නිවැසියන් එලවන මලවුන්

මෙම සිදු වීම සිදුවී ඇත්තේ ආසන්න වශයෙන් අසූව දශකයේ අග භාගයේ වියයුතුය මෙම සිද්දියට මුහුන දුන් තැනැත්තා මාගේ මාමා කෙනෙකි .  


ඔහු යකෙකුටවත් බය නැති ජාතියේ අයෙකි 
ඒවනවිට ඔහු කඩවසම් තරුනයෙකි රැකියාව කරමින් සිටි අතරතුර ලඟම මිතුරෙකුගේ ඇරයුමක් පරිදි  නිවැසියන් විදේශගත වීම නිසා අත් හැර දමා තිබූ නිවසක් බලා ගැනීමට ඔහු බාරගෙන තිබුනි . තරුනයෙකු වීම නිසාත් තනියම නිවසක ජීවත් වීමට ඇති කැමැත්ත නිසාත් ඔහු එම කටයුත්ත භාරගෙන තිබුනේද නොමිලයේමය. මෙම නිවස ඉතා හොඳින් පිලිසකර කරන ලද කාලයේ හැටියට නවීන පන්නයේ නිවසක් වූ බැවින් ඔහුගේ හිතට වද දෙන කිසිවක් නොවූ බව නම් නිසැකය. කෙසේ නමුත් තනිව උයා පිහා ගැනීම පිලිබඳ කිසිඳු දැනීමක් නොවූ නිසා ඔහු නිවසේ ජීවත් වූ මුලු කාලයේම ආහාරයට ගෙන තිබුනේ සාඩින් හා පාන් පමනි මසකට පමන සෑහෙන ආහාර හා ඇඳුම් ඇතිව ඔහු නිවසේ පදින්චියට පැමින තිබුනි . පලමු සති දෙක කිසිඳු කරදරයකින් තොරව ගෙවී ගියේ ය  . ප්‍රශ්න ඇරඹෙන්නෙ තෙවන සතියේ සිටය  . මුලින්ම ගෙවත්තේ හා ගෙතුල කුඩා ශබ්ද ඇසීමට පටන්ගන්න ලදි . බොහෝ විට කුඩා සතෙකු දිව යන හඬක් හෝ යම්කිසි කුඩා දෙයක් පෙරලෙන හඬක් ඇසෙයි .ඒදෙසට ගොස් බලන විට කිසිවක් සිදුවී නොමැත  . 


එයද එතරම් ගනන් ගතයුතු නොවන බැවින් ඔහු දිගටම නිවසේ සිටීමට තීරනය කලේ ය . මේ අතර තවත් සැකයට තුඩු දුන් කාරනය වූයේ ඔහුගේ මිතුරා නිතරම් නිවසේ තත්වය විමසීමට වීමයි . කොහොමද දැන් ගෙදර . මොකවත් ප්‍රශ්නයක් එහෙම නෑ නේද ? ඔහු නිතරම විමසයි . තෙවන සතියද අවසාන වෙමින් පැවතින හරියටම තෙවන සතියේ අවසාන දිනයේ මද්‍යම රාත්‍රියේ මාමා නිදාසිටි ඇඳ එක වතාවක් තදින් හෙල්ලී ගියේ ඔහුව නින්දෙන් හෙල්ලී ගියේ ඔහුව නින්දෙන් අවදිකරමිනි . මද්‍යම රාත්‍රිය පසුවී තිබූ බැවින් එය හීනයක් යැයි සිතූ ඔහු නැවතත් නින්දට වැටින . ඊට පසුදින රෑ නින්දේදී ඔහුට විවිධ කට හඬ ඇසෙන්නට විය මෙහෙන් පලයන් ... ඒ සියලුම කට හඬ පවසන එකම දේ එයම විය . ගතවූයේ සුලුවේලාවකි ඔහු නිදාසිටි ඇඳ නොකඩවා සෙලවෙන්නට විය . ඔහු ඇහැරෙන තෙක්ම ඇඳ සෙලවුනි . ඔහු පවසන පරිදි එම ඇඳ විසාල වියනක් සහිත එකකි . ශක්තිමත් මිනිසුන් දෙතුන් දෙනෙකු ශක්තිමත් මිනිසුන් දෙතුන් දෙනෙකු එක්වුවද එය යාන්තමින් සෙලවීමට ප්‍රමානවත් වනු ඇති . පසුව ඔහු නැවතත් නින්දට වැටුනි  එවර කිසිඳු ආබාදයකින් තොරව නින්ද ගියෙය . ඔහු සිතුවේ මෙය තනිව සිටින නිසා පෙනෙන මනෝ විලාරයක් කියාය .

තුන්වන දිනය වඩාත් දරුනු විය  යාන්තමින් නින්ද යාමට දෑස පියවෙන විටම කිසිවෙකු හෝ ඇඳ හොල්ලයි නැතිනම් කකුලෙන් අදියි සමහර විට බියකරු විලාප ඬක් ඇසෙයි ගෙදර බඩු මුට්ටු බිඳෙන හඬක් ඇසෙයි . නින්ද යෑමට දෙන්නෙම නැත ඔහු නොනිදා රැය පහන් කලේ ය දින දෙකක් ම නොනිදා රැය පහන්කල ඔහුට නින්ද අත්‍යවශ්‍ය විය කෙසේ හෝ එදින  ගෙදර සිටීමට පොරොන්දු වූ මාසය අවසන් වන දිනයයි . ඉවසාගත නොහැකි තැන ඔහු නිදාගන්නට යන්තමින් දෑස් පියාගත්තා පමනි කෛසිවෙකු හෝ ඔහු ගේ දෙපයින් අල්ලා හෝ ඔහු ගේ දෙපයින් අල්ලා හෝ ඔහු ගේ දෙපයින් අල්ලා ඇඳෙන් බිමට ඇද දැමීය හිස තදින් පොලොවේ වැදීම නිසා ඇතිවූ වේදනාවත්  සමගම මුලු නිවසම උඩු යටිකුරු කර පෙරලන හඬ හොන්දින්ම ඇසෙන්නට විය ඒ අතරම පලයාන්....... යැයි විලාප දෙන හඬ දෝංකාර දෙයි පැය කිහිපකට ඔහුට සිහි නැතිවිය . සිහිය ආ පසු ඇඳ රෙද්ද හා කොට්ටයක් බිමදමාගෙන එදින ඔහු බිම නිදාගත්තෙය පසුදින නිවසේ යතුර බාරදීමට මිතුරා හමුවීමට ගිය ඔහු මිතුරාවෙත කඩා පැන්නේ කොහෙද යකෝ තෝ මාව යැවුවේ යැයි අසමින් මිතුරාගේ ගෙලත් මිරිකාගෙනය .උඹ ප්‍රශ්නයක්  නෑ කි නිසයි මං මුකුත් කිව්වෙ  නැත්තෙ . ඔය ගෙදර කලින් හිටපු පවුල බීශන කාලෙ මරල දාල තියනව . පස්සෙ තමයි ඔය දැන් රට ගිය කට්ටිය ඔය ගෙදර පදින්චිට ඇවිත් තියෙන්නෙ ඒ අයටත් ඉන්න බැ වෙන තරමට කරදර උනාලු ඒකයි ඒ අයත් යන්න ගියේ ගේ පාලුවට යවන්න එපා කියල කිව්ව නිසා මං උඹට කතාකරේ  . උඹට රස්සාවට  යන්නත් ලඟයි නේ . අනේ මට සමාවෙයන් !! ඔහුගේ මිතුරා හඬන්නට වූ බැවින් ප්‍රශ්න ය පසෙක තබා ඔහු නැවතත් සිය නිවස බලා යෑමට පිටත් විය  .


ඔහු මා හට මෙය පවසද්දී සිද්දිය සිදුවී දස වසරක් පමන ගෙවී තිබුනි ඒවන විටද අදාල නිවස තිබූ බව ඔහු මට කියාසිටියේ  මා බ්හීතියෙන් සලිත කරවමිනි . 

No comments:

Post a Comment