තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො


තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගැන ඔයගොල්ලො නොයෙකුත් කතා අහල ඇති මං මේ කියන්න යන කථා සමහර විට ඔයාලත් අහල ඇති ඒත් මේ ගැන නොදන්න ලංකාවේ ගොඩක් අයට දැනගන්න මං මේ පොස් ට් එක දාන්නන් කො 

ඔන්න එහෙනන් කන ඇරල හොඳට අහගනිල්ල  . තොට ගමුවෙ හාමුදුරුවො  කොච්චර ප්‍රසිද්ධ උනත් උන්වහන්සෙගෙ ලමාකාලය ගැන කියවෙන්නෙ මෙහෙමයි මෙන්න මේ කවිය මතකද කියල බලන්නකො ''මාවැනි බ්ලින්දා වරවර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අස්න නිරිඳෝ වෙන කොහින්දා '' වරක් සත් අවුරුදු වියැති තොටගමුවේ පොඩි  හිමි පන්සලේ වැලි මලුවේසිටිනවිට දී හයවන පරාක්‍රම බාහු
රජතුමා ඇතුපිටින්  ඇවිදින් තොටගමුවේ හාමුදුරුවන් ගේ දුක් සැප අහනවලු ඔ ඒ වෙලාවෙ පුන්චි තොටගමුවේ හාමුදු රුවන් ගෙ මුවින් පිට වුනු කවිවැලක් තමයි  මේක  . මේකෙන් කියැවෙන දේ ඇත්තටම තරමක් අන්දුරුයි මොකද උන්වහන්සෙ ගෙ පියා හයවන පරාක්‍රම බාහු රජතුමා ලෙසයි මට දැනගන්නට ලෙබුනෙ ඒවගේම මව රජතුමාගෙ අනියම් බිසවක් ලෙසත් කියැවෙනව  ඒ කොහොම නමුත් කුඩා තොටගමුවේ හාමුදුරුවො ඉතාමත් දක්ශයි  
                   තොටගමුවෙ හාමුදූවන් ගෙ නායක හාමුදුරුවො තමයි වීදාගම මෛත්‍රී හාමුදුරුවො වීදාගම මෛත්‍රී හාමුදුරුවන් සතුව තිබුනා පුදුම අපූර්ව බෙහෙතක් මේකෙ නම තමයි සරස්වතී තෛලය මේ සරස්වතී තෛලය අස්ව කෙන්දක ගාල ඒ අස්ව කෙන්ද  හත් වතාවක් ගසල ඕනෑම කෙනෙකුගෙ දිවේ තිබ්බම ඒකෙනාගෙ මතක ශක්තිය දහස් ගුනයකින් වැඩි වෙනවලු  මෙන්න මේ බෙහෙත් කුප්පියක් තාමත් තොටගමුව තෙල්වත්ත රජමහ  විහාරෙ  හන්ගල තියනවලු ඔන්න අපෙ කට්ටියට චාන්ස් එක මං මේ කියන ඒව අහල තොපි පනසල් බිඳිනව හෙම නෙවෙයි හරිද ඔය තෙල් කුප්පිය ආරක්ෂාවට භූතයො බන්දලලු  ත්යෙන්නෙ 
            හොන්දම කතාව ඕක නෙවෙයි ඔන්න වතාවක් වීදාගම හාමුදුරුවන්ට සිද්ද උනා ලු දුරකට වඩින්න බනකට තොටගමුවෙ පොඩිහාමුදුරුවො විතරයි ලු පන්සලේ පන්සලේ ඉන්නවලු  තව කථා කරන සැලලිහිනියෙක් ඔන්න නිකන් ඉන්න අතරෙ තොටගමුවෙ හාමුදුරුවන්ට පොඩි අදහසක් පහල වුනාලු මේ මො කක් ගැනවත් නෙවෙයි සරස්වතී තෛලෙ ගැන උන්වහන්සෙ හෙමෙන් සීරුවෙ සරස වතී තෛල බෝතලේ අරගෙන හැමදාම ලොකු හාමුදුරුවො මේකෙන් ටික ටික කටේ ගානව මිසක් එක සැරේ දෙන්නෙ නැති නිසා බිව්ව ලු සරස්වතී තෛල බෝතලේ ම එක හුස්මට ඔන්න එහෙම බීපු පොඩි නම බිම ඇදන් වැටිල ඉන්නවලු මේ සරස්වතී තෛලෙ විසට ලොකු හාමුදුරුවන්ට යන ගමනට බාධාවක් වෙලා ඉක්මනින් ම ආපහු පන්සලට වදින්න සිද්ද උනාලු ඔන්න ඔය වඩිනකොට පන්සලේ ඉන්න සැල ලිහිනිය කෑගහනවලු රාහුලය මලා.... රාහුලය මලා...... කියල අනෙ ලොකු හාමුදුරුවො බලනකොට රාහුල හාමුදුරුවො වැටිල ඉන්නවලු පැත්ත්ක සරස්වතී තෛල බෝතලේ ලු ලොකු නමට සිද්ධිය තේරුනාලු ඉතින් ලොකු  හාමුදුරුවො වහාම ගමේ සෙනග රැස් කරල කියනවලු ඉක්මනට මවුකිරි එකතු කරන්නය කියල ඉතින් මේ විදිහට ගමේම අම්මලගෙන් එකතු කරපු කිරි වලින් පන්සලේ තියන ගල් ඔරුව පිරෙව්වලු  (අද ටත්  තෙල්වත්ත පන්සලේ ඔය ගල් ඔරුව දකින්න තියනව ) පස්සෙ මේ කිරි ඔරුවට රාහුල හාමුදුරුවන් ව හාන්සි කෙරෙව්වලු ඉතින් එහෙම තියද්දි රාහුල හාමුදුරුවන් ගෙ අැ‍‍ෙඟ් තිබුන විස බැහැල ආයෙ සිහිය ආවලු      
           ඉතින් ඔය සරස්වතී තෛලෙ බලය නිසා රාහුල හාමුදුරුවන්ට කිරපු දේ එසැනින් මතක හිටිනව මේ අපූරු හැකියාවන් එක්ක රාහුල හාමුදුරුවො කරපු විශ්වකර්ම වැඩ බොහොමයි මන් පුලුවන් වෙලාවට ඒව ගැන ඔයගොල්ලොන්ව  දැනුවත් කරන්නන් ඔයගොල්ලොන්ව  දැනුවත් කරන්නන් කො. 

4 comments:

  1. ඔබතුමාට යම් වැරදීමක් වී ඇත්
    රාහුල හිමියන්ගේ ගුරැ හිමියන්
    වැත්තැවේ හිමියන් නොව
    වීදාගම මෛත්‍රි හිමියන් ය
    වැත්තැවේ හිමියන්ගේ ගුරැ හිමියන්
    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ය

    ReplyDelete
  2. සමාවෙන්න යම් වැරැද්දක් තියනවනං වහාම හොයල බලල නිවැරදි කරන්නං

    ReplyDelete
  3. රාහුල හාමුදුරුවන්ට දෙයක් දෙපාරක් කිව්වම මතක තියාගන්න පුළුවන්ලු.. එක පාරක් නෙමේ.. අනික සරස්වතී තෙල හැමදාම පාවිච්චි කරන්න ඕනෙලු හරියටනම්..නමුත් බෝතලේම බීපු නිසා ආපහු සරස්වතී තෙල ඕනේ ඕනේ නැහැලු.

    ReplyDelete
  4. ඒ තෛලය දිවේ ගාන්න තියෙන්නෙ අඅශ්ව කෙන්දක (කෙන්ද හරියට මතක නෑ) තෙල් පොඩ්ඩක් ගාල ඒ කෙන්ද හත් වතාවක් ගසල අරගෙන එ කෙන්දලු දිවේ තියාගන්න ඕන.

    ReplyDelete