Monday, July 16, 2012

මං වගෙ තව එකෙක්


ඔයාල ඕක ගන කතා කරපු නිසා කියන්නෙ මං මේක පොස් ට් එකක් දාන්න කියලයි හිටියෙ .මීට සති දෙක තුනකට කලින් මටත් ඔය වගේම සිද්දියක් සිද්ද උනා. මුලින්ම කියන්න ඕනෙ අපේ ගෙදර අවුරුදු සීයකට වඩා පරනයි . ඒවගේම කොච්චර සුද්ද කරත් ගොඩක් හැඩි වෙලා තියෙන්නෙ ඒකට හේතුව මම දන්නෙ නෑ . මම ක්ලාස් එකකට ගියපු දවසක අපේ අම්ම දැකල තියනව මම ගෙදර පිටිපස්සේ දොරෙන් ඇවිත් මගේ කාමරේට යනව. කාමරේ තියෙන්නෙ ගෙදර සොල්දරේ උඩ. අම්මට එක පාරටම මතක්වෙලා මම ගෙදර නෑ කියල . මෙ සොල්දරේට නගිද්දි දඩ බඩ
ගාල සද්දෙ ඇහෙනවා ලීවලින් හදල තියෙන්නෙ . අම්මට දැන් උඩ කවුරුහරි එහෙ මෙහෙ යන සද්දෙත් ඇහෙනවලු . ඉතින් දුවල ඇවිත් බලල . කවුරුත් ඉඳල නෑ . පසෙදවසක අම්ම මට මේකතා ව කිව්ව .


ආයෙත් දවසක් මම වැසිකිලියට ගියාට පස්සෙ . අපෙ ගෙදර වැසිකිලිය තියෙන්නෙ ගෙදරට ටිකක් ඈතින් මිදුලේ කොනක. ඉතින් මං ගියාට පස්සෙ . අම්මදැකල තියනව මං ආපහු අර විදිහටම කාමරේට යනවා . මං ඇත්තටම එනකොට අම්ම අහනවා අයියා ඔයා දැන් කාමරේට ගිය නේද කියල. (අපෙ අම්ම මට කතාකරන්නෙ අයිය කියල මල්ලිට කතකරන්නෙ මල්ලි කියල හොඳේ).මාව කොර වෙලා ගියා මං ඉක්මනට කාමරේට ආව එනකොට ලයිට් එක ඕෆ් කරල. මගේ කොම් එක ඔන් වෙලා තියනව ස්ලීප් මූඩ් වැටිල මොනිටරේ පොඩි එල් ඊඩී බ එකේ එලියෙන් මට පේනව මගේ . කොම් එක ඉස්සරහ මං ඉඳගන්න පුටුවෙ කවුද වාඩි වෙලා ඉන්නව . මල්ලිද දන්නෙ නෑනෙ ඕකත් හිටිගමං ගොන් වැඩ කරනව. මං ලයිට් එක දැම්ම . පුටුවෙ මෙලෝසතෙක් නෑ කාමරේම හිස්. එකපාරටම පහල තට්ටුවෙ ඉඳන් අපෙ මල්ලි අම්මට කතාකරන හඬ ඇහුන මගේ ඇඟ සීතල වෙලා ගියා කොහොම හරි එදා තමයි මං හරියටම දැනගත්තෙ හිරිගඩු පිපෙන්න බය වෙනව කියන්නෙ මොනවගේ එකක්ද කියල. 
ඒත් තාමත් මං ඒ කාමරේමයි ඉන්නෙ රෑ දොලහ වෙනකන් ඇහැරිල ඉඳන් හොල්මං කතා පොස් ට් කියවන්නෙ . මේවගේ කාරනා ඇත්තටම බයවෙන්න ඕන දේවල් නෙවෙයි . කෙනෙක් බය වෙන්නෙ නැත්තන් එයා සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නත් බෑ එක්කො රහත් වෙල වත් ඉන්න ඕනෙ . මොකො බය ඇතිවෙන්නෙ අපේ ජීවිතේ අතහැරල යන්න තියන අකමැත්ත නිසා. අපි මේ ලෝකෙ හැමදේටම වඩා කැමති අපේ ජීවිතේට නෙ . ඔය අකමැත්ත අයින් වෙන්නෙ බෞද්ධ දර්ශ්නේ හැටියට රහත් උනාට පස්සෙ . අනාගාමී අයටත් මං දන්න තරමින් බය දැනෙනව . තමන්ට දැනෙන බය් පාලනය කරගන්න හොඳම විදිහක් තමයි. ඔයවගේ සිද්දියකදි මෙහෙම හිතන එක . හොල්මනට පුලුවන් වැඩිම උනොත් මගේ ජීවිතේ නැති කරන්න . මං මගේ ජීවිතේ නැතිවෙනවට බය නෑ කියල හිතන්න. ආයෙ ඊටපස්සෙ තව මොනවද එයාලට කරන්න පුලුවන් ??

4 comments:

  1. ඇඩෙනවා..
    උබලෑ ගෙදර හොල්මං ගුහාවක්නේ...

    ReplyDelete
  2. හිහි උඹ අදද දන්නේ ........

    ReplyDelete
  3. පෞරාණික ගෙදරක්.එහෙනම් සුවර් හොල්මන් ඇති

    ReplyDelete
    Replies
    1. පෞරානිකයි කිවුවට අවුරැදු 100ක් විතර

      Delete