බෙලිගල්ලෙන බංගලාව


අද මගේ කතාව අර මම කලින් කියපු අපේ අම්මල ඉස්සර පදින්චි වෙලා හිටපු බෙලිගල්ලෙන බංගලාව ගැනයි .කොහොම හරි මේ බංගලාව බොහොම පරන සුද්දගෙ කාලෙ හදපු එකක් කියල තමයි අපෙ අම්ම මට කිව්වෙ . මේබංගලාවෙ පදින්චි වෙලා හිටපු සුද්දෙක් හිටපුකාමරේම බෙල්ලෙවැල දාගෙන මැරිල තියනව මේ බංගලාවෙ ගැන අපේ අම්ම කියපු පලවෙනි හොල්මන් කථාව තමයි ඒ කාමරේ ගාවින් කවුරු හරි යද්දි කාමරේ ඇඳේ කවුරු හරි ඉඳන් ඉන්නව හොර ඇහැට පේනවලු හොඳට හෙලවෙනව එහෙමත් පේනවලු ඒත් ඒදිහා හැරිල බැලුවහම කවුරුත් නැහැල්ලු  . මේකාමරේ ගාවින් යන ඕන කෙනෙක්ට මේක සාමාන්‍ය සිද්ධියක් ලු ඒත් මේකට කවුරු බය වෙන්නෙ නෑ කියලයි කියන්නෙ සුද්ද  මලා කියල කියන්නෙ  ආදර හුටපටයක් නිසාලු 


ඔය බංගලාව ගැන ආරන්චි උන දෙවනි කතාව තමයි ඒ දවස් වල අපේ අම්ම නැවතිල හිටපු කාමරේ අම්ම පාඩම් කරන කොට වහලෙ කැඩුනු සිදුරකින් කාමරේ අතුලට විසාල නයෙක් රිංගනවලු මේ නයා ගෙදරට එන්නෙ එකම වෙලාවක ලු  ඉතින් කවදාවත් මූ ගෙදර අයව කන්න හදලවත් නෑලු වහලෙන් ඇවිත් කාමරේ ඇතුලෙ දරනෙ ගහගන්නවලු එතකොට අපේ ආච්චි නයි මහත්තයො ගෙදර ලමයි බය වෙනවා කරුනා කරල යන්න කියල කියනවලු ඉතින් එහෙම කිව්වම මේ නයා කිසි ගානක් නැතුව හෙමෙන් සීරු වේ බඩගාගෙන කාමරේ දොරෙන් එලියට යනවලු කාතවත් ම කිසිම කරදරයක් නැති උනත් මේ සතා අඩි හයකටත් වඩා දිගයි ලු .
අනෙක් දේ තමයි මේ බංගලාවෙ සේරම බිත්ති කලුගල් වලින් ලු හදල තියෙන්නෙ අතුලු වෙන දොර විසාල කලුවර දොරක් ලු ඒවගේම දොරට දාන යතුරත් පුදුම විසාලයි ලු පරන පන්සල් වල  බුදු මැදුරට දාන යතුරු දැකලතියනවද අන්න ඒතරම් විතර ඇ තිලු  මේ දොර යන්තම් වහගන්නත් ගෑනු උදවියනං දෙන්නෙක් විතර ඕනෙලු  හ්හ්ම දාම රෑට මේදොර ගෙදර උදවිය අගුලු දාල තමයි ලු නිදාගන්න යන්නෙ ඔන්න ඉතින් මේ උද්විය නිදාගෙන ඉන්දෙද්දි මහරෑ හීන් හූහන්ඩක් අහෙනවලු හුලන් පාරක් හමන වගේ කවුරුත් ගනන් ගන්නෙ නෑ ලු ඒත් උදේ බලද්දි අර විසාල කලුවර දොර පියන් දෙකම සම්පූර්නෙන්ම ඇරිලලු නමුත් හොඳම දේ එදර කවුරු හරි මේ දොර අරින්න වහන්න යද්දි දොරෙන් කීං ගාල දන්නවනෙ පරන දොරවල් අරින වහන කොට තියන සද්දෙ ඔන්න ඔය සද්දෙ එනවලු කොච්චර හෙමින් ඇරියත් වැහුවත්  ඒමදිවට අච්චර විසාල අගුලක් වතිල තියෙද්දි  අගුල නො ඇරිම ලු මේ දොර ඇරිල තියෙන්නෙ  නමුත් මෙහෙ ඉන්න කාටවත් කරදරයක් නැහැලු මේ හොල්මන් වලින්   

1 comment:

  1. Athtama aa... Davas wala me pathte godak oya vage siddi tibuna. me katha tika lassanai, eeth thrrasajanakai,mama obata subha patanava!

    ReplyDelete