Wednesday, May 8, 2013

නාග මානික්‍යය


නාග මානික්‍යය

මේ කතාව මට අහන්න ලැබෙන කාලේ තමයි එල්ටීටීඊ එකෙන් කොටුවෙ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනේ එතකොට මම පාසල් ගිහින් යන්තම් අවුරැදු දෙකයි. මේ කතාව මම ලියන මේ අවුරැද්දෙ යුද්දෙ ඉවරවෙලා අවුරැදු හතරකුත් ගතවෙලා.

ඒ දවස්වල අපේ ගෙදර ගෑනු ලමයින්ට බොඩිමක් තිබුනා. සමහර දවස්වල රෑට මේ බොඩිම් අක්කල එකතුවෙලා හොල්මන් කතා කියනව මම හරි ආසයි මේව අහගෙන ඉන්න. ඉතින් ඉස්කෝල ගෙදර වැඩ ටික අතපහු කරල හරි රෑතිස්සෙ අක්කල කියන කතා අහගන ඉන්නව.

බොඩිමට අලුතෙන්ම ආව අනුරාධපුර පැත්තෙ අක්ක කෙනෙක් මෙයා ඒලෙවල් එහෙම හොඳට සමත් ගෑනුලමයෙක් කැම්පසුත් සිලෙක්ට් වෙලා ඒත් ගිහින් නෑ එයා කලේ සිකියුරිටි ජොබ් එකක් විස්වාස කරන්නත් අමාරැයි නේද ඒත් මේක ඇත්තක් මට මේ මෑත දවසක් අපේ අම්ම ඔය ගැන කිවුවම මමත් පුදුම වුනා.

මේ අක්කලගෙ පවුලෙ කට්ටිය හේන් ගොවියො.කතාව සිද්ධවෙලා තියෙන්නෙ මේ අක්කගෙම එකකුස උපන් අයියට මට මේ කාගෙවත්ම නම් ගම් නං මතක නෑ සමාවෙන්න ඕන!

කතාව පටන්ගන්නෙ මෙහෙමයි අයිය සාමාන්‍යපෙලින්ම පාසල් ගමන නවත්තල හේන් ගොවිතැන් වැඩ වලට සම්බන්ධ වෙලා තියෙන්නෙ. මේ අයියයි තාත්තයි දෙන්නම ලු රෑ පැල් රකින්න යන්නෙ හේනට. දවසක් මෙයාගෙ තාත්ත අසනීප වෙලා අයිය විතරයි ලු පැලට ගියෙ මේ හෙන එක කොනක මහා ගල්තලාවක් තියනවලු පලාතක් වැහෙන්න ඊට පිටිපස්සෙන් තියන්නෙ කැලෑවලු. ඉතින් කැලෑවන් සත්තු එද්දි ගල්තලාව හරහ එනව හොඳට පේනවලු. හඳ එලිය සත්තුන්ගෙ ඇස් ඈත තියාම දිලිසෙනව පේනකොට කෑගහල එලවනව. පාලු යන්න රේඩියො එක දාගන්නවලු. ඔහොම තමයි පැලේ ජීවිතේ. ‍පැල හදපු ගහ යට ගිනිමැලයක් අවුලල තියනව. ඒකත් සත්තු එලවන්නලු කරන්නෙ. කරැමෙට මේ කියන දවස අමාවක දවසක් හඳ එලියවත් නැති නිසා යන්නම් මොව හරි පේන්නෙ පැල යට ගිනි මැලෙන් නැතිනම් ‍විදුලිපන්දමක් ලඟ තියාගෙන ඉන්නව. කහොම වෙතත් එදා හරිම පාලු දවසක් වන සත්තු එන පාටක්වත් නෑවගේ ලු කම්මැලි කමට මේ අයියට නින්ද ගිහින් තියනව පැලේ .අහ් තව දෙයක් මේ ගමත් ඔය මායිම් ගම්මාන වලට කිට්ටුවයි තිබිල තියෙන්නෙ.

මහ රෑ නිකන් අමුත්තක් දැනිල ඇහැරිල තියනව. ඇහැරෙද්දි ගල් තලාව පැත්තෙන් මහා අමුතු දිස්නයක් එනවලු හරියට පුන්චිම පුංචි තරැවක් ගල්තලාව උඩ වැටිල තියෙන්නා වගේ. මේ දිස්නෙ දැක්කම ඒකෙන් ඇස් ඉවතට ගන්න හිත දෙන්නෙම නැති වුනාලු ඉතින් මෙයා මේදිහාම බලං ඉඳල තියනව. ඒත් එකපාරටම මේ දිස්නෙ නැතිවෙලා ගිහින් මෙයා පස්සෙ ගල්තලාව දිහාවට විදුලි පන්දමත් අල්ලල බැලුවලු ඒත් කිසාම දෙයක් නැතිනිසා පහුවෙනිද දවාලෙත් ගිහින් හොයල තියනව. ඒත් කිසි තොරතුරක් නැතිලු

තාත්ත තාමත් අසනීප නිසා එද‍ා රෑත් තනියම මේ අයිය පැලට ගියාලු එදා මෙයා මුලු රෑම හොඳ අවදියන් ඉඳල එ්ත් සතෙක් දෙන්නෙක් ඇර කිසිම වෙනසක් නම් දැකල නෑ ඒත් ඊට සතියකට විතර පස්සෙ අර වගේම පාලු දවසක් ආවලු මෙයා එද‍ා හොඳ විමසිල්ලෙන් ගල්තලාව දිහා බලාගෙන ඉඳල නිදාගන්නෙ නැතුවම එදා එයා දැකල තියනව ඈත කැලෙන් විසාල පිඹුරෙක් විතර උරගයෙක් ගල්තලාව පැත්තට ඇදිල එනව ඌ ඇවිත් ගල්තලාව උඩ ටිකවෙලාවක් දිගාවෙලා ඉඳල දිස්නෙද‍ාන ගල්කැටයක් වැමෑරැවලු  පස්සෙ දරනෙ ගහගෙන එ්දිහාවේ බලාගෙන ඉන්නවලු. එක සැ‍ෙර්ටම කැලේ එහා කොනෙන් වල්උෟරෙක් එලියට අාවලු එසැනින් මේ සර්පය අර ගල්කැටේ  ගිලල කැලේට ඇදුනලු . අර එදා දැකපු කාන්තියම මේ ගල් කැටෙන් විහිදුනේ. මෙයා සැක ඇරල දැනගත්තලු මේ නම් නාග ම‍ානික්‍යයක්ම තමයි කියල පස්සෙ මෙක ගෙදර අයටත් කියල කාලයක් යද්දි මෙයාට මේ නාගය ගල්තගාවට යන එන එන රට‍ාව ‍ෙහාඳට පුරැදු වුනාලු අහවල් දවසෙ මේවෙලාවට එයි කියල කියන්න පුලුවන් ගානටම. මේ අතරෙදි තමයි ගමේ වැඩිහිටියො වගයක් නාගම‍ානික්‍ය ගන්න විදිහක් ගැන කියනව මෙයාට  ඇහිල තියෙන්නෙ.

ඒකත් එසේ මෙසේ රාජකාරියක් නෙවෙයි. තනි කෙනකුට කරන්න පුලුවන් දෙයකුත් නෙවයි. මුලින්ම  අදාල අය මුලු ඇ‍ෙඟේම මඩ තවරගෙන නාගය එත න තැනට සැලකියයුතු දුරක් ඈතින් ගොම රිටකුත් තියා ගෙන රැකගෙන ඉන්න ඕනෙ පස්සෙ නාගය මැනික වමාරනකන් ඉඳල කිසි සද්දබද්දයක් කලබලයක් නොකර ගොම පිඬ අර මැනික වැහෙන්න විසි කරන්න ඕනෙ වැඩේ ගැස්සිල ගොම පිඬ මැනිකට නොවැටි නයා දැක්කොත් උෟ මැනික ආපහු ගිලගෙන කැලෑ වදිනව එහෙම වුනොත් හොඳයි ඒත් න‍ාගය තමුන්ව දැක්කොත් විනාසයක් තමයි වෙන්නෙ එතැනම දස්ට කරල මරණව. මේ කොහොම වුනත් නාගය ආපහු නැවතවතාවක් එතැනට එන්නෙත් නැතුව යනව.

කොහාම හරි මේ අයිය  දන්න විස්වාසවන්ත යාලුවෙකුත් අඬගහගෙන සුදුසු දවසක් බලල වැඩේට ලෑස්ති වුනාලු යාලුවනං මුල ඉඳලම මේකට අකමැත්තෙනුයි ඉඳල තියෙන්නෙ. ඉතින් එ්දවසෙ බලං හිටියලු නයා ආවෙ නෑ ලු . දෙන්නම බලාපොරාත්තු අතෑරල ගෙදර ගිහින් ආයෙත් දවසක් දෙන්නම කොකටත් කියල ගල්තලාවෙ ඔය කියන තැනට තරමක් ඈතින් පුංචි පැලක් අටවගෙන හැංගිල ඉඳල තියනව මදුරැවො නිසා ඉන්නම බෑලු බැරිම තැන අර යාලුව ගිනි මැලයක් ගහමු කියල නැගිට්ටලු ඉතින් යාලුවට සද්ද කරන්න එපා කියන්න මේ අයියත් නැගිටල ඒදැක්ක පාරට දෙන්නම තුෂ්නිම්බුත වෙලා ගියාලු මේ කියන නයා අඩි පහලොවක් විතර දිගයිලු ඌ මේ දෙන්නට පේන මායිමේ සෑහෙන තරම් දුරකින් ගල්තලාවෙ පහලට බඩගාගෙන යනව හඳ එලියට පේනවලු . ගහින් නැවතිල අර මැනික් ගල වැමෑරැවලු ඒමැනිකෙ දිස්නෙ දැක්කම පුදුම ආසාවක්ලු ඇතිවෙන්නෙ. දැං නයා දරනෙ ගහගෙන මැනික දිහා බලං ඉන්නවලු . අර අයියගෙ යාලුව හෙමින් පහත් වෙලා ගාම ගුලියක් අරගෙන අයියගෙ අතට දුන්නලු . මේ ඉන්න දුරේ හැටියට ඉලක්කයක් ගන්න තියා හිතන්නවත් බෑලු මැරෙනවනං එක සැරයයි නෙ කියල හිතාගන අයිය ගොමගුලිය විසි කරල මුගෙ වෙලාව කියන්නෙ ගොම ගුලිය උඩින් ගිහින් වැටිල තිනේනෙ මැනිකට නෙවෙයි නයාගෙ ඔලුව උඩට නයා එක පාරට අන්දුන්කුන්දුන් වෙලා හෙල්ලෙනෙවක්වත් නෑ ලු . උෟ බලන්නැති කවුද යකෝ එකපාරට ලයිට් ඕෆ් කරේ කියල  :P . පස්සෙ මේ අයිය තවත් ගොම රිටක් අරගෙන දුවල ගිහින් එ්ක අර මැනිකට ගැහැවුවලු . ඊට පස්සෙ මැනිකත් එක්කම ‍ෙගාම රිට අරගෙන දුවල ඇවිත් පැල ඇතුලෙ හැංගුනාලු   දැං දෙන්නම නයා දිහාවෙ බලාගෙන ඉන්නවලු මු ටිකවෙලාවකින් ඔලුව ගසල ගොම ටික අයින්කරගත්තලු ඊට පස්සෙ මැනික තිබුනු තැන බැලුවලු එතන මැනික නැති බව තේැරනාම හත් වතාවක් ඔලුව ඒ ගල්තලාවෙ ගහගත්ලු ගල්තලාව උඩ ලේ විලක් වෙනකන් ඊට පස්සෙ කැ‍ෙ‍ල්ට ඇදිල ගියාලු

යාලුවො දෙන්න ඉතින් එදා රෑ ගල්තලාවෙ නිදාගත්තලු පහුවදා උදේ අයියගෙ යාලුව ඇහැරෙද්දි අයිය පේන්නවත් නෑල්ලු මූ ගෙදර ඇතියි කියල හිතාගන ගෙදර ඇවිත් බලද්දි ගෙදරත් නැහැලු පස්සෙ ගෙදර මිනිස්සුත් කලබල වෙලා හැමතැනම හොයල මිනිහව මාසෙනට විතර පස්සෙ හම්බවෙලා තියෙන්නෙ මායිම් ගම්මාන පැත්තෙන් එ් ගේනකාටත් මිනිහට හොඳටම පිස්සු හැදිලලු.

මෙයා ඇඳන් හිටපු ඇඳුමෙ පොට්ටනියක් ගැටගහගෙන ඉඳල තියනව ඒ පොට්ටනිය ඇතුලෙ තිබිල එක එක ගල් කෑලි ගොඩක් එක්ක මේ කියන නාග ම‍ානික්‍යත් හම්බ වෙලා තියනව අරවගේ දිලිසෙන්නෙ නැතිලු ඒත් මැනික් ගලක් කියල පේනවලු. පස්සෙ ‍ෙම් අයියලගෙ තාත්ත මේක අර අයියගෙ යාලුවට දීල දැන් ඉතින් මේකෙං අපට පලක්නෑ පුතාම තියාගන්න කිවුවලු. මේ අයිය ආයෙත් අර පොට්ටනිය ලිහද්දි මැනික නෑ කියල දැකල පිස්සු තදවෙලා ආයෙ ගෙදරින් පැනල ගිහින් ගෙදර ඇවිත් නෑ එල්ටීටී ඊ එකෙන් මරන්න ඇති කියල තමයි කිවුවෙ. මේ අතර මේගොල්ලන්ගෙ තාත්තට හොයාගන්න බැරි ලෙඩක් හැදිල ටික කාලෙකින් නැතිවෙලා. මේ අක්කලග ගෙදර අම්මයි තව නංගිල දෙන්නෙකුයි මල්ලි කෙනකුයි ඉන්නව ඉතින් වැඩිහිටි පිරිමි කවුරැත් නැති නිසා හේන් පාලුවට ගිහින් . යන්තං අක්කයි අම්මයි මොනව හරි වවාගන්නවලු .

මේ අතරෙ අර අයියගෙ යාලුවට හොඳටම සරැවලා වාහන එහෙම අරගෙන වෙන පලාතක පදංචිවෙලා කසාදත් බැඳලලු ඒත් මේ මනුස්ස‍ය මෙයාලව අමතක කරල නෑ එයා තමයි අක්කට කොලඹ එන්න උදවු කරල තියන්නෙ කොහොම හරි අක්කගෙ කැම්පස් ගමනත් නැවතිල නංගිල මල්ලිලට උගන්නන්නයි කොලඹ ජීවත්වෙන්නයි රස්සාවක් ඕනෙම නිසා තමයි සිකුරැටි රස්සාවට ගිහින් තියෙන්නෙ පස්සෙ අම්මත් ‍ෙලඩ ගානට වැටිල ඒගමන තමයි අක්ක අපේ බෝඩිමෙන් ගියේ අම්මව බලාගන්න එතකොට පොඩි මල්ලි ආයෙත් හේන වවන්න පටන් අරන් ලු

මට පස්සෙයි දැනගන්න ලැබුනෙ මැනික ගත්තම නයා හත් සැරයක් ඔලුව පො‍ලෙවෙ ගහල හත්මුතු පරම්පරාවටම සාප කරනවලු එ් සාපෙ නිසා වෙන්නැති මේ අක්කලට මෙච්චර කරදර සිද්ද වුනෙ හත්වෙනි පරම්පරාවෙන් පස්සෙ දියුනුව උතුරනවලු ඒනිසා තමයි මැනික ගත්ත අයියගෙ යාලුවට එච්චර සරැ වෙන්න ඇත්තෙ . කාගෙන් ගත්තත් මේක හොරකමක් හොරකමට දඬුවම් ලැබුන වෙන්නැති !

  


No comments:

Post a Comment