Sunday, March 3, 2013

වැඩිදෙනෙකු නොදැනගතයුතු කතාවක්



මෑතකදි මියගිය ප්‍රවීන මනෝ වෛද්‍යවරයා කිවුවහම ඔයගොල්ලො හැමෝම දන්නවා ඇති එතුම‍ෙග් නම ප්‍රකාශකරලා එතුමාට අපහාස කරන්න කැමැත්තක් මට නෑ!

මේකථාව පටන්ගන්න විධියක් ගැන මං ඊයෙ මුලු රෑ ම කල්පනා කරා.

කථාව පටන්ගන්නෙ මම අඳුනන මල්ලි කෙනෙක් ගෙන්. මේ මල්ලි අපේ ‍ගෙදරට හරිම හිතවත් තාම පාසල් යන ළමයෙක්. දැනට අවුරුදු තුනකට විතර ඉස්සර ඉඳල තමයි පේ අම්මත් මේ කියන මල්ලි ‍‍ගෙ
අම්මත් එකිනෙකා අඳුනන්නෙ.

මේ ළමය අපිට සෑහෙන හිතවත් නිසා නිතරම ගෙදර වැඩිහිටියන් එක්ක කථා බහ කරන්න බැරි පුද්ගලික දේ වලට පවා උපදෙස් ගන්නෙ අපේ ගෙදර අයගෙන් කොහොම උනත් එයාට හොරෙන් එයාලගෙ ගෙදර උදවියව මේවා ගැන දැනුවත් කරන්න අපි හැකි හැමවිටම වග බලාගත්තා.
 
කො‍හෙම උනත් 2012 අවුරුද්දෙ මැද වෙද්දි මේ ළමයගෙ හැසිරීම් වල පැහැදිලි වනසක් දකින්න පුලුවන් වුනා. මොකද මෙයා ඉගෙනගන්න දක්ශයි හැමතිස්සෙම කැපීපේන්න කැමති පැහැදිලි හිනා වෙලා ඉන්න චරිතයක්.    හිටි ගමන් ‍වැඩි කතාබහක් නැති හීනමානයෙන් පෙලෙන. නිතරම අනෙක් අය තමන් ගැන වැරදි දකිනව ඇති කියල සැක කරන කෙනෙක් බවට පත්වුනාම කාටත් ඒක දැනෙනව නෙ.

අපි මුලින්ම හිතුවෙ වයසෙ වැරැද්ද නිසා සිද්දවුනු දෙයක් වෙන්න ඇති කියලා. ඒත් එහෙම දෙයක් නං වැඩිකල් තියේන්නෙ නැති නිසා මුලි ඒක කවුරැත්ම ගනන්ගත්තෙ නෑ ඒත් පහුවෙද්දි මෙයා නිතරම වගේ තමන්ගෙ පෙනුම අනිත්අය දකින විධිය ගැන ඕනාවට වඩා හිතන බවත් ඕනාවට වඩා ප්‍රශ්න කරන බවත් අපිට තේරුනා. තමන් හිටපු විධිය අත ඇරල ඕනෑවට වඩා සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න ව‍ගේ උවමනාවකුයි එයාට තිබ්බෙ මම දන්නෙ නෑ ඒතමයි අපට පෙනුනු විධිය.මේ අතරෙ මෙයා පෙනුමෙනුත් අඳුරැ පාට උනා. ඉස්සර තිබුන පෙනුමත් නැතිවුනා.

හොඳම හරිය සිද්ධවුනේ මේ අවුරුද්දෙ (2013) මුල. මෙයා වන්දනා ගමනක් ගිහින් තිබුනා ගෙදර අයත් එක්ක. ඒ ගිහින් ආවට පස්සේ මෙයාට තවත් අමුතු ප්‍රශ්ණ ගොඩක් තිබුනා. හිත දියුනු කරන එක ගැන වගේ. ඒත් එක්කම මෙයා අපේ අම්මත් එක්ක අමුතු කතාවක් කියල තිබුන

වන්දනා ගමනෙදි එයා තනියම ඉන්න වෙලාවක මිනිස්සු වගයක් එයාට කරදර කරන්න ඇවිත් ඒවෙලාවෙ මෙයාට කරකියාගන්න දෙයක් නැති වුනාම හිටිගමන් මහ හුලඟක් ඇවිත් වැස්සක් වැටෙන්න අරගෙන ඒවැස්සෙ පිහිටෙන් මෙයා බේරිලා ඇවිත් තියෙන්නෙ.

ඊට පස්සෙ දිගින් දිගටම වගේ මෙයා මේවගේ ද්වල් කියන්න ගත්ත. දවසක් එයාට අමම ‍කොම්පියුටර් එක දුන්නෙ නෑ කියල තරහ ගිහින් ගෙදර මල් වාස් එකක් පොලොවෙ ගැහුවලු ඒ වලාවෙත් අර වගේම වැස්සක් ඇදන් වැටිල හුලං හැමුවලු ඔයවගේ දේවල්.මෙයා කියනව එයාට අමුතු බලයක් තියනවය කියලත්.

ඉතින්  අපේ අම්ම කියල තියනව එයාට ඉශ්ඨ දේවතා‍වො ගැන එහෙම කදරයකදි ආරක්ෂා කරනව කියලත්

පස්සෙ දවසක මෙයාගෙ අම්මත් කියනව මෙයා ගෙදර බඩු පොලොවෙ ගහනවය මෙයාට ගොඩක් කේන්ති යනවය කියල.

කොහොම හරි කෝකටත් හොඳයිනෙ කියල මෙයාගෙ ගෙදරින් මෙයාව මනේා සායනයකට ගෙනියන්න ලෑස්ති වෙලා. ඒත් මෙයා එන්නෙ නෑලු. පස්සෙ  අපේගෙදර අය කියනදේ අහන නිසා අපේ අම්ම ලව්වත් කියවල තමයි මෙයාව සායනේට අරන් ගිහින් තිබ්බෙ.

වෛද්‍ය තුමාව කතාවට සම්බන්ධ වෙන්නෙ මෙතනින් පස්සෙ. මොකද මෙයාට සායනය කරල තියෙන්නෙ මේ වෛද්‍ය වරයා නිසයි.

මේ මල්ලිගෙ අම්මා කිවුවෙ නං සායනය හොඳින් කෙරුන බවක්;
ඒත් ඒ මල්ලි දොස්තර එයාට බැනවැදුනා එයාට සුපිරි බලයක් නෑකිවුවාය කියල පුදුමාකාර කේන්තියෙන් හිටියෙ. මේ වෛද්‍යවරයට මොනවා හරි වෙන්න කියලමයි එයා ප්‍රාර්ථනා කලේ

කිවුවත් වගේම ඊට දවස් කිහිපයකට පස්සෙ වෛද්‍ය වරයා මියගියා මේක අහඹු සිදුවීමක්ද නැත්නං ඒ මල්ලිට ඇත්තටම සුපිරි බලයක් තියනවද එහෙමත් නැතිනම් හොඳ හෝ නරක අමනුෂ්‍ය බලපෑමක් ද කියන එක තාමත් ප්‍රශ්ණයක් ඒත් රටට වටින පුද්ගලයෙක් අහිමි වීම නම් ලොකු දුකක්. !      
    

    

1 comment:

  1. යක්කු පෙරේතයො භූතයො ඇත්තටම ඉන්නවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete