින්න ඉදිරියට පැන පඹයා හොඬෙන් පටලවාගෙන ඔලුව හපනවා . මුට්ටිය බිඳී වැටෙනවා පැනි රසට වහ වැටුනු පැන්චි පඹයාගේ පැනි මොලය කෑදරෙන් උරාබොනවා .

උක්කුරාල පැන්චිගෙන් ලැබෙන ආදායම සාධාරනව බෙදා කොටසක් රටේ මහත්තයට දෙන මිනිහෙක් නවෙයි . ඔහු ඇතින්නගෙන් හම්බකරගෙන නිසි තින්දේ වියදම් කරගත්තා . රටේ මහත්තට දුන්නෙ කීයක් හරි ඉඳල හිටල 

ඇත්ගොව්වා ඇතින්නට අර සෙල්ලම ඉගැන්නුවෙ නපුරු අදහසකින්  .රටේමහත්තය වැඩිකල් නොගිහින් ම පැන්චි තමාගෙන් මාරු කරන බව දැනගෙන හිටියා . පැන්චිගෙ ඔලු කන සෙල්ලම අහල පහල ඇත්ගොව්වො දන්නව . උක්කුරාල ඔය සෙල්ලම පුරුදු කලේ වෙනත් ගොව්වන් වැලැක්වීමටනැත්තම් පිටුදැකීමට .

රටේමහත්තයගෙ ඇතින්න ඔයේ වැටිල ඉන්නව . ඒකි නැගිට්ටන්න බෑ  දිනක් මට ආරන්චියක් ලැබුනා . මම මිතුරන් දෙතුන්දෙනෙක් සමග පිඟා ඔයේ නුග ගහ යටට කඩිමුඩියේ ගියා මෙතන අලි නාවන තැනක් .මිනිස්සු තිහ හතලිහක් රැස්වෙලා හිටියා . වෙලාව සවස දෙකට විතර ඇති .
රටේ මහත්තය,  නුග සෙවනෙ වැලිතලාවෙ වාඩිවෙලා අැතින්න දෙස බලාගත් ගමන් බර කල්පනාවක  . ඔහුගේ ම්හුනේ ඇත්තෙ තරහ පෙනුමක්උක්කුරාල පේන තෙක් මානයක නෑ අලුත් ගොව්වෙක් ඇතින්න ලඟ කැරකෙනව ඔහු නැගිටින්න කීවට ඇතින්න දඟලනු මිස නැගිටීමක් නෑ . ඈට නැගිටීමට බැරි වගයි පේන්නෙ

එතැන සිටි හිටපු ඇත්ගොව්වුවෙක් වන මහළු සියාතුට  මම හෙමින් කතාකරල සිද්දිය ඇහුවා

''මොකද මේ''

''මේ දවස් කේම උක්කුරාල රටේ මහත්තයට සතයක් වත් ගිහින් දීල නෑ . ඇතින්න පන්තියට ගෙනිහිල්ලත් නෑරටේමහත්තයට හොඳටම කේන්ති ගිහින්අලුත් අලිකාරයෙක් එ මෙත්නට ඇවිත්උක්කුරාලගෙන් හෙන්ඩුව එහෙම අරගෙන , ඔයා තමා අලුත් අලිකාරය'' සියාතු අලුත් ඇත්ගොව්වාදෙස මූන දික්කලා .. උක්කු රාල හෙන්ඩුව දීල කමන්ඩිය පැත්තට වෙලා පාරම්බානව එකසීරුවට . ඒකයි මාත් බලන්න ආ වෙ "

"මොකද ඇතින්න නැගිටින්නැත්තෙ "

''නිලයක් තදවෙලා තියනව වගේ'' සියාතු රහසේ කීවා

''නිලමාරු නොකර බැරිවෙයි''

ඇතින්නට නැගිටින්න බැරි වෙන විදිහේ නිලයක් උක්කුරාල පාගා ඇති බවත් , ඒ නිලයේ බල බිඳෙන අනික් නිලය පෑගීමෙන් මිස අද නොනැගිටින බවත් සියාතුගේ කතාවෙන් මට වැටහුනා .

පැන්චි නැගිට්ටවන්න ගත් වෑයම නිශ්පල වූ තැන තත්වයේ බැරෑරුම් ක්ම තේරුම්ගත් රටේ මහතා තරහෙන් පිපිරි පිපිරී ඇත් ගොව්වාත් එක්ක යන්න පිටත් වුනා .
'' මගේ අරක්කු මටම තලනවා කියන්නෙ මෙහෙම ඒවට තමා සියාතු උඹට පුලුවන්නන් ඇතින්න නැගිට්ටන්න බලාපන් "

"එහෙමයි'' සියාතු දෙකට නැමී උත්තර දුන්නා
සියාතු නිලකාරයෙක්.එහෙත් අනුන්ගැසූ කුඤඤ ගලවන්න ගිහින් වලිගෙ  නහගත්තු  වඳුරගෙ කතාව ඔහු අහල තියනවා අර විදිහට සියාතුට කියාගෙන ගියත් අලිකාරයන් ගෙ සිරිත් රටේ මත්තය දන්නව . සියාතුට බල නොකලෙ ඒකයි

රටේ මහත්තය යන්න ගිය පසු සියාතු මේ විස්තරය මට කිව්ව
''හරි ගොව්වෙක් පිටට ගොඩ වෙන කොට අලියගෙ නිල හතක් පෑගෙනව . ඒකෙන්ම  මිනිහගෙ හැටි අලිය මැනගන්නව . නපුරු අලි සමහර අලිකාරයින්ට කීකරුයි . කීකරු අලි සමහර අලි කාරයින්ට අකීකරුයි මොකද හේතුවඅන්න අතන තමා හොරේ ! 


අලියා ආම් බාන් කරන්නෙ හුඟක් දුරට නිල බලෙන්  හරි අලිකාරයෙක්ට අහුවෙච්ච අලියෙක් මාරු කිරීම ලොකු අවදානම් වැඩක්  මාරු කලොත් උෟ ලෙඩෙක් වෙන්ටත් පුලුවන් ,
අබ්බගාතයෙක් වෙන්ටත් පුලුවන් . එහෙම නැත්තම් මිනීමරුවෙක් වෙන්ටත්  පුලුවන්  ''

 '' ඒකොහොමද''

''ඇයි පේන්නැද්ද නිල පාගල තිබුනොත්?''

අපි දහ පහලොස් දෙනෙක් සිදුවන දේ බැලීමට වැල්ලෙ වාඩිවුනා .

දහස් ගනනක් වටිනා වස්තුවක් වන පැන්චි ව නැගිට්ටවන්න කවුරුත් එන පාටක් නෑ රෑ වෙන්නත් කිට්ටුයි ඇතින්න රෑ තනි කර තැබීම් අනතුරුදායක බව රටේ මහත්තය නොදන්නව වෙන්නට නම් බෑ .

අඳුර වැටීගෙන  එනවා උක්කුරාල ඔය දිගේ ඉහලට එන බව පෙනේ . ඔහු අතේ හෙන්ඩුව තියනවා. මිනිහා හොඳින් බීමත් වෙලා බ ව ගැස්සි ගැස්සී එන විදිහෙන්  පේනවා. ''රටේමහත්තය හිතාගත්ත මට උගන්නන්ට. කොයි මිනිහටත් බෑ මට උගන්නන්ට  ඕනෑ කෙරුමෙක් නැගිට්ටවාගෙන ගෙනියපල්ල'' උක්කුරාල පාරම් බානවා.''රටේ මහත්තය අද දැනගත්තා උක්කුරාලගේ තරම උන්නැහේ අපේ ගෙදරට ආවා . මම අරගහගෙන ගියා වලව්වට . හොඳටම බොන්න දුන්නා . මේක ආයි මට දුන්න ඕන් !''  ඔහු හෙන්ඩුව උස්සා පෙන්නුවා''පැන්චි නැගිට්ටගෙන අරන් ගියත් බලන එකාට වැඩිකල් ඔලුව තියාගෙන නම් ඉන්ට හම්බ වෙන්නෑ . එහෙම පුතෙක් මේ උක්කු රාල . ! ඒ බූරුවා අනූනවයෙන් බේරුනා ! උක්කුරාල සිනාසුනා.කොහෙදෝ අලිබෙටි අතගගා හිටපු එකෙකුට පුලුවන් අලි බැලිල්ල !''

උක්කු රාල හෙන්ඩුව වැල්ලේ හිටවා සරම කැහැපට ගසාගෙන වතුරට බැස ,

''පැංචි උඹ තවම වතුරෙ නේද ?'' කියල පැන්චිට කතාකර  ඇගේ හිස අතගෑවා.

ඇතින්න මතුවී තිබුනු කන හොල්ලලා අත් පා දිග හැරියා. ඈ ඇගිටින්න වෑයම් කරා. නැගිටින්න බෑ . උක්කු රාල ඇගේ ඇඟෙ කිහිප තැනක අත් ගැසුවා . වේදනාවකින් මෙන් පැන්ච් බෙරිහන්දෙන්ට උනා . ඔහු නැවතත් පැන්චිගෙ ඇගේ දෙතුන් තැනක් තදින් එබුවා. ඇතින්න බෙරිහන්දීගෙන  නැගිට්ටා .

ඇගේ විලාපය බිහිසුනුයි . ලංවෙලා හිටපු මිනිස්සු ඉවතට ඇදුනා දෙකන් පුප්පාගෙන ඔරවා බැලූ ඇතින්න සැනයකින්න උක්කු රාල පටලවාගෙන ඔළුව ඩැහැගත්තා .

අපි කෑගසා ගල්මුල් ගැසුවා .ඒත් උක්කුරාල බේරගන්න බැරි උනා උක්කුරාල මර ලතෝනි දෙනවා. ඒ හඬ ගෙවී යද්දී ඔහුගේ ඔලු කටු බිඳෙන හඬ  ඇහෙනවා. බඩගින්නෙන් සැහැසි වෙච්ච  නිදැල්ලෙ ඉන්න ඇතින්න ඉදිරියේ උක්කුරාල බේරාගන්න අපට කරන්න පුලුවන් දෙයක් තිබුනේ නැහැ

හපයක් වූ හිස සහිත උක්කු රාලගේ මලකඳ බිම දැමූ ඇතින්න මහපාරට දුවන්න ගත්තා වැඩි දුරක් යන්ට ලැබුන්නෑ කටුගස්තොට  අසලදී පොලිස් වෙඩි පහරින් පැන්චිත් මැරුම් කෑවා


මේ කතාවේ කතුවරයා දාපු නම ''ඔලු කන ඇතින්න'' මන් නම පොඩ්ඩ වෙනස් කරා කතාවෙ ත්‍රාස්‍ය ජනක බව වැඩි වෙන්නත් එක්ක  මේ පොතේ තව රසවත් ත්‍රාස්‍යජනක අලි   කතා  එකොලහක්  හා ඒවගේම රසවත් කතු වැකියකුත් තියනව  මුලු පොතේම පිටු හතලිස් හයයි .ඉතුරු කතා ටිකත් දැන ගන්න ඕනෙනන් කමෙන් ට් එකක් දාන්නකො 
 .ඔයාලගෙ කැමැත්ත අනුව තමයි ඉතිරි කතා පලවෙන නොවෙන එක වෙන්නෙ  .

6 comments:

  1. athage nemei miniha athei waradda, maru kathawa thawa ekak

    ReplyDelete
  2. Maru aa. wenas widiye kathawak **************

    ReplyDelete
  3. නියමයි මචං මාත් ආසයි අලි කථා වලට

    ReplyDelete
    Replies
    1. තව කතා ටිකක් තියනව දාන්නම්කො !

      Delete