Saturday, March 23, 2013

මැරුනු අක්කගේ බැල්ම


සෑහෙන කාලෙකින් හොඳ හාල්මන් කථාවක් කියන්න බැරි වුන නිසා මං හිතුව කලින් නොකිවුව ටිකක් පරණ කතාවක් කියන්න ගොඩක් ‍කතා වල වගේ මේ සිද්දිය සිද්ධ වුනෙත් අපේ මාම කනෙකුට. මේ කාලේ වෙද්දි යන්තම් එයාගේ වයස අවුරුදු 10-11ක් විතර ඇතිලු.

මෙයා පාසල් ගිහින් තියෙන්නෙ දෙනියායෙ. මට ඉස්කෝලෙ නං හරියටම මතක නෑ. කොහොම හරි මෙයා ඉස්කොලේ යනකොටත් ආපහු ගෙදර එනකොටත් නිතරම ගොඩ වදින නෑදෑ වෙන අක්ක කෙනෙක් ගේ නිවසක් පාසල කිට්ටුවම තිබිල තියනව මේදෙන්න හරි ලෙන්ගතුයි ලු. මෙයා නිතරම ඒ අක්කගේ පිටිපස්සෙම ලු. ඒත් වැඩි කාලයක් යන්න කලින් ඒ අක්ක නැතිවෙලා තියනව ලෙඩකින් මේ කියන කාලේ හැටියට මැලේරියාව වගේ ලෙඩකින් වෙන්න ඕන. ඉතින් ඒ අක්ක ලෙඩ වලා ඉන්න දවස්වල වත් මල ගෙදරට වත් මෙයාව ගෙනිහින් නෑ. පොඩි නිසා දරාගන්න බැරිවෙයි කියල හිතලයි එහෙම කරල තියෙන්නෙ. ඒත් මේ අක්කව වලලපු කනත්තත් තියෙන්නෙ ගෙදර එන පාරෙම.


 පස්සේ මෙයා අක්ක ගැන අහල පෙරැත්ත කරද්දි ගෙදර අය මයාට සිද්දිය කියල පහුවෙනිද ඉස්කෝලෙ යද්දි මෙයාට සොහොන තියන තැනත් පෙන්නගෙනයි ගිහින් තියෙන්නෙ. මෙයා ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙ තනියම පයින් ලු. මේ එන ගමන් අහල පහල කැලෑ ගස්වලින් මල් මිටියකුත් හදාගෙන මේ පොඩිඑකා ගිහින් අක්කගෙ සොහොන බලන්න සොහොනට මල්මිටිය තියල මෙයා යහතින් ගෙදර ඇවිල්ල ඒත් ගෙදර ආපු ගමන් මුලු ඇ‍‍ඟේම පළු දාලා සහලවල උන අරගෙන ගෙදර අයටත් පුදුමයිලු. අපේ ආච්චි වෙදකම දන්නව එයාට සැකහිතිල අහල තියනව අද තෝ කොහෙද ගියේ කියල. එතකොට මෙයා කියනවලු අහවල් අක්කව බලන්න අද සොහොනට ගියා කියල. ඊට පස්සෙ පිරිත්නූලක් බැඳල පිරිත් පැන් එහෙම දීල දවස් දෙකකට පස්සෙ උන හෙඳවෙලා තියනව

කනත්තෙදි අමනුශ්‍ය බැල්මක් වැටිල කියලයි කියන්නෙ

මේක එයාට වුනු එක සිද්ධියක් විතරයි !