Saturday, April 14, 2012

වටයා


සෑහෙන කාලයක් තිස්සෙ ඔයාලට දෙන්න හොඳ කථා ටිකක් හෙව්ව මෙ දවස් වල පුදුම හොල්මන් කථා හිඟයක් නෙවෙ තිබුනෙ පස්සෙ ඕන් කොහෙන් කොහෙන් හරි දඟලල අලුත් කතාවක් හොයගත්ත මේ ආත්මය සැරිසරන්නෙ කුඩා දරුවො ඉන්න තැන්වල සමහරු දන්නව ඇති සමහරු නොදන්නව ඇති මොහු නමින් වටයා ලෙස ප්‍රසිද්ධයි සේරටම කලින් මතක්කරන්න ඕනෙ මේ කතාව මට කිව්වෙ මොනරාගල පැත්තෙ අක්කකෙනෙක් හොඳම දේ තමයි මේ වටය කියන භූත ආත්මයේ ආරම්භක කතාව මේ කතාව කුඩා දරුවෙකු ගැනයි කාලයකට ඉහත මේ කියන්නෙ එකදාස් නවසිය ගනන් වල මැද භාගෙ වගේ
කාලය ගැන ඔය කියන සිධ්ධ්ය සිද්ධ වුනු ගමේ හිටිය කුඩා දරුවෙක් මට නමින් නන් මතක නෑ කවුද කියල කොහොම උනත් මේ දරුව ගෙව්වුවෙ එතරම් සුව
පහසු ජීවිතයක් නෙවෙයි කාලයක් යද්දි මේ දරුවගෙ අම්ම අකාලෙ මියගියා ඊට පස්සෙ දරුවගෙ තාත්ත ගෙදරට කුඩම්ම කෙනෙක් ගෙනාව කලෙකින් කුඩම්මට දුවෙක් ලැබුන ඒත් එක්කම ගෙදර පිරිමි දරුවට තිබුනු සැලකිලි අඩු වුනා නිතරම දරුවට පහර දෙන්න ගත්ත ගෙදර බැල මෙහෙ කරව ගන්න තියගත්ත දරුවගෙ පියත් මියගියාට පස්සෙ මේ කරදර තවත් වැඩි උනා අන්තිමට ගහකට නගින්න ගිය ලමය ගහෙන් වැටිල කකුලක් කැඩුන ඉතින් මේ අසරනයට බෙ හෙ තක් හේතක් වත් නොකර ගෙයි පිලට දාල තියල තිබ්බ වදි දසක් යන්න මත්තෙන් මෙ දරුවගෙ කැඩුනු කකුල කුනුවුනා ඇවිදගන්න බැරුව මලපහ ගොඩේම වැතිරිල ඉන්න උනා මේ කුනු වුනු කකුලට පනුවො ගහල කෞල හොල්ලද්දි පනුවො බේරෙන්න ගත්ත සුලු දිනකින් මේ දරුව මියගියා ඒ තරම් දුක් විඳල මැරුනත් මෙයාට මෙයාගෙ පොඩි නංගි ගැ න තිබුනෙ පුදුම ආදරයක් මේ මරුන දරුව භූතයෙක් (අපේ වචනෙන් ) වුනා ඔන්න දවසක් කුඩම්මා නංගිව මිදුලෙ නලවනව එක සැරේටම අර මැරුනු දරුවා තනි කකුලෙන් පැන පැන කුඩම්ම ඉස්සරහට ආව ඒ එනකොට අර කැඩු නු කකුලෙන් පනුවො හැලෙනව ඇවිත් මෙයා නන්ගිව ඉල්ලනව සෙල්ලම් කරන්න කුඩම්මගෙ හිත එකසැරේ ගැස්සුනා ඉතින් මොකො කලේ වෙන මොනව කරන්නද ගිහින් ගෙයි හැන්ගුනා ඔන්න දැන් වටය ගේ වටේ තනි කකුලෙන් පැන පැන යනව ඔය යද්දි අරකැඩුනු කකුලෙන් පනුවො විසිවෙනව ගෙදර මිදුල පුරාම මේ වටේ යන ගමන් වටය ලස්සන වචන ටිකක් කියනව මට ඒවචනටිකනන් මතක නෑ ඔන්න එදා රෑ පහන් වනතුරුකුඩම්ම අවදියෙන් හිටිය ඒත් අලුයම් වෙද්දි නින්දගියා ආයෙ නැගිටිද්දි ඇයගේ ආදර නීය දුව ලඟ නැතිබව තේරුනා ඒවන විටත් ප්‍රමාද වැඩියි ා දුවව අරන් ගිහින් වටයට වටය කියන නම ලැබුනෙ මොකක් නිසාද කියල දැන් කල්පනනා කරනව ඇති ඇත්තටම ඒ නම ලැබුනෙ මේ අපූරු ආත්මය කුඩා දරුවො ඉන්න ගෙවල් වටේ අර පෙර කිව්ව විදිහට පනුවො හලමින් ඇවිදින නිසයි එතකින් මේ කථාව අවසන් නැහැ අදටත් (මේ කියන කාලෙ වෙද්දි 1995 -1996 විතර ඇති)කුඩා ලමයි හවස් ජාමෙ සෙල්ලම් කරමින් ඉන්දැද්දි මේ ආත්මය ගෙවල් වටේ සැරිසරනවලු හොන්දම දේ ඕක පේන්නෙ ලමයින් ගෙ අම්මට විතරයි ඒත් මේ හැලෙන පනුවො ඕන කෙනෙකුට බලාගන්න පුලුවන්ලු ආ මට දැන් අර වටය කියන වචනෙ මතක් උනා වෙන මුකුත් නෙවෙය් කියන්නෙ වෙන මුකුත් නෙවෙය් කියන්නෙ වෙන මුකුත් නෙවෙයි කියන්නෙ "නැන්දෙ මං ආවා " කියල ඔන්න ඔය වෙලවට ගමේ ගෑනු උදවිය ගෙදර තියන ඉලපත අරගෙන ගෙපිල ඉස්සරහ තියන පඩියට වැරින් පහර දෙනවලු ඊට පස්සෙ ඒ ඉලපතින් ම අර හැලිච්ච පනුවො ටික අතුගාල තුන්මන් හන්දියකට ගෙනිහින් දානවලු මේ කතාව මට කියපු අක්කනන් කිව්වෙ එයා ඒ පනුවන් ව හැබහින් දැකල තියනව කියලයි කොහොමින් හරි මේ දේ හරියට නොකලොත් අර දරුවට උන දේම තමයි මේ දරුවන්ට වෙන්නෙත් ඒකියන්නෙ වටය අරගෙන යනව මන් දන්නෙ නෑ මේ කතාව එලියෙ පහලියෙ දඟලන පොඩි උන් බයකරන්න කව්ව ි එකක් ද කියල ඒත් කතාව ගොඩක් රසවත් නිසයි මේ දාන්නෙ ඔයාල්ත මේ ගැන දන්නවනන් අනිත් අය දනුවත් කරන්න මොකද මේ කතාව අහන කාලෙ මමත් පොඩි ලමයෙක්

2 comments:

  1. අනේ අම්මෝ කෝ මේකේ නැවතීමේ තිත්.තව ටිකෙන් හුස්ම හිරවෙලා මරුනනම් මම එන්නේ ඔයාව හොයාගෙන..

    ReplyDelete
    Replies
    1. අනෙ ගනන්ගන්න එපා ඔන්න දැන් තිත් තියන්න යන්නෙ .....

      Delete