Saturday, March 31, 2012

නුදුටු පැතිකඩ

අලුත් ලෝකය යනු මාගේ සාර්ථක පලමු බ් ලොග් නිර්මානය බව ඔබ සැමට නොරහසකි එනමුත්  අලුත් ලෝකය ලිවීමට මා යොදාගත්තෙ ඉතා සරල බස් වහරකි . එය එලෙස යොදා ගැනීමට හේතුපාදක වූයේ අන් කිසිවක් නොව මා මෙන්ම තවත් බොහෝ දෙනෙකුට එය තේරුම් යායුතු බැවිනි . මින්පසු අලුත් ලෝකය ඔබ වෙත ඉහත කී දෙ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම මා ගේ අරමුනයි  මින් පසු අලුත් ලෝකය බ්ලොග් අඩවියේ මාවිසින් පල කරන ලිපි මුදුන් වහල කාන්ඩය යටතේ සරලවද නොදුටු පැතිකඩ යටතේ ලිකිත බසින් ද ඉදිරිපත් වනු ඇති

Monday, March 26, 2012

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො


තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගැන ඔයගොල්ලො නොයෙකුත් කතා අහල ඇති මං මේ කියන්න යන කථා සමහර විට ඔයාලත් අහල ඇති ඒත් මේ ගැන නොදන්න ලංකාවේ ගොඩක් අයට දැනගන්න මං මේ පොස් ට් එක දාන්නන් කො


ඔන්න එහෙනන් කන ඇරල හොඳට අහගනිල්ල  . තොට ගමුවෙ හාමුදුරුවො  කොච්චර ප්‍රසිද්ධ උනත් උන්වහන්සෙගෙ ලමාකාලය ගැන කියවෙන්නෙ මෙහෙමයි මෙන්න මේ කවිය මතකද කියල බලන්නකො ''මාවැනි බ්ලින්දා වරවර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අස්න නිරිඳෝ වෙන කොහින්දා ''