Wednesday, July 23, 2014

දෙපා නැතිව දුවන භූතයා

මුලින්ම සියලු දෙනාගෙන්ම සමාව ගතයුතුව ඇත. වසරක පමණ කාලයක් කිසිම කතාවක් පල නොකිරීම හේතුවෙනි.

 මෙම සිදුවීම 1998 වසරේ සිදුවූවකි! සිදුවූයේ වෙනදා මෙන්ම මගේ බාප්පා කෙනෙකුටය. කණගාටුවට කරැන නම් මේ ගැන වැඩිදුර අසා දැනගැනීමට නන්දලාල් අද බාප්පා ජීවතුන් අතර නැති වීමයි. මේ කතාව මට කියන්නෙ උවිඳු මල්ලී බවද මතක් කල යුතුමය.

සිදුවීම සිදුව ඇත්තේ 1998 වසරේ දෙසැම්බර් මසය.කළුතර නගරයේය. එදින පවුලේ සියලු දෙනාම විනෝද චාරිකාවක් ගොස් නිවසට පැමිනෙන විට රාත්‍රී දොලහද පසුවී තිබුනි. උවිඳු මල්ලිව නංගිව සහ පුන්චි අම්මාව පැමිණි වෑන් රියේම නිවසට පිටත් කර හැරි බාප්පා මගින් රියෙන් බැස ඇත්තේ සිය සහෝදරයාගේ නිවසෙහි දමා ආ යතුරැ පැදිය ගෙන යාමේ අදහසිනි. යතුරැපැදිය ගෙන ආපසු එන විට රාත්‍රී එකද පසුවී තිබුණි එන මග වැටී තිබුනේ මල්ලී ෆේස් බුකියේ කියු පරිදි නම් #හිමිදිරියාව #කනත්ත ඉදිරිපිටිනි.

හිමිදිරියාව සොහොන් බිම දිවා කාලයේ මනරම් දසුනකි එක් පසෙක වෙල්යායත් ඉහලට දිවෙන රබර් වතුයායත් නිසාවෙන් එහි කුඩා ගුප්ත බවක්ද නැතුවාම නොවේ. බාප්පා කනත්ත ඉදිරියට එනවාත් සමගම වාගේ කනත්තයේ තාප්පයෙන් පිටට පැනගත් මිනිසෙකු පාර හරහා දිව යනු දැක ඇත. ඔහු තිගැස්සී ඇත්තේ මෙම මිනිසා යතුරැපැදි ලාම්පු එලියට හසුවූ විගස අතුරැදන්ව ගොස් නැවත  ලාම්පු එලිය නැති පාරේ අනෙක් කොනින් මතුවී සිටි බැවිනි එතැනින්ද නොනැවතී මේ මිනිසා අනෙක් පස වූ වෙල් යායට පැන ඒ දිගේ ද දිවයන්නට විය. දුටු දෙයින් බාප්පා තවත් බියට පත්වී ඇත. වෙල්යාය හරහා දිව යන මිනිසාගේ පය වදින තැන ගොයම් ගසක්වත් නොසෙල්වෙයි. කොටින්ම මිනිසාට තවදුරටත් පාද ඇති බවක් වත් නොපෙනෙයි. එපමනක්ද නොව තවත් පුදුමයක් නම් මිනිසා කෙතරම් ඈතට දිව ගියද ඔහුගේ සිරැරේ ප්‍රමානය කුඩා වී නොපෙනීමයි . කෙසේ හෝ වෙල් යාය හරහා රබර් වතු දෙසට දිව යන මිනිසා දෙස කෙලින් බැලීමට පවා බියවූ බාප්පා ඒ දෙස හොරැහින බලමින් කෙලින්ම ගොස් ඇත්තෙ  සිය මහ ගෙදර වෙතය.
එහිදී සීයා හමුවේ සිදුවූ සියල්ල හෙලිකර නැවත සීයාවද යතුරැපැදියේ නංවාගත් බාප්පා වැඩිදුර පරිකෂාකර බැලීමට නැවතත් කනත්ත වෙත හා උඩහ රබර් වතු වෙතද ගොස් සොයා ඇත නමුත් මිනිසෙකු ගැන කිසිඳු හෝඩුවාවක් නොවූ බැවින් ඔවුන් නැවත නිවසට එන විට උදෑසන දෙකද පසුවී තිබුනිලු.


ඒවගේම කියවල කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ............!

Saturday, May 11, 2013

කුස්සියේ හොල්මන්


කුස්සියේ හොල්මන්

මේ කතාව සිද්ද වෙලා තියෙන්නෙ එක්දාස් නවසිය අනු එක දෙක විතර කාලෙදි. ඒ දවස් වල අපේ අම්ම වැඩ කරල තිබු‍ෙන බම්බලපිටියෙ මට ආයතනෙ නම මතක නෑ. gem cutter  කෙනක් විදහට. ඔය ආයතනෙ රෑ වැඩ මුරක‍ාරයන්ට ඇහෙනවලු කුස්සියෙන් පිඟන් විසිවෙන හෝදන පයිප්ප වැඩ කරන හඬවල් හරියට ඇතුලෙ කවුරැහරි ඉඳගෙන උයනව කෑම බෙදනව වගේ. එ්ත් ඇතුලෙන් අගුලු දාලලු තියෙන්නෙ. උදේ පාන්දරට දොරවල් අරිද්දි පයිප්ප එහෙම ඇරල දාල තියනවලු. අවාසනාවකට අද ඒ ආයතනෙ එතන නෑ බංකොලොත් වෙලා අයිතිකාරයො විකුනල ගිහින් මෑතක් වන තුරැ ගරාවැටිච්ච ගොඩනැගිල්ල තිබුන දැන් මං හිතන්නෙ එතන වෙන ගොඩනැගිල්ලක් හදල ! මේ වගේම තව කතා තියනව
බෙලිගල්ලෙන බංගලාව ටත් ගිහින් බලන්න

Wednesday, May 8, 2013

නාග මානික්‍යය


නාග මානික්‍යය

මේ කතාව මට අහන්න ලැබෙන කාලේ තමයි එල්ටීටීඊ එකෙන් කොටුවෙ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනේ එතකොට මම පාසල් ගිහින් යන්තම් අවුරැදු දෙකයි. මේ කතාව මම ලියන මේ අවුරැද්දෙ යුද්දෙ ඉවරවෙලා අවුරැදු හතරකුත් ගතවෙලා.

ඒ දවස්වල අපේ ගෙදර ගෑනු ලමයින්ට බොඩිමක් තිබුනා. සමහර දවස්වල රෑට මේ බොඩිම් අක්කල එකතුවෙලා හොල්මන් කතා කියනව මම හරි ආසයි මේව අහගෙන ඉන්න. ඉතින් ඉස්කෝල ගෙදර වැඩ ටික අතපහු කරල හරි රෑතිස්සෙ අක්කල කියන කතා අහගන ඉන්නව.

බොඩිමට අලුතෙන්ම ආව අනුරාධපුර පැත්තෙ අක්ක කෙනෙක් මෙයා ඒලෙවල් එහෙම හොඳට සමත් ගෑනුලමයෙක් කැම්පසුත් සිලෙක්ට් වෙලා ඒත් ගිහින් නෑ එයා කලේ සිකියුරිටි ජොබ් එකක් විස්වාස කරන්නත් අමාරැයි නේද ඒත් මේක ඇත්තක් මට මේ මෑත දවසක් අපේ අම්ම ඔය ගැන කිවුවම මමත් පුදුම වුනා.

Saturday, March 23, 2013

මැරුනු අක්කගේ බැල්ම


සෑහෙන කාලෙකින් හොඳ හාල්මන් කථාවක් කියන්න බැරි වුන නිසා මං හිතුව කලින් නොකිවුව ටිකක් පරණ කතාවක් කියන්න ගොඩක් ‍කතා වල වගේ මේ සිද්දිය සිද්ධ වුනෙත් අපේ මාම කනෙකුට. මේ කාලේ වෙද්දි යන්තම් එයාගේ වයස අවුරුදු 10-11ක් විතර ඇතිලු.

මෙයා පාසල් ගිහින් තියෙන්නෙ දෙනියායෙ. මට ඉස්කෝලෙ නං හරියටම මතක නෑ. කොහොම හරි මෙයා ඉස්කොලේ යනකොටත් ආපහු ගෙදර එනකොටත් නිතරම ගොඩ වදින නෑදෑ වෙන අක්ක කෙනෙක් ගේ නිවසක් පාසල කිට්ටුවම තිබිල තියනව මේදෙන්න හරි ලෙන්ගතුයි ලු. මෙයා නිතරම ඒ අක්කගේ පිටිපස්සෙම ලු. ඒත් වැඩි කාලයක් යන්න කලින් ඒ අක්ක නැතිවෙලා තියනව ලෙඩකින් මේ කියන කාලේ හැටියට මැලේරියාව වගේ ලෙඩකින් වෙන්න ඕන. ඉතින් ඒ අක්ක ලෙඩ වලා ඉන්න දවස්වල වත් මල ගෙදරට වත් මෙයාව ගෙනිහින් නෑ. පොඩි නිසා දරාගන්න බැරිවෙයි කියල හිතලයි එහෙම කරල තියෙන්නෙ. ඒත් මේ අක්කව වලලපු කනත්තත් තියෙන්නෙ ගෙදර එන පාරෙම.


 පස්සේ මෙයා අක්ක ගැන අහල පෙරැත්ත කරද්දි ගෙදර අය මයාට සිද්දිය කියල පහුවෙනිද ඉස්කෝලෙ යද්දි මෙයාට සොහොන තියන තැනත් පෙන්නගෙනයි ගිහින් තියෙන්නෙ. මෙයා ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙ තනියම පයින් ලු. මේ එන ගමන් අහල පහල කැලෑ ගස්වලින් මල් මිටියකුත් හදාගෙන මේ පොඩිඑකා ගිහින් අක්කගෙ සොහොන බලන්න සොහොනට මල්මිටිය තියල මෙයා යහතින් ගෙදර ඇවිල්ල ඒත් ගෙදර ආපු ගමන් මුලු ඇ‍‍ඟේම පළු දාලා සහලවල උන අරගෙන ගෙදර අයටත් පුදුමයිලු. අපේ ආච්චි වෙදකම දන්නව එයාට සැකහිතිල අහල තියනව අද තෝ කොහෙද ගියේ කියල. එතකොට මෙයා කියනවලු අහවල් අක්කව බලන්න අද සොහොනට ගියා කියල. ඊට පස්සෙ පිරිත්නූලක් බැඳල පිරිත් පැන් එහෙම දීල දවස් දෙකකට පස්සෙ උන හෙඳවෙලා තියනව

කනත්තෙදි අමනුශ්‍ය බැල්මක් වැටිල කියලයි කියන්නෙ

මේක එයාට වුනු එක සිද්ධියක් විතරයි !  

Monday, March 11, 2013

දවසක් මෙහෙම උනා

හොම්මං කත‍ාවක් නෙවෙයි මේක හො‍ෙඳ් 

මායි යාලුවෙකුයි බුකියෙ චැටක්

මෙන්න මෙ‍හෙම

asanna kese asuwat kiyanna sihibuddiyen kiviyayutuya
අන්න ඒකනේ කියන්නේ
eekay niwaradi krame
කියන්න කේසේ ඇසුවත් අසන්නා සිහිබුද්ධියෙන් කිවිය යුතුය
කියන්නා අසන්නා කීවත් සිහිබුද්ධියෙන් කෙසේ ඇසියයුතුය ?
ගහෙන් ඇනපු ගොනාට හතරබීරි වැට පැන්නා වගේ කතාවක්නේ බං ඒක
යුද්දෙට නැතිකඩුව ගිනිතපින්නද කියල මාත් ලියල දැම්ම බං
ගිනි තපින මෙව්වා එකක් අහලා නෑනේ බං මම
දත්නැති ද‍ා
උක් දඬු
ගිනි
තපින මෙව්වා
අප්පට සිරි
ඒක තමයි නේ
අමතක වුණානේ
එකට තමයි දාන්නෙ
උඹත් නිකන් ගහෙන් වැටිච්ච මිනිහට කඩංවැටුන දේවාලෙ කපුවගේ කත‍ා නෙ බං කියන්නෙ
කූඥ්ඥේ ගලවපු කොටියාගේ වලිගේ ගඟට කපපු බල්ලා වගේ
එහෙම කතා කියන්න එපා බං
නිකං මඤ්ඤං වෙලා මෙව්වා වෙලා ආයෙත් මඤ්ඤං වෙනවානේ
කළුවා කෝට්ටෙ ගියා වගේ උඹ නෙ පටංගත්තෙ
හිහිහි
අඩෝ කළුවා කෝට්ටෙ ගියා වගේ එක ටිකක් ලඟින් යනවා ඈ..
එතකොට මැච් වෙනවා වගේ නොවී වගේ යනවා
හිහිහි
ඇයි මං ඕනනං අබර මාරපං ගියා වගේ කියලත් කියන්ව
උඹට පරංගිය සිල්ගත්ත වගේ හැපි නේද
හිහිහි
බලහං පෝස්ට් එකක් දැම්මා
ථෘ
ථෘ
mat blog eke danna kiyala unne
ඉතිං දාපං අවුලක් නෑ
මම උඹේ නමත් දාලි තියේ
හිටිං ටැග් එකක් දාන්න
kohe linkuwa evapiya
හිහිහි එලනේ
හික්ස්
fulla ekama danna one bloge




ඔන්න ඕකලු වුනේ

Sunday, March 3, 2013

වැඩිදෙනෙකු නොදැනගතයුතු කතාවක්



මෑතකදි මියගිය ප්‍රවීන මනෝ වෛද්‍යවරයා කිවුවහම ඔයගොල්ලො හැමෝම දන්නවා ඇති එතුම‍ෙග් නම ප්‍රකාශකරලා එතුමාට අපහාස කරන්න කැමැත්තක් මට නෑ!

මේකථාව පටන්ගන්න විධියක් ගැන මං ඊයෙ මුලු රෑ ම කල්පනා කරා.

කථාව පටන්ගන්නෙ මම අඳුනන මල්ලි කෙනෙක් ගෙන්. මේ මල්ලි අපේ ‍ගෙදරට හරිම හිතවත් තාම පාසල් යන ළමයෙක්. දැනට අවුරුදු තුනකට විතර ඉස්සර ඉඳල තමයි පේ අම්මත් මේ කියන මල්ලි ‍‍ගෙ

Monday, July 16, 2012

මං වගෙ තව එකෙක්


ඔයාල ඕක ගන කතා කරපු නිසා කියන්නෙ මං මේක පොස් ට් එකක් දාන්න කියලයි හිටියෙ .මීට සති දෙක තුනකට කලින් මටත් ඔය වගේම සිද්දියක් සිද්ද උනා. මුලින්ම කියන්න ඕනෙ අපේ ගෙදර අවුරුදු සීයකට වඩා පරනයි . ඒවගේම කොච්චර සුද්ද කරත් ගොඩක් හැඩි වෙලා තියෙන්නෙ ඒකට හේතුව මම දන්නෙ නෑ . මම ක්ලාස් එකකට ගියපු දවසක අපේ අම්ම දැකල තියනව මම ගෙදර පිටිපස්සේ දොරෙන් ඇවිත් මගේ කාමරේට යනව. කාමරේ තියෙන්නෙ ගෙදර සොල්දරේ උඩ. අම්මට එක පාරටම මතක්වෙලා මම ගෙදර නෑ කියල . මෙ සොල්දරේට නගිද්දි දඩ බඩ