Pages
- මුදුන් වහල
- අභූත කථාව මහසෝනා
- දවසේ සිතුවිලි
- බෙලිගල්ලෙන බංගලාව
- ගම්භාර දෙවියො (ගොපල්ලා)
- තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො
- නුදුටු පැතිකඩ
- වටයා
- හරක් වෙසින් අවතාර
- සොල්දරය
- පලමු අත්දැකීම
- එකවර දෙකක් !
- පැන්චි
- අනික බයිසිකලේ පදින එකාට ඇහෙන්නෙත් නෑනෙ උගේ ඔලුව නෑනෙ .
- නිවැසියන් එලවන මලවුන්
- ප්‍රශ්නෙකට උත්තර
- මං වගෙ තව එකෙක්
- වැඩිදෙනෙකු නොදැනගතයුතු කතාවක්
- දවසක් මෙහෙම උනා
- මැරුනු අක්කගේ බැල්ම
- නාග මානික්‍යය
- දෙපා නැතිව දුවන භූතයා
- ගුවන් තොටුපොල කැලඹු යැකින්න
Monday, July 16, 2012
මං වගෙ තව එකෙක්
ඔයාල ඕක ගන කතා කරපු නිසා කියන්නෙ මං මේක පොස් ට් එකක් දාන්න කියලයි හිටියෙ .මීට සති දෙක තුනකට කලින් මටත් ඔය වගේම සිද්දියක් සිද්ද උනා. මුලින්ම කියන්න ඕනෙ අපේ ගෙදර අවුරුදු සීයකට වඩා පරනයි . ඒවගේම කොච්චර සුද්ද කරත් ගොඩක් හැඩි වෙලා තියෙන්නෙ ඒකට හේතුව මම දන්නෙ නෑ . මම ක්ලාස් එකකට ගියපු දවසක අපේ අම්ම දැකල තියනව මම ගෙදර පිටිපස්සේ දොරෙන් ඇවිත් මගේ කාමරේට යනව. කාමරේ තියෙන්නෙ ගෙදර සොල්දරේ උඩ. අම්මට එක පාරටම මතක්වෙලා මම ගෙදර නෑ කියල . මෙ සොල්දරේට නගිද්දි දඩ බඩ
ප්‍රශ්නෙකට උත්තර
Pramoda ඔයාල අහල නැද්ද හොල්මන් අවතාර ගෙන්නගන්න ක්රම?
තව එක ක්‍රමයක් තියනව .......අනතුරු අඩුයි !!අපිට පිලිගත හැකි සාක්ශි ලබෙන්නත් තියන අවස්ථාව වැඩියි අවශ්‍ය දේ
කැසට් රෙකොඩරයක්
මයික් එකක්
නිශ්ශබ්ධ කාමරයක් (හොල්මං තිබේ යැයි ප්‍රසිද්ධ ස්තානයක් වඩාත් සුදුසුයි , ඒ නැතත් කමක් නෑ)
රෙකෝඩරේ වෙනුවට ෆෝන් එක උනත් අවුලක් නෑ නැත්ත කොම් එක හරි .ඒත් කැසට් රෙකොඩරයක් ගන්න විෂේශ හේතුවක් තියනව ඒව පස්සට කත කරමු . ක්‍රමේ මෙහෙමයි මුලින්ම රෙකොර් ඩ් ඔන් කරලා දිනෙයි වෙලාවයි කියල පටන් ගන්න ඕනෙ වෙන දේකට නෙවෙයි පස්සෙ පැටලෙන නිසා .
මෙහෙමයි ,
මුලින්ම ආගම අදහල තමන්ගෙ ආගම බෞද්ධ නන් පන්සිල් අරගෙන මලගිය ප්‍රාන කාරයින්ට පින් දීලා . ආරාධනාවක් කරන්න ඕනෙ
''සුභ රාත්‍රියක් මිත්‍රවරුනි .ඔබට මා පවසන දේ ඇසෙනවා නම් පිලිතුරු දෙන්න "
කියල විනාඩියක් විතර නිශ්ශබ්ධව ඉන්න ඕනෙ . කිසිම ශබ්දයක් ඇහුනෙ නැති උනාට කමක් නෑ රෙකොඩ් ඔන් එකේ තියගන්න මතක ඇතුව . ඊට පස්සෙ
"කරුනාකරලා ඔබලාගේ නම් පවසන්න පුලුවන්ද කියල අහන්න "
හැම ප්‍රශ්නෙකටම පස්සෙ විනඩියත් විනාඩි පහත් අතරෙ නිශ්ශබ්දතාවයක් තියාගන්න
පලවෙනි දවසෙ ඔයටික කරන්න
පලවෙනි දවසෙ ප්‍රතිපල ලැබෙන එකක් නෑ ඒත් දිගටම කරන්න
මෙහෙම දිගටම කරද්දි හොඳ ප්‍රතිපලයක් ලැබුනොත් ඊලඟට කරන්න තියෙන්නෙ තමන්ගේ නම වඩා පැහැදිලිව හා වැඩි ශබ්ධයකින් කියන කෙනාව තෝරගන්න එක .
ගොඩක් වෙලාවට ඇහෙන්නෙ ඇදිලා යන වෙවුලන හඬවල් එ අතරින් හොඳම එක තෝරගන්න ඕනෙ පස්සෙ රෙකෝඩ් කරද්දි
''සුබ රාත්‍රියක් මිත්‍ර වරුනි''
අපි කියමු හොඳටම තමන්ගෙ නම කිව්වෙ ''කලු කුමාරයා '' ය කියල
''අද අපි සාකච්චා කරන්නේ කලුකුමාරයා සමගයි ''
''අනිත් අයට තමන් කැමතිනම් විසිර යා හැකියි ''
කියල සාකච්චාව පටන්ගන්න ඕනෙ පස්සෙ ඔයා ට අවශ්‍ය දෙයක් ඒ කෙනාගෙන් අහන්න පුලුවන් . හැම විමසීමකටම පස්සෙ පිලිතුරු සැපයීමට ප්‍රමානවත් තරම් කාලයක් නිශ්ශබ්ධව ඉන්න ඕනෙ . ඒවගේම අවසානයේ සියල්ලන්ටම විසිරීයන ලෙස කියන්නත් ඕනෙ
. මේ ක්‍රමේ ඒනිසා ගොඩක් අනතුරු අඩුයි
මේක තමයි ගොඩක්ම ලේසියෙන් ආම්පන්න අඩුවෙන්ම පාවිච් කරල කරන්න පුලුවන් එකම විදිහ
කරද්දි හැමතිස්සෙම එකම තැනක් තෝරගන්න
කඩින් කඩ කරන්න යන්න එපා (අද කරා හෙට කරන්නෙ නෑ ආයෙ අනිද්ද කරනව වගේ)
අහන ප්‍රශ්න පැහැදිලිව අහන්න .
පිලිතුරු සපයන්න කාලයක් දෙන්න .
මේක තිබ්බෙ අධිමානසික විද්‍යාව ගැන තිබුනු පොතක මේ ක්‍රමේ කාටවත් කියන්න නෙවෙයි හිටියෙ දැන් කිව්වනෙ ප්‍රතිඵල ලැබුනොත් අපිව දැනුවත් කරන්න
Sunday, July 8, 2012
සතුටු දවසක්
මෙම බ්ලොග් අඩවිය අරඹා දැනට තෙමසක් ගතවී ඇත විස්සකට නොවැඩි පොස්ටු ගනනකින් මා ඔබ වෙත මා දන්න මෙන්ම ඇසූ. අත්භූත මෙන්ම වැදගත් යැයි සිතෙන කතානතර කිහිපයක් තිලින කරෙමි . අද දින එහි අග්‍ර ඵලයක් වෙමින් මාගේ බ්ලොග් අඩවිය බැලූ වාර ගනන 1000 ක් බවට පත්ව තිබෙයි මෙය බැලූ බැල්මට ඉතා කුඩා කඩ ඉමක් ලෙස පෙනුනනද විනෝදය උදෙසා බ්ලොග් අඩවිය ලියන මා ප්‍රීතියෙන් අමන්දානන්දයට පැමිනවීමට සෑහුනි ........මා සමග සැමදා හිඳි අලුත් ලෝකය බ්ලොග් අඩවියට පිවිසෙන ඔබ සැමට හා මා හට මෙපමන දුරක් ඒමට උපකාර කල ඔබ සැමට මාගේ ප්‍රනාමය පලකර සිටිමි !!
Friday, July 6, 2012
නිවැසියන් එලවන මලවුන්
මෙම සිදු වීම සිදුවී ඇත්තේ ආසන්න වශයෙන් අසූව දශකයේ අග භාගයේ වියයුතුය මෙම සිද්දියට මුහුන දුන් තැනැත්තා මාගේ මාමා කෙනෙකි .
ඔහු යකෙකුටවත් බය නැති ජාතියේ අයෙකි
අනික බයිසිකලේ පදින එකාට ඇහෙන්නෙත් නෑනෙ උගේ ඔලුව නෑනෙ .
මේ කතාව මට කිව්වෙ හොල්මං කතා ගෘප් එකේ හොඳ සාමාජිකයෙක විදුර සුපුන් මේ දවස් වල පාඩම් කරන ් නිසා කතාව ලියාගන්න වෙලවක් නැතිලු . මෙන්න මේකයි කතාව .
මේ කතාව සිද්දවෙල තියෙන්නෙ කෙත් හේන ජල පවිත්‍රාගරය කිට්ටුව කලුතර පැත්තෙ ඉන්න අය දන්නව ඇති . මට මේ කතාව කියපු විදුරගෙ අයියගේ යාලුවෙකුට තමයි සිද්දියට මූන දෙන්න වෙලා තියෙන්නෙ . ඔය ප්‍රදේසයට යන පාර කිලෝමීටර ගානක් යනකන් හරිම පාලුයි ලු . පාරෙ බෙහෙතකට හොයාගන්න බලුබල්ලෙක් නෑ . දෙපැත්තෙම තියෙන්නෙ පාලු රබර් වතු විතරයි . මේ කතාවට මූන දුන්නු අපේ යාලුවගෙ යාලුවා වැඩට යන්නෙ පා පැදියෙන් ඔන්න එදා රෑ මිනිහ වැඩ ඇරිල ගෙදර එද්දි මනුස්සයෙක් බයිසිකලේට අත දැම්මලු. ඔය පාරෙ යන්නෙ එක බස් එකයි . අනික රෑවෙලානෙ ඔන්න ඉතින් අර යාලුව මේ මගදි මුනගැ හුනු මනුස්සයවත් දාගෙන පදින්න ගත්තලු .ඔහොම පැදගෙන යද්දී ඉස්සරහ පාර කන්ද පදින්නත් අමරුයි .අර නැගපු මනුස්සය කිව්වලු මං ඉතිරිටික පදින්නං කියල කොහොමින් හරි ඉතින් යාලුවව බයිසිකලේ මැද පොල්ලෙ ඉන්දවල මූ පදිනවලු පදිනව නෙවෙයි විදිනවලු කන්දෙත් මූ බයිසිකලේ හැටට හැටේ යනවලු ගානක් නැතුව. මූ යන වේගෙට යාලුවා පොඩ්ඩක් බය වෙලා ඇයි ඇනගත්තොත් එහෙම දෙන්නම ඇයි ඇනගත්තොත් එහෙම දෙන්නම හබක් නෙ . යාලුව මූට හෙමින් යමු ය කියනවලු ඒත් මූට නෙවෙයිලු ගානක් . අන්තිමට යලුවා පිපස්ස හැරිල බලල තියනව ........ඔන්න එතකොටලු මිනිහට දෙලෝ රත්වුනේ . දැන් මේ බයිසිකලේ පදින එකාගේ ඔලුව නැහැල්ලු . හත්දෙයියනේ කාට කියන්නද ... මූ බෙරිහන්දීල කෑගහන්න අරන්. කෑගැහුවට වැඩක් තියනවයෙ .හතරවටේම රබර් වතුනෙ තියෙන්නෙ . හික්.. අනික බයිසිකලේ පදින එකාට ඇහෙන්නෙත් නෑනෙ උගේ ඔලුව නෑනෙ .
ඔය අස්සෙ යාලුවට සිහිනැතිවෙලා . පහුවෙනිද ගෙදර අය හොයද්දි මනුස්සය ඉන්නවලු කනත්තෙ වැටිල බයිසිකලේ ගහකට හේත්තුකරල තියනවලු . ඔන්න ඕකයි සිද්දිය .
හොඳද කියල බලල කොමෙන්ට් එකක් දාන්නකො
Sunday, June 10, 2012
පැන්චි
කාලයක් තිස්සෙ පුදුමාකාර කථා හිඟයක් නෙ තිබ්බෙ හොයල හොයල බැරිම තැන
ගෙදර තිබුනු පරණ පොත් රාක්කේ අදිද්දි මට ලැබුන
මං පහ වසරෙදි බොහොම ආසාවෙන් කියවපු පොතක්
මේ පොත ටිකක් විතර පරනයි ලියල තියෙන්නෙ ''පී.ඇම්.වයි.ජී.හීන්බන්ඩා '' යන අයයි පොතේ නම ''ඇත් දමනය'' අත්භූත දේවල් අතරෙ මේ අපි කවුරුත්
හොඳින්ම දන්න අලි ඇත්තු ගැන බොහොම රසවත්
කතා පෙලක් මේ පොතේ අන්තර්ගත වෙලා තියනව
. ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් විදිහට එලිදැක්විල තියෙන්නෙ මුදිත වසර ගැන සටහනක් නෑ පොත කොහොමහරි ගොඩක් පරණයි
.
Thursday, May 17, 2012
එකවර දෙකක් !
මෙම සිදුවීම සිදුවී දැනට වසර තුනක් සම්පූර්න වී ඇත . සිදුවීම අත්භූත දෙයක් ද නැතිනම් සැබෑවක් මා සිතතුල වූ බිය නිසාවෙන් අත්භූත ලෙස පෙනුනේද යන්න තවමත් මත් මට ස්ථිර නැත කෙසේ නමුත් මෙම සිදුවීම ඔබ හමුවේ තැබීමට කැමැත්තෙමි . උසස් පෙල රසායන විද්‍යා පන්තිය සඳහා එදින මා පිටත් වන විට වෙනදාමෙන්ම ප්‍රමාදවී තිබුනි . නිවසින් පිටව යන විටම අම්මා එවෙලේම සාදාදුන් බත් පැකැට්ටුවද පොත් මල්ල තුලට දමාගැනීමට මා අමතක නොකලෙමි එදින රජයේ නිවාඩු දිනකි . ඇත්තෙන්ම එදින පෝය දිනකි . පෝය දිනවල අමතරපන්ති නිවාඩු දීමට නීති පනවා වැඩි කලක් ගතවී නොතිබිනි .
මේ අමතර පන්තිය පැවතියේ නුගේගොඩය වෙනත් ප්‍රසිද්ධ පන්ති මෙන් නොව ඉතා කුඩාවටත් චාම්වටත් පැවතුනු පන්තියේ සිසුන් සිටියේ පහලවක් හෝ විස්සක් වැනි සුලු පිරිසකි . අප සියලු දෙනාම එම පන්තියට ප්‍රියකලෙමු පන්තියේ සිටි සියලු සිසු සිසුවියන් සහෝදර සහෝදරියන් මෙන් විය . ගුරු භවතුන්ද ඉතාමිත්‍රශීලීය. පොහොය දිනවල අමතර පන්ති නවතා තිබුනද අප සියලු දෙනාගේම එකඟත්වයෙන් පන්තිය පැවත්වීමට තීරනය කලේ එබැවිනි .
එදින නුගේගොඩට ඒම සඳහා වෙනදාමෙන්ම ටවුන්හෝල් බස්නැවතුමෙන් 138බසයකට ගොඩවුන නමුදු පෝය දිනක් බැවින් බස් රථයම පාලු බවක් ඉසිලීය . වෙනදා බස් රථයේ එල්ලීමට වවුලෙකු මෙන් පොරකන මට අද පහසුවෙන්ම අසුනක් ලැබුනි . නමුත් මගේ යටිසිත මාහට කියන්නෙම පන්ති නොයන ලෙසමය .
එය අමතර පන්ති යන ඕනෑම අයෙකුට එන සාමාන්‍ය සිතුවිල්ලක් බැවින් මම එය ගනන් නොගත්තෙමි . වෙනදා මෙන්ම අදත් මාර්ගය දෙපස වූ හුරුපුරුදු ගොඩනැගිලි එකිනෙක පසු වන්නට විය. බස් රථය තුල සිටියේ උදෑසන පන්සල් ගොස් පැමිනෙන අත්තම්මලා කිහිප දෙනෙකු හා ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන් යයි සිතිය හැකි කුඩා දරුවන් කිහිප දෙනෙකු පමනි .බසය තුල බැලීමට "රසවත්" යමක් නොවූ හෙයින් මම වහාම බසයේ පෙම්මුල්ලට වැදුනෙමි විවරකිරීමට අපහසු වුවත් කෙසේහෝ කවුලුව විවර කරගත් මම පාර දෙස බලමින් සිටියෙමි . ඒවනවිට නුගේගොඩ පාලම සදා නිමකර තිබුනාද නැතිනම් සදමින් පැවතියේද යන්න මා හට මතකයක් නැත . කෙසේහෝ පාලම සාදා තිබුනි නම් ඒ පාලම බැස අවසන් වන තැනයි .බස් රථයේ මා සිටි පස එක විටම පහත් වූයේ ඉහ මොල දෙදරවායන මහා පිපිරුම් හඬක් සමගිනි. බස් රථයේ වූවන් සියල්ල මා දෙස බැලූ අතර මම ජනේලයෙන් ඉවත බැලීමි. නැහැය කාගෙන යන රබර් ගඳින් බසයේ ටයරයක් ගොස් ඇති බව මට තේරුම් ගියේය බසය ඒ අසලම වූ නැවතුමෙන් නවතන ලදි මා බසයෙන් බසින විට ''හොඳ වෙලාවට හෝල් ට් එක ගාව '' යැයි බසයේ කොන්දොස්තර පවසනු මට මතකය . වෙනදාට පන්තිය අසලදීම බසයෙන් බැසගත හැක . අද බස් රථ ද අඩුය . පෝය දිනක් බැවිනි. එබැවින් අමතරපන්තියද අතලඟ වූ බැවින් පයින්ම පන්තියට යන්නට තීරනය කලෙමි .
''අද පන්ති යන්න එපා ''
මගේ යටිහිත කියති ගෙදර ගිහින් අම්ම ඇහුවොතින් ඇයි කලින්ම ආවෙ කියල?
''අද සර් ආවෙ නෑ කියනව''.
මම මගේම සිතත් සමග තර්කකරමින් පාරේ ගමන් කරමි. පාර වෙනදා මෙන් නොව ඉතා පාලුබවක් උසුලයි වාහන එකක්වත් නැත මිනිසුන්ද පේන තෙක්මානයක නැත ඇත්තේ පේනතෙක්මානයේ විහිදුනු කලු පැහැ දිගැති කාපට් පාරත් එය දෙපස පදික වේදිකාව වෙනුවට ඇති අව පැහැ ගැන්වුනු වියලි ඉවුරුදෙකත් පමනි දෙපස ඇති නිවෙස් කඩපේලි සියල්ල වසා ඇත ඒවනවිට දවල් එකත් දෙකත් අතර වෙලාවකි ඉතා තද හිරු එලිය වැටී තිබුනද මුලු මගම ගුප්ත බවක් උසුලයි .
දැන් මා සිටින්නෙ අමතර පන්තිය ඇති අතුරු පාරට ඉතා ආසන්නයේ ය . තවමත් මා මාගෙ සිතසමග තර්කයේ ය .
අම්ම දන්නව පන්ති නැතිදවස් වලට මං යාලුවො එක්ක බත් එක කාල එන්නෙ කියල එතකොට බත් එකට මොකද කරන්නෙ විසිකරන්නද ?
''නෑ නෑ අද පෝය නෙ...පාරෙ හිඟන්නෙකුට දෙමු ''
එසේ සිතුවා පමනි හිඟන්නෙක් ම ඉදිරිපස සිටගෙන සිටියි . ඔහුගේ එක ඇසක් සුදුවී ඇත මුහුන වලගැසී කලුවී ඇත . එමෙන්ම හිසෙහි වූ ඉදුනු කෙස් ගස් කහ පැහැ වන තුරුම ඒවා මත දුහුවිලිබැඳී ඇත ඔහු අසලින් ඉතා පිලිකුල් දුගඳක් වහනය වෙයි .හේ ඇවිදින්නේද කොරගසමිනි. ඔහු දිගින් දිගට ම මගෙන් ඉල්ලන්නෙ කෑමට යමක් ය
''සෑහෙන කාලෙකින් රහට දෙයක් කෑවෙ නෑ අනේ මහත්තය මට බත් එකක් දෙන්න ''
ඔහු පවසයි . අමතර පන්තියට හැරෙන අතුරුමග ඉදිරියෙනි ආපසු යැමෙන් පලක් නැත මම පන්තිය වෙත යෑමට සිතා අතුරු පාරට හැරුනේ පෙර කී හිංඟන්නාව මගහරිමිනි . පාරට හැරුනු විගස පන්තියේ කලු පැහැ ගේට්ටුව පෙනෙයි එය වසා ඉබ්බෙකු දමා ඇති බව ඈත සිටම මට පෙනුනි .
සමහර විට අනික් උන්ට සර් කතාකරල කියන්න ඇති කොහෙද ඉතින් මට ෆෝන් එකක් නෑනෙ .
එකවිටම මගේ සිතට ආ සිතුවිල්ලයි , එසැනින් නැවතත් මගේ බත්මුල අර හිඟන්නාට දිය යුතුයන හැඟීම පහල්වී ආපසු හැරී බැලුවෙමි මෙතෙක් වේලා මා අසල සිටි හින්ගන්නා නැත මම මහ පාරට ගොස් බැලුවෙමි . දෙපසටම අඩුම තරමේ මීටර පන්සියය බැගින් වත් පාර පැහැදිලිව පෙනෙයි හිඟන්නා නැත ඔහුට කොරගසමින් එතරම් දුරක් ඇවිදයා නොහැකි අතර අහල පහලින් වූ එකම අතුරු මගද අමතර පන්තිය තිබූ එක පමනි මගේ සිතට බිය හා කුතුහලය පිරෙන්නට විය මොහු කොහේ යන්නට ඇත්ද පාරද පාලුය මිනිසෙකු සිටීනම් වහා ඇස ගැටිය යුතුය නමුත් පාරේ කිසිවෙකුත් නැත .මා අසල සිටි මිනිසා මෙතරම් ඉක්මනින් ගියේ කොයිබටද . නැතිනම් ඔහු අතුරුදන් වූයේද .
මද වේලාවකින් හිඟන්නා අසල වූ ගඳ මා අසලින් දැනෙන්නට විය මා සිතුවේ ඔහු මා අසලට නැවත පැමින ඇතැයි කියාය පසුපස හැරී බැලුවමුත් . අවට කිසිවෙකුත් නැත . මට දැන් කාරනා පැහැදිලිය මේ මා දුටුවේ මනුශ්‍යයෙකු වන්නට බැරිය . වහාම මහ මගට බැසගත් මම වේගයෙන් අඩි තබමින් නැවත බස් නැවතුම වෙත යන්නට වුනෙමි . පන්තිය අසල බස් නැවතුමක් තිබුනද එය පාලු බැවින් ප්‍රධාන නැවතුම වෙතම යායුතු බව මම තීරනය කලෙමි . මම කොතරම් වේගයෙන් ගමන් කලද පෙර කී ගඳ මා පසුපසමය . දැන් මගේ මුලු සිරුරම බීතියෙන් ගිනි ගන්නවා වැනිය . ගිනි දවාලේ මුලු සිරුරේම රෝම කෙලින් වී ඇතිබව මට දැනෙයි .මෙසේ ඉදිරියට යද්දී මට ඈතින් කලුපැහැති චායාවක් පෙනෙයි මදක් ලංවද්දී හේ බයිසිකල් කරුවෙකි නැත ලියුම් බෙදන්නෙකි කාකි අලුත් කොට කලිසමක් හැඳ සිටි ඔහුගේ කාකිපැහැ කමිසයේද සියලුම බොත්තම් දමා ඇත .දෙපැත්තෙන් ඉහලට නැමී ඇති (Hat)විෂාල හිස්වැස්මක් පැලඳ සිටි ඔහු එන්නෙ දිලිසෙන කලු පැහැති පාපැදියකිනි දෙපාවලට දමා ඇත්තෙද කාකි පැහැති මේස් සහ කලු පැහැති හොඳින් මදිනලද සපතුය ඔහු බයිසිකලය මා අසල නැවැත්වීය
මල්ලි කොහෙද යන්නෙ ඔහු මගෙන් අසයි .
ආ මං මේ නුගේගොඩ හන්දියට යන්නෙ මම ඔහුට පිලිතුරු දුන්නෙමි .
අයිය දැක්කද මේපැත්තට හිඟන මනුස්සයෙක් යනව මම ඔහුගෙන් ඇසුවෙමි .
ඇයි මොකටද?
නෑ මේ බත් එකක් තියනව මං බැලුවෙ විසිකරන්නෙ නැතුව දීල දා න්න මන් දැක්ක මේ පැත්තට හිඟන්නෙක් යනවා...!
මම ඔහුට කීවෙමි.
මොනවගේද ?
ඔහු නැවතත් මගෙන් අසයි
කොර ගහ ගහ ගියේ එක ඇහැක් සුද හැදිල .
ආ මල්ලි දවල් වෙද්දි උන් සේරම නුගේගොඩ හන්දිය පැත්තට යනව දැන් ඇත්තෙ ඒ හරියෙ ඔහොම්ම පස්සනොබල කෙලින්ම ගිහින් බලන්නකො...
මනුස්සයෙකු හමුවීම ගැන මට වූයේ ලොකු සතුටකි මම ඉදිරියට යෑමටගත් පය පෙරටු කල අතර මට ලියුම් කරු හට ස්තූති කිරීමට තදින්ම අවශ්‍ය විය . මන්ද ඔහු මාගේ බිය දුරු කල බැවිනි ඒ සමගම මා අසල වූ ගඳද ඉවත්ව ඇතිබව වැටහුනි මම ආපසු හැරුනේ ලියුම් කරුට ස්තුති කරන්නටය . පුදුමයකි ලියුම්කරුද අතුරුදහන්ව ඇත .මගේ කන තුල ඔහු අසන්වතාවට කියූ වචනය දෝංකාර දෙන්නට විය
''ඔහොම්ම පස්සනොබල කෙලින්ම ගිහින් බලන්නකෝ''
මම ඔහු කීදේට විරුද්ධව වැඩ කලා නේද ? ඇයි මං පස්ස බැලුවේ මගේසිත මටම බනින්නට විය
. මම ඇවිද ගියේ නම් නැත මට දැනුනේ පාවෙමින් යනවා සේ ය නැ වතුනේ නුගේගොඩ හන්දියට තරමක් මෙහායින් වූ ඉහල පෙලේ අවන්හලක් අසලය . එතැනදී පාරේ සෙනග පිරුනු බස් රථයක් පලමුවරට දුටුවෙමි . ඉන් ඔබ්බට පාර සාමාන්‍ය ලෙස ජනාකීරන වී තිබුනි එබැවින් සිතේ බිය පහවී ගියේවී නමුදු මෙම බත්මුල දීමට හිඟන්නෙකු සෙවීමි . බයිසිකල් කරු කියූ ලෙසටම පාරේ හිඟන්නන් රැසක් විය .
තරමක් හීන්දෑරි වයසක හිඟන්නෙකු වෙත ගිය මම .
සීයෙ ගෙදරින් ගෙනාපු බත්මුලක් තියනව කනවා දැයි විමසීමි ඔහු දුන් පිලිතුරින් මා උඩවිසිවී ගියේ ය හොල්මන් හොඳ යැයි සිතුනි
'' නෑ පුතා මාත් මේ ගෙදරින් ගෙනාපු බත් මුල් දෙකම එහෙම්මමයි උදේ කන්නත් බැරි උනා
'' සල්ලි කීයක් හරි තියනවන් දීල යන්න පුතා කඩේකට ගිහින් ප්ලේන්ටියක් බීලා බත් එක කන්න ''
මම එහෙම්මම නැවත ගෙදර ඒමට බසයට නැගුනේ බත්මුලද කුනුබාල්දියකට විසිකරමිනි . පසුව ගෙදරවිත් කල්පනාකරන විට මට සිහි වූයේ පෝය දිනයන් වලදී ලියුම්කරුවෝ වැඩ කරනවාද යන්නයි .
එයින්ම මා දුටුවේ යම් අමනුශ්‍ය මායාවක් බව මට පසක් විය. මෙය අදටත් මට පැටලිලි සහගතය එකෙක් මට කරදර කරන්නට එද්දී අනෙකා මා බේරාගත්තාද? නැතහොත් දෙදෙනාම එක් අයෙක් ද? මෙය සිහිවන සෑම විටකදීම මගේ සිත ප්‍රශ්න කරයි .......... මින් ඔබ්බට සිතීම ඔබට භාර කරමින් මා නවතිමි !

Subscribe to:
Posts (Atom)