Friday, May 11, 2012

පලමු අත්දැකීම



මෙය මා මුහුනදුන් පලමු අත්භුත සිදුවීමයි මෙය දර්ශනය වූයේ මාහට පමනක් නොවන බැවින් අදට ද මා මෙය අත්භූත යැයි විස්වාස කරමි . ඒවනවිට මගේ වයස යන්තමින් සය අවුරුද්දක් වූවා පමනි . මා පාසල් ගියේ කොලඹ බැවින් මා පෙර සඳහන් කරන ලද කොලඹ පිහිටි නිවසටත් . අප මුලින් පදින්චිව සිටි කෝට්ටේ පිහිටි නිවසටත් වරින් වර  යෑමට අපට සිදුවිය . බොහොවිට උදෑසනින් කොලඹට  පැමිනෙන ප පවුලේ සියලු දෙනා මම අම්මා තාත්තා හා මල්ලි නැවතත් අප පාසල් ගමන නිමවූ පසු රාත්‍රියේ කෝට්ටේ පිහිටි නිවස බලා පැමිනෙන්නෙමු . කෝට්ටෙ ප්‍රදේශයේ ජීවත්වන ඕනැම කෙනෙක් මා
දන්නා තරමින් නම් ඕනෑම කෙනෙක් දන්නා දසසිල් මතා ආරාම්යක් අසලින් ඇතුලට හැරී අප නිවස වෙතට යන පාර තරමක් පටු හා අඳුරුය පාර ආලෝකමත් කිරී මට පහන් කනුවක් හෝ මේ පවසන දිනවලදී නම් තිබුනේ නැත. ආරාමය තිබුනු පස පාරේ භූමිය අඩි දහයක් පමන උසවෙයි . මෙහෙනිආරාමයටම යාබදව තරමක් පෞරානික පෙනුමෙන් යුත් නිවසකි මෙම නිවසද ඇත්තෙ පාරේ ඉහලින් ය නිවස වෙතයෑමට ඉතා තද බෑවුමක් සහිත පියගැටපෙලකි . අප සියලු දෙනා මෙම නිවස අසලින් ගමන් කරනා විට සැනින් එහි ගෙවත්තෙන් පාර දෙසට සැලකිය යුතු තරම් විසාල වැලි අහුරක් පතිතවිය . පලමුවර අප කිසිවෙකුත් එය ගනන් නොගත්තෙ ස්වභාවික සුලඟකට හෝ යම්කිසි එවන් හේතුවක් මත එය සිදුවුනේ යැයි සිතූ බැවිනි. නමුත් දෙවන දිනද අප එඑසලින් ගමන් කරන විට පෙර ලෙසම වැලි අහුරක් විසිවිය . නමුත් මෙම නිවැසියෝ අප හොඳින් දන්නා වැදගත් පිරිසකි එවන් නොමනා ක්‍රියාවක් කිරීමට තරම් පෙලඹෙන අයෙකු ගැන අපට සිතාගත නොහැකිය. මෙලෙස පිට පිටම වාගේ දින කිහිපයක් මෙය සිදුවිය . පැවසිය යුතු අනෙක් කරුන නම් අප මේ පාරේ ගමන් කරන වේලාව ආසන්න වශයෙන් රාත්‍රී නවය පමන වීමයි . බොහෝ දෙනා නින්දට යන වෙලාවකි (ෆේස්බුක් එකේ සිටීම හා බ්ලොග් ලිවීම වැනි දෑ ඒදිනවල මිනිසුන් දැනසිටියේ නැතිබව කරුනාවෙන් කිවයුතුය ) දිනක් මෙය ඉවසාගත නොහැකිම තැන කිසිවෙක් සිටීදැයි විමසීමට මගේ පියා  පඩිපෙල නැග බැලීය. යමෙකු සිටියේනම් පාරට පැන දිවියයුතුය එතැනින් පැන්නානම් අතක් පයක් කඩාගන්නවා නො අනුමානය  නැතහොත් ගෙතුලට දිවියයුතුය නමුත් ගෙයි දොර හොඳින් වසා ඇත.මෙය අප සියල්ලන්ටම පුදුමය දනවන්නක් විය වඩාත්ම වැදගත් කරුන වූයේ ගෙදර ගිය පසු තාත්තා ගේ උඩුකය පුරාම විවිධ හැඩැති පලු හටගැනීමය  බොහෝ විට සිරුරේ ඇතිවන පලු නැතිනම් බිබිලි ඕවලාකාර හෝ වෘත්තාකාර හැඩයක් ගන්නාබව ඔබ සියලු දෙනාම දන්නවා ඇතැයි සිතමි නමුත් මේ පලු අතර වෘත්තාකාර අඩසඳ ආකාර මෙන්ම තරු හැඩැති ඒවාද විය  . ඇත්තටම කුඩාදරුවෙකුගේ  ගනිත පොතක් මෙන් විය .තාත්තාට එදින රෑ තදින් උන ගත්තේ ය  . ඉන් පසු දින  රෑ    වෙනසක් නම් සිදු නොවිය අම්මාගේ බලවත් විරෝධය මැද තාත්තා නැවතත් පඩිපෙල නැගබැලීය එදිනනම් ඔහු යමක් දුටු බව ඔහුගේ මුහුනෙහි වූ වෙනසින් මට තේරුම්ගියද නැවත පහලට පැමිනි ඔහු කිසිවක් නොකියාම නිවස වෙත යෑමට පිටත්විය . තාත්තා  හොලිමන් අවතාර හෝ භූතාත්ම විස්වාස කරන්නෙකු නොවෙයි එබැවින් ඔහු දුටු දෙය හිතෙහි තිගැස්මක්  ලෙස හිතා බැහර කරන්නට ඇත  . ඉන් පසුවද ඔහු කිසිදිනක මේ පිලිබඳ හෙලි නොකලේ ය  තැනින් රාත්‍රියේ ගමන් කරන සෑම දිනකම පාහේ  සිද්ධිය දිගින් දිගටම සිදුවිය  . කල් යත් අප එය ගනන් නොගෙන යෑමට හුරු උනෙමු . කිසිවෙකුත් ඒදෙස බැලුවේහෝ නැත . නමුත් එක් දිනක් අම්මා තාත්තා හා මල්ලි පාරේ ඉදිරියෙන් ගමන් කල අතර මා තරමක් ඔවුනට පසුපසින් ආවෙමි පෙර ලෙසටම වැලි පහරක් පාර දෙසට වැටුනු අතර අනෙක් අය එය ගනන්නොගත්තද මගෙ ඇස් ඒවෙත යොමු වූයේ නිරායාසයෙනි . මා මුලින්ම දුටුවේ දිදුලන රතු පැහැ බොඳවීගිය ගෝලාකර යම් දෙය පාවෙමින් මෙන් එහි ඇති බවකි දෙවනුව තවත් එවන්ම දෙයක් ඒ අසලින් ඇතිබව පෙනුනි මදක් ඈතට යන විට ගිනියම් වූ ලෝහ ගුලිමෙන් රවාගත් දෑසක් මා වෙත බලා සිටිනු දුටුවෙමි . මගේ හිත වෙවුලන්නට විය මුලු සිරුම ගිනියම්වී යන අතර පිට පුරා ඉතා දැඩි සීතලකින් වෙලීයනු දැනුනි වහාම දෙමාපියන් වෙත යාමට අවශ්‍ය වුවද දෙපා වලට ගල් ගැටගසා ඇත්තාක් මෙන් විසාල බරක් දැනුනි කෙසේහෝ වෙර යොදා අම්මා අසලට දිවගිය පසු අම්මා මගේ උරහිසට අත තැබුවේය එසැනින් අර සියලුම බර නැතිවී ගියා සේ දැනුනි නමුත් මට මොහොතකින් ඉතා තද නිදිමතක් ඇතිවිය එදින මට මතක ඇත්තේ  එපමනකි.  තාත්තා විසින් මා වඩාගත් බව තුනීවට මතකය. අද වන තුරුත් මෙය කාහටවත් කියා නැත. මෑතක් වන තුරුම එම නිවස දෙස හිස ඔසවා බැලීමට බිය වුනෙමි . ඉතා මෑතකාලයකදී නිවැසියන් එය ප්‍රතිසන් ස්කරනය කොට නිවස වටා තාප්පයක් ද ඉදිකර තිබෙනු දුටුවෙමි . දැන් එම භයංකර සිදුවීම සිදුවෙතැයි නොසිතමි . එසේ උවහොත් උස් තාප්පයකට උඩින් මැදියම් රැයේදී වැලි විසිවීම පෙරටත් වඩා භයන්කර වනු ඇති .....   

No comments:

Post a Comment