Pages
- මුදුන් වහල
- අභූත කථාව මහසෝනා
- දවසේ සිතුවිලි
- බෙලිගල්ලෙන බංගලාව
- ගම්භාර දෙවියො (ගොපල්ලා)
- තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො
- නුදුටු පැතිකඩ
- වටයා
- හරක් වෙසින් අවතාර
- සොල්දරය
- පලමු අත්දැකීම
- එකවර දෙකක් !
- පැන්චි
- අනික බයිසිකලේ පදින එකාට ඇහෙන්නෙත් නෑනෙ උගේ ඔලුව නෑනෙ .
- නිවැසියන් එලවන මලවුන්
- ප්‍රශ්නෙකට උත්තර
- මං වගෙ තව එකෙක්
- වැඩිදෙනෙකු නොදැනගතයුතු කතාවක්
- දවසක් මෙහෙම උනා
- මැරුනු අක්කගේ බැල්ම
- නාග මානික්‍යය
- දෙපා නැතිව දුවන භූතයා
- ගුවන් තොටුපොල කැලඹු යැකින්න
හරක් වෙසින් අවතාර
මෙය අපේ සීයාට සිදුවූ සුලු සිදුවීමකි . සීයා ඉලන්දාරියා කාලේ නාහෙට අහන්නෙම නැත .(මේ තිත තබන්නෙ රසික රසිකාවියන්ගේ බලවත් ඉල්ලීම මතය ) දිනක් සීයා තම යහලුවන් පිරිස සමග කැලේ පැන ඇත්තේ ගඩා ගෙඩි කෑමටය. ඔය අතර පිරිස දිනපතා රිංගන පාලු ඉඩමටද රිංගීමට පිරිස අමතක නොකලෝ ය මේ ඉඩම පාලු යැයි කීවද අයිතිකරු දින දෙක තුනකට වරක් මුර සංචාරයේ පැමින යයි. කොලු රැල මෙම ඉඩම වෙත ඇදීමට හේතුව වෙන කිසිවක් නොව ඉඩමේ සරුවට වැවි ඇති දිවුල් ගස් පේලියයි වැටෙන දිඹුල් කෑමට ඔවුන් දැක්වූයේ මහත් රුචියකි . මෙලෙස ඉඩමට පැමිනි වෙලාවක අසල නිවසක ගවයෙකු මෙහි තෘන බුදිනු දැකීම සාමාන්‍ය දසුනකි. එදිනද වෙනදාමෙන් ගොම්මං කලුවර වැටෙන තුරු දිවුල් කෑ කොලු රැල ආපසු යන්නට හැරුනු විට හැඩි දැඩි ගොනෙකු යන මග අවහිර කරමින් පිඹිමින් සිටිනු දැක ඇත. එම මග අත් හැර වෙනත් මගකින් යන්නට හදන විට පෙර දුටු ගවයාම ඒමගද අවහිර කරමින් සිට්නු දැක ඇත. මෙයින් බිය පත්ව කැලෑ වැදී දිවයන්විට සියලු දෙනා ඉදිරියේ ඉහත කී ගවයා තව තවත් විෂාල වී පෙනෙන්නට ගත්තෙලු කෙසේ වෙතත් එදින රෑ වත්ත පරික්ෂා කිරීමට පැමිනි අයිතිකරු දැක ඇත්තෙ බිම වැටී වෙවුලමින් සිටින කොලු රැලකි .ලඟම පන්සලේ හිමිනම වඩම්මවා පිරිත් පැන් ඉස පිරිත් නූල් බැන්ද පසු සියලු දෙනා පියවි සිහියට පැමින ඇති අතර පසුව හොරකම් කිරීමේ ආදීනවද කියාදී නිවෙස් වලට යැව්වේලු .
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment