Thursday, May 17, 2012

එකවර දෙකක් !



මෙම සිදුවීම සිදුවී දැනට වසර තුනක්  සම්පූර්න වී ඇත . සිදුවීම අත්භූත දෙයක් ද නැතිනම් සැබෑවක් මා සිතතුල වූ බිය නිසාවෙන් අත්භූත ලෙස පෙනුනේද යන්න තවමත් මත් මට ස්ථිර නැත  කෙසේ නමුත් මෙම සිදුවීම ඔබ හමුවේ තැබීමට කැමැත්තෙමි . උසස් පෙල රසායන විද්‍යා පන්තිය සඳහා එදින මා පිටත් වන විට වෙනදාමෙන්ම ප්‍රමාදවී තිබුනි . නිවසින් පිටව යන විටම අම්මා එවෙලේම සාදාදුන් බත් පැකැට්ටුවද පොත් මල්ල තුලට දමාගැනීමට මා අමතක නොකලෙමි  එදින රජයේ නිවාඩු දිනකි . ඇත්තෙන්ම එදින පෝය දිනකි  . පෝය දිනවල අමතරපන්ති නිවාඩු දීමට නීති පනවා වැඩි කලක් ගතවී නොතිබිනි . 


                     මේ අමතර පන්තිය පැවතියේ නුගේගොඩය  වෙනත් ප්‍රසිද්ධ  පන්ති මෙන් නොව ඉතා කුඩාවටත් චාම්වටත් පැවතුනු පන්තියේ සිසුන් සිටියේ පහලවක් හෝ විස්සක් වැනි සුලු පිරිසකි . අප සියලු දෙනාම එම පන්තියට ප්‍රියකලෙමු පන්තියේ සිටි සියලු සිසු සිසුවියන් සහෝදර සහෝදරියන් මෙන් විය . ගුරු භවතුන්ද ඉතාමිත්‍රශීලීය. පොහොය දිනවල අමතර පන්ති නවතා තිබුනද අප සියලු දෙනාගේම එකඟත්වයෙන් පන්තිය පැවත්වීමට තීරනය කලේ එබැවිනි .
              එදින නුගේගොඩට ඒම සඳහා වෙනදාමෙන්ම ටවුන්හෝල් බස්නැවතුමෙන්  138බසයකට ගොඩවුන නමුදු පෝය දිනක් බැවින් බස් රථයම පාලු බවක්  ඉසිලීය . වෙනදා බස් රථයේ එල්ලීමට වවුලෙකු මෙන් පොරකන මට අද පහසුවෙන්ම අසුනක් ලැබුනි . නමුත් මගේ යටිසිත මාහට කියන්නෙම පන්ති නොයන ලෙසමය .
                            එය අමතර පන්ති යන ඕනෑම අයෙකුට එන සාමාන්‍ය සිතුවිල්ලක් බැවින් මම එය ගනන් නොගත්තෙමි . වෙනදා මෙන්ම අදත් මාර්ගය දෙපස වූ හුරුපුරුදු ගොඩනැගිලි එකිනෙක පසු වන්නට විය. බස් රථය තුල සිටියේ උදෑසන පන්සල් ගොස් පැමිනෙන  අත්තම්මලා කිහිප දෙනෙකු හා ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන් යයි සිතිය හැකි කුඩා දරුවන් කිහිප දෙනෙකු පමනි .බසය තුල බැලීමට "රසවත්" යමක් නොවූ හෙයින් මම වහාම බසයේ පෙම්මුල්ලට වැදුනෙමි විවරකිරීමට අපහසු වුවත් කෙසේහෝ කවුලුව විවර කරගත් මම පාර දෙස බලමින් සිටියෙමි . ඒවනවිට නුගේගොඩ පාලම සදා නිමකර තිබුනාද නැතිනම් සදමින් පැවතියේද යන්න මා හට මතකයක් නැත . කෙසේහෝ පාලම සාදා තිබුනි නම් ඒ පාලම බැස අවසන් වන  තැනයි .බස් රථයේ මා සිටි  පස එක විටම පහත් වූයේ ඉහ මොල දෙදරවායන මහා පිපිරුම් හඬක් සමගිනි. බස් රථයේ වූවන් සියල්ල මා දෙස බැලූ අතර මම ජනේලයෙන් ඉවත බැලීමි.  නැහැය කාගෙන යන රබර් ගඳින් බසයේ ටයරයක් ගොස් ඇති බව මට තේරුම් ගියේය බසය ඒ අසලම වූ නැවතුමෙන් නවතන ලදි මා බසයෙන් බසින විට ''හොඳ වෙලාවට හෝල් ට් එක ගාව '' යැයි බසයේ කොන්දොස්තර පවසනු මට මතකය . වෙනදාට පන්තිය අසලදීම බසයෙන් බැසගත හැක . අද බස් රථ ද අඩුය  . පෝය දිනක් බැවිනි. එබැවින් අමතරපන්තියද අතලඟ වූ බැවින් පයින්ම පන්තියට යන්නට තීරනය කලෙමි . 


''අද පන්ති යන්න එපා '' 


මගේ යටිහිත කියති ගෙදර ගිහින් අම්ම ඇහුවොතින්  ඇයි කලින්ම ආවෙ කියල? 


 ''අද සර් ආවෙ නෑ  කියනව''.


 මම මගේම සිතත් සමග තර්කකරමින් පාරේ ගමන් කරමි. පාර වෙනදා මෙන් නොව ඉතා පාලුබවක් උසුලයි වාහන එකක්වත් නැත මිනිසුන්ද පේන තෙක්මානයක නැත ඇත්තේ පේනතෙක්මානයේ විහිදුනු කලු පැහැ දිගැති කාපට් පාරත් එය දෙපස පදික වේදිකාව වෙනුවට ඇති අව පැහැ ගැන්වුනු වියලි ඉවුරුදෙකත් පමනි  දෙපස ඇති නිවෙස්  කඩපේලි සියල්ල වසා ඇත ඒවනවිට දවල් එකත් දෙකත් අතර වෙලාවකි ඉතා තද හිරු එලිය වැටී තිබුනද මුලු මගම ගුප්ත බවක් උසුලයි . 


                                 දැන් මා සිටින්නෙ අමතර පන්තිය ඇති අතුරු පාරට ඉතා ආසන්නයේ ය . තවමත් මා මාගෙ සිතසමග තර්කයේ ය . 


අම්ම දන්නව පන්ති නැතිදවස් වලට මං යාලුවො එක්ක බත් එක කාල එන්නෙ කියල එතකොට බත් එකට මොකද කරන්නෙ විසිකරන්නද ?


 ''නෑ නෑ අද පෝය නෙ...පාරෙ හිඟන්නෙකුට දෙමු '' 


එසේ සිතුවා පමනි හිඟන්නෙක් ම දිරිපස සිටගෙන සිටියි   . ඔහුගේ එක ඇසක් සුදුවී ඇත මුහුන වලගැසී කලුවී ඇත . එමෙන්ම හිසෙහි වූ ඉදුනු කෙස් ගස් කහ පැහැ වන තුරුම ඒවා මත දුහුවිලිබැඳී ඇත ඔහු අසලින් ඉතා පිලිකුල් දුගඳක් වහනය වෙයි .හේ ඇවිදින්නේද කොරගසමිනි. ඔහු දිගින් දිගට ම මගෙන් ඉල්ලන්නෙ කෑමට යමක් ය 


''සෑහෙන කාලෙකින් රහට දෙයක් කෑවෙ නෑ අනේ මහත්තය මට බත් එකක් දෙන්න ''


 ඔහු පවසයි .  අමතර පන්තියට  හැරෙන අතුරුමග ඉදිරියෙනි ආපසු යැමෙන් පලක් නැත මම පන්තිය වෙත යෑමට සිතා අතුරු පාරට හැරුනේ පෙර කී හිංඟන්නාව මගහරිමිනි . පාරට හැරුනු විගස පන්තියේ කලු පැහැ ගේට්ටුව පෙනෙයි එය වසා ඉබ්බෙකු දමා ඇති බව ඈත සිටම මට පෙනුනි .


 සමහර විට අනික් උන්ට සර් කතාකරල කියන්න ඇති කොහෙද ඉතින් මට ෆෝන් එකක් නෑනෙ  .


 එකවිටම මගේ සිතට ආ සිතුවිල්ලයි , එසැනින් නැවතත් මගේ බත්මුල අර  හිඟන්නාට දිය යුතුයන හැඟීම පහල්වී ආපසු හැරී බැලුවෙමි මෙතෙක් වේලා මා අසල සිටි හින්ගන්නා නැත මම මහ පාරට ගොස් බැලුවෙමි . දෙපසටම අඩුම තරමේ මීටර පන්සියය බැගින් වත් පාර පැහැදිලිව පෙනෙයි හිඟන්නා නැත ඔහුට කොරගසමින් එතරම් දුරක් ඇවිදයා නොහැකි අතර අහල පහලින් වූ එකම අතුරු මගද අමතර පන්තිය තිබූ එක පමනි මගේ සිතට බිය හා කුතුහලය පිරෙන්නට විය මොහු කොහේ යන්නට ඇත්ද පාරද පාලුය මිනිසෙකු සිටීනම් වහා ඇස ගැටිය යුතුය නමුත් පාරේ කිසිවෙකුත් නැත .මා අසල සිටි මිනිසා මෙතරම් ඉක්මනින් ගියේ කොයිබටද  . නැතිනම් ඔහු අතුරුදන් වූයේද .
            මද වේලාවකින් හිඟන්නා අසල වූ ගඳ මා අසලින් දැනෙන්නට විය මා සිතුවේ ඔහු මා අසලට නැවත පැමින ඇතැයි කියාය පසුපස හැරී බැලුවමුත් . අවට කිසිවෙකුත් නැත . මට දැන් කාරනා පැහැදිලිය මේ මා දුටුවේ මනුශ්‍යයෙකු වන්නට බැරිය  . වහාම මහ මගට බැසගත් මම වේගයෙන් අඩි තබමින් නැවත බස් නැවතුම වෙත යන්නට වුනෙමි . පන්තිය අසල බස් නැවතුමක් තිබුනද එය පාලු බැවින් ප්‍රධාන නැවතුම වෙතම යායුතු බව මම තීරනය කලෙමි . මම කොතරම් වේගයෙන් ගමන් කලද පෙර කී ගඳ මා පසුපසමය . දැන් මගේ මුලු සිරුරම බීතියෙන් ගිනි ගන්නවා වැනිය  . ගිනි දවාලේ මුලු සිරුරේම රෝම කෙලින් වී ඇතිබව මට දැනෙයි .මෙසේ ඉදිරියට යද්දී මට ඈතින් කලුපැහැති චායාවක් පෙනෙයි මදක් ලංවද්දී හේ බයිසිකල් කරුවෙකි නැත ලියුම් බෙදන්නෙකි  කාකි අලුත් කොට කලිසමක් හැඳ සිටි ඔහුගේ කාකිපැහැ කමිසයේද සියලුම බොත්තම් දමා ඇත .දෙපැත්තෙන් ඉහලට නැමී ඇති (Hat)විෂාල හිස්වැස්මක් පැලඳ සිටි ඔහු එන්නෙ දිලිසෙන කලු පැහැති පාපැදියකිනි දෙපාවලට දමා ඇත්තෙද කාකි පැහැති මේස් සහ කලු පැහැති හොඳින් මදිනලද සපතුය   ඔහු බයිසිකලය මා අසල නැවැත්වීය 


මල්ලි කොහෙද යන්නෙ ඔහු මගෙන් අසයි .


ආ මං මේ නුගේගොඩ හන්දියට යන්නෙ මම ඔහුට පිලිතුරු දුන්නෙමි . 


අයිය දැක්කද මේපැත්තට හිඟන මනුස්සයෙක් යනව මම ඔහුගෙන් ඇසුවෙමි . 


ඇයි මොකටද?


 නෑ මේ බත් එකක් තියනව මං බැලුවෙ විසිකරන්නෙ නැතුව දීල දා න්න  මන් දැක්ක මේ පැත්තට හිඟන්නෙක් යනවා...!
 මම ඔහුට කීවෙමි. 


මොනවගේද ?
 ඔහු නැවතත් මගෙන් අසයි 


කොර ගහ ගහ ගියේ එක ඇහැක් සුද හැදිල  .


 ආ මල්ලි දවල් වෙද්දි උන් සේරම නුගේගොඩ හන්දිය පැත්තට යනව දැන් ඇත්තෙ ඒ හරියෙ ඔහොම්ම පස්සනොබල කෙලින්ම ගිහින් බලන්නකො... 


මනුස්සයෙකු හමුවීම ගැන මට වූයේ ලොකු සතුටකි  මම ඉදිරියට යෑමටගත් පය පෙරටු කල අතර මට ලියුම් කරු හට ස්තූති කිරීමට තදින්ම අවශ්‍ය විය . මන්ද ඔහු මාගේ බිය දුරු කල බැවිනි ඒ සමගම මා අසල වූ ගඳද ඉවත්ව ඇතිබව වැටහුනි මම ආපසු හැරුනේ ලියුම් කරුට ස්තුති කරන්නටය  . පුදුමයකි ලියුම්කරුද අතුරුදහන්ව ඇත .මගේ  කන තුල ඔහු අසන්වතාවට කියූ වචනය දෝංකාර දෙන්නට විය


 ''ඔහොම්ම පස්සනොබල කෙලින්ම ගිහින් බලන්නකෝ''


මම ඔහු කීදේට විරුද්ධව වැඩ කලා නේද ? ඇයි මං පස්ස බැලුවේ මගේසිත මටම බනින්නට විය 
. මම ඇවිද ගියේ නම් නැත මට දැනුනේ පාවෙමින් යනවා සේ ය  නැ වතුනේ නුගේගොඩ හන්දියට තරමක් මෙහායින් වූ ඉහල පෙලේ අවන්හලක් අසලය . එතැනදී පාරේ සෙනග පිරුනු බස් රථයක් පලමුවරට දුටුවෙමි . ඉන් ඔබ්බට පාර සාමාන්‍ය ලෙස ජනාකීරන වී තිබුනි එබැවින් සිතේ බිය පහවී ගියේවී නමුදු මෙම බත්මුල දීමට හිඟන්නෙකු සෙවීමි . බයිසිකල් කරු කියූ ලෙසටම පාරේ හිඟන්නන්  රැසක් විය .


 තරමක් හීන්දෑරි වයසක හිඟන්නෙකු වෙත ගිය මම  .


සීයෙ ගෙදරින් ගෙනාපු බත්මුලක් තියනව කනවා දැයි විමසීමි  ඔහු දුන් පිලිතුරින් මා උඩවිසිවී ගියේ ය හොල්මන් හොඳ යැයි සිතුනි


 '' නෑ පුතා මාත් මේ ගෙදරින් ගෙනාපු බත් මුල් දෙකම එහෙම්මමයි උදේ කන්නත් බැරි උනා 

'' සල්ලි කීයක් හරි තියනවන් දීල යන්න පුතා කඩේකට ගිහින් ප්ලේන්ටියක් බීලා බත් එක කන්න '' 


මම එහෙම්මම නැවත ගෙදර ඒමට  බසයට නැගුනේ බත්මුලද කුනුබාල්දියකට විසිකරමිනි . පසුව ගෙදරවිත් කල්පනාකරන විට මට සිහි වූයේ පෝය දිනයන් වලදී ලියුම්කරුවෝ වැඩ කරනවාද යන්නයි . 


එයින්ම මා දුටුවේ යම් අමනුශ්‍ය මායාවක් බව මට පසක් විය. මෙය අදටත් මට පැටලිලි සහගතය එකෙක් මට කරදර කරන්නට එද්දී අනෙකා මා බේරාගත්තාද? නැතහොත් දෙදෙනාම එක් අයෙක් ද? මෙය සිහිවන සෑම විටකදීම මගේ සිත ප්‍රශ්න කරයි ..........  මින් ඔබ්බට සිතීම ඔබට භාර කරමින් මා නවතිමි !  

Friday, May 11, 2012

පලමු අත්දැකීම



මෙය මා මුහුනදුන් පලමු අත්භුත සිදුවීමයි මෙය දර්ශනය වූයේ මාහට පමනක් නොවන බැවින් අදට ද මා මෙය අත්භූත යැයි විස්වාස කරමි . ඒවනවිට මගේ වයස යන්තමින් සය අවුරුද්දක් වූවා පමනි . මා පාසල් ගියේ කොලඹ බැවින් මා පෙර සඳහන් කරන ලද කොලඹ පිහිටි නිවසටත් . අප මුලින් පදින්චිව සිටි කෝට්ටේ පිහිටි නිවසටත් වරින් වර  යෑමට අපට සිදුවිය . බොහොවිට උදෑසනින් කොලඹට  පැමිනෙන ප පවුලේ සියලු දෙනා මම අම්මා තාත්තා හා මල්ලි නැවතත් අප පාසල් ගමන නිමවූ පසු රාත්‍රියේ කෝට්ටේ පිහිටි නිවස බලා පැමිනෙන්නෙමු . කෝට්ටෙ ප්‍රදේශයේ ජීවත්වන ඕනැම කෙනෙක් මා

Monday, May 7, 2012

සොල්දරය


මෙම සිද්ධිය සිදු වූ දිනක් හෝ කාල වකවානුවක් මාගේ මතකයේ නැත. ඒ වන විට මා කුඩා දරුවෙකුව සිටි බැවිනි . නමුත් මෙමෙ සිදුවීම මා හට කිසිදා අමතක නොවෙනු ඇති මක් නිසාද යත් මාගේ ජීවිතය තුලදී මවිසින් අත්දුටු දෙවන අත්භූත සිදුවීම මෙය වන බැවිනි .
එදින වැහිබර දිනයක් විය අ හස  අඳුරුව පැවති අතර කාලයක් තිස්සේ අවුකාස්ටකය වියලුනු පොලොව තෙතමනය ලැබීමෙන් නැවුම් සුවඳ විහිදුවයි සිසිල්

Friday, April 20, 2012

හරක් වෙසින් අවතාර

මෙය අපේ සීයාට සිදුවූ සුලු සිදුවීමකි . සීයා ඉලන්දාරියා කාලේ නාහෙට අහන්නෙම නැත .(මේ තිත තබන්නෙ රසික රසිකාවියන්ගේ බලවත් ඉල්ලීම මතය ) දිනක්  සීයා තම යහලුවන් පිරිස සමග කැලේ පැන ඇත්තේ ගඩා ගෙඩි කෑමටය.  ඔය අතර පිරිස දිනපතා රිංගන පාලු ඉඩමටද රිංගීමට පිරිස අමතක නොකලෝ ය මේ ඉඩම පාලු යැයි කීවද අයිතිකරු දින දෙක තුනකට වරක් මුර සංචාරයේ පැමින යයි. කොලු රැල මෙම ඉඩම වෙත ඇදීමට හේතුව වෙන කිසිවක් නොව ඉඩමේ සරුවට වැවි ඇති දිවුල් ගස් පේලියයි

Saturday, April 14, 2012

වටයා


සෑහෙන කාලයක් තිස්සෙ ඔයාලට දෙන්න හොඳ කථා ටිකක් හෙව්ව මෙ දවස් වල පුදුම හොල්මන් කථා හිඟයක් නෙවෙ තිබුනෙ පස්සෙ ඕන් කොහෙන් කොහෙන් හරි දඟලල අලුත් කතාවක් හොයගත්ත මේ ආත්මය සැරිසරන්නෙ කුඩා දරුවො ඉන්න තැන්වල සමහරු දන්නව ඇති සමහරු නොදන්නව ඇති මොහු නමින් වටයා ලෙස ප්‍රසිද්ධයි සේරටම කලින් මතක්කරන්න ඕනෙ මේ කතාව මට කිව්වෙ මොනරාගල පැත්තෙ අක්කකෙනෙක් හොඳම දේ තමයි මේ වටය කියන භූත ආත්මයේ ආරම්භක කතාව මේ කතාව කුඩා දරුවෙකු ගැනයි කාලයකට ඉහත මේ කියන්නෙ එකදාස් නවසිය ගනන් වල මැද භාගෙ වගේ

Saturday, March 31, 2012

නුදුටු පැතිකඩ

අලුත් ලෝකය යනු මාගේ සාර්ථක පලමු බ් ලොග් නිර්මානය බව ඔබ සැමට නොරහසකි එනමුත්  අලුත් ලෝකය ලිවීමට මා යොදාගත්තෙ ඉතා සරල බස් වහරකි . එය එලෙස යොදා ගැනීමට හේතුපාදක වූයේ අන් කිසිවක් නොව මා මෙන්ම තවත් බොහෝ දෙනෙකුට එය තේරුම් යායුතු බැවිනි . මින්පසු අලුත් ලෝකය ඔබ වෙත ඉහත කී දෙ ආකාරයෙන් ම ඉදිරිපත් කිරීම මා ගේ අරමුනයි  මින් පසු අලුත් ලෝකය බ්ලොග් අඩවියේ මාවිසින් පල කරන ලිපි මුදුන් වහල කාන්ඩය යටතේ සරලවද නොදුටු පැතිකඩ යටතේ ලිකිත බසින් ද ඉදිරිපත් වනු ඇති

Monday, March 26, 2012

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො


තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො ගැන ඔයගොල්ලො නොයෙකුත් කතා අහල ඇති මං මේ කියන්න යන කථා සමහර විට ඔයාලත් අහල ඇති ඒත් මේ ගැන නොදන්න ලංකාවේ ගොඩක් අයට දැනගන්න මං මේ පොස් ට් එක දාන්නන් කො


ඔන්න එහෙනන් කන ඇරල හොඳට අහගනිල්ල  . තොට ගමුවෙ හාමුදුරුවො  කොච්චර ප්‍රසිද්ධ උනත් උන්වහන්සෙගෙ ලමාකාලය ගැන කියවෙන්නෙ මෙහෙමයි මෙන්න මේ කවිය මතකද කියල බලන්නකො ''මාවැනි බ්ලින්දා වරවර ලඟට කැන්දා දුක් සැප කුමන්දා අස්න නිරිඳෝ වෙන කොහින්දා ''