Wednesday, October 1, 2014

ගුවන් තොටුපොල කැලඹු යැකින්න!

ගුවන් තොටුපොල කැලඹු යැකින්න

සෑහෙන කලක සිට නව සත්‍ය හොල්මන් කතාවක් සොයමින් සිටි මා කලකිරීමට පත්වූ වාර ගනන අනන්තය. බොහෝවිට හොල්මන් අවතාර අප අතර තවදුරටත් නැතිදැයි කියා සිතුනු අවස්තාද නැතුවා නොවේ. මාගේ හොල්මන්  කථා පිලිබදව වු පිපාසාව සුවපත් කරමින් මාවෙත අපූරු කතාවක් ගෙන ආවෙ ජෙසිකා මහත්මියයි ඇය ක්‍රිස්තු බැතිමතියක් වු අතර තලත්තෑනි මැදි වියේ කාන්තාවකි. මාගේ පුන්චි අම්මාගේ මිතුරියක් වූ ඇය සිය තරැන ජීවිතය ඉතා දුක් කම්කටොලු මැද ගෙන ගිය කාන්තාවකි. විසි හැවිරිදි වියේ දීම මුදල් සොයා මැදපෙරදිග ගොස් ඉතා වේදනා කාරී දිවියකට උරුමකම් කීවද ඇගේ සූර කතිකත්වය නිසාම සියලු උපද්‍රවයන්ගෙන් බේරී වර්තමානයේ ඉතා සතුටින් ජීවත්වන ඇයට කීමට අතීත කතා නම් එමටය.

මේ සිදුවීම සිදු වුනා යැයි ඇය පැවසූ කාලය ගැන නම් මට ඒහැටි නිච්චියක් නැත. ඒක්දාස් නවසිය අනූව දශකයේ මුල නැතිනම් අසූව දශකයේ අග වියයුතුය ඒ. ඇය සිය දෙවන විදෙස් ගෘහ සේවිකා රැකියාවෙන් ඉවත්වී තිබුනේද සිය විදෙස් ස්වාමිදියනියට සතියත් පමන කතා කල නොහැකි වන සේ කටද පුලුස්සාය(මගේ මතයනම් විදෙස් රටවල ගොස් දුක් විදින සියලු ලාංකික කතුන් ඇයව ආදර්ශයට ගතයුතු බවයි).  ආපසු ඇයව ලංකාවට එවා ඇත්තෙ තානාපති කාර්යායෙන් ඇය වැනිම තවත් කිහිප දෙනෙකුද සමගය . මේ අතර සිටි එක් කාන්තාවක නිතරම නිදි ස්වරූපයෙන් කොඩය පවා කඩා ඉහිරුවාගෙන සිට ඇති අතර සියලුදෙනාට පවසා ඇත්තේ ඇය මානසික රෝගී තත්වයකින් පෙලෙන නිසා මෙලෙස සිටිනා බවකි. ඇය සමග එකට සිටි කිහිප දෙනෙකු පමණක් ඇය ගැන සැබෑ තතු දැන සිට ඇති අතර ඒ කිහිප දෙනාගෙන් එක් අයෙකු ජෙසිකා මහත්මිය බැවින් ඇය ගැන මේ වැඩි දුර විස්තරයද ඔබට කීමට මා හට අවකාශ ලැබුනි

මෙම කාන්තාව අනුරාධපුර පදින්චි කාරිනියක් වූ අතර ඉතා ලාබාල වයසේ පසුවූ තැනැත්තියකි. මෙම තත්වය පෙර සිටම පැවතුනද අග හිග කම් මැද  විදෙස් ගතවී ඇති ඇයට රැකියාවේ පලමු දින වත් ගෙවීමට අවස්ථාවක් ලැබී නැත.

කෙසේ නමුත් මේ සියල්ල මැද ගුවන් යානයට ගොඩ වූ ලාංකික කතුන් හා සමග එකම පන්තියේ ගමන් කරන මැදපෙරදිග කාන්තාවන් කිහිපදදෙනෙක්ද සිට ඇත ඉන් එක් අයෙකු තෙමස් ගැබිනියකි.

ගුවන් යානය ගුවන් ගතකොට සුලු මොහොතක් ගතවත්ම යානය තුල වු නිහතාවය බිඳහෙලමින් යානය පසුපසින් යටිගිරියෙන් කෑගසන හූ ඬක් ඇසී ඇති අතර සියලු දෙනා තිගැස්සී පසුපස බලන විට පෙර කියූ තරුනිය වියරුව රතුවූ දෑසින් යුතුව හිස කරකවමින් අසුනෙන් නැගිටීමට උතසහ කරන්නේලු නමුත් ගුවන් යානා ආසන පටිය නිසා සෙලවිය නොහැකිව ඒ මේ අත දඟලන්නේලු.වඩා බිය ගෙන දෙන්නෙ ඇගේ පපුව තෙක් කඩා හැලුනු දිගු දිවය !

අපගේ කතානායිකාව වූ ජෙසිකා මහත්මියට ගනදෙවි නුවන පහල වී ඇත්තෙ මේ මොහොතේය ඇය වහා සිය අසුනින් නැගිට විත් යක්ශාරූඩව සිටින තරුනියගේ දරදඬු දෑතින් වැරෙන් අල්ලාගෙන ඇත්තේ ආසන පටිය ගලවාගත නොහැකි වන සේය වහා ක්‍රියා කල ගුවන් සේවිකාවක් ඇඳ  යම් අයුරකින් තරැනියගේ දෑත් බැඳ දමා ඇති අතර ගුවන් යානයේ සියල්ලෝම සැනසුම් සුසුම් හෙලා සියල්ල අවසන්යැයි සිතා සිටින්නට ඇත නමුත් සිදුවූයේ ද සිදුවන්නේද නොසිතූ දේමය.

එදින කාලගුනය ඉතා නරක බැවින් ගුවන් ගමන මැදින් නතර කර වෙනත් ගුවන්තොටුපලක ගුවන්යානය නතර කරන්නට සිදුවිය තෙවන පන්තියේ (මං හිතන්නෙ! ගුවන් ගමන් ගැන මං වැඩිය දන්නැතෝ දන්න අය ඒ ඒ විදිහට හිතාගන්න) ගුවන් ගමනක් බැවින් නවාතැන් ලැබෙනුයේද ඒ ඒ ආකාරයටය කාන්තාවන් සියලු දෙනා ටම එක් විසල් හෝටල් කාමරයක් ලැබුනි මෙහි පෙර කී ආරූඩ වූ කාන්තාවද විය

රැය නිසොල්මනේ ගෙවීගියේය කිසිඳු හැල හොල්මනක් නැතිව විඩාවට පත්ව සිටි තරුනිය ගේ දෑත් බැඳතිබූ බැමි ලිහා දමා තිබුනී. කෙමෙන් මැදියම් රැය උදාවෙමින් තිබුනි මගීන් හැකි තැන් වල ඉඩ සාදාගෙන නිදි ගෙන තිබුනි රෑ මැදියමේදී ඇසුනු මර ලතෝනියෙන් තිගැස්සී අවදි වුනු සියලු දෙනාට කල වරදක මහත දැනෙන්නට විය. ඇය නැවතත් ආරූඪ වී දැත මෙවර ඇය නිදැල්ලේය. දැත් දෙපා කොර කරගෙන සියලු දෙනා දෙස බලා සිටින්නෙ සිය දෙ වියතක් පමන දිගු දිවද ඒ මේ අත වනමින්ය (මැරුනු කැරපොත්තෙකුට හූනෙකුට වුවද බොරුවට හෝ බයවීම කාන්තාවන්ට මිනිස් පරිනාමයේදි උරුම වූ ලකෂනයකි මම එයට ගරුකරමි මෙවන් අවස්ථාවකදී හැඩි දැඩි පිරිමියෙක් වුවුද උන්හිටි තැන් අමතක වී ඇඳුමෙහි මලපහ කරගැනීම අරුමයක් ලෙස නොදකිමි නමුත් මෙම අනිසි හැසිරීම ඉතා භයානක ශෝකාන්ත දක්වාද දුරදිග යා හැක මේ එවන් කතාවකි ඔවුන් මදක් ඉවසිලිමත්ව ක්‍රියා කලානම් මෙවන් අවාසනාවකට මුහුන නොදෙනු ඇති) දිව දිගුකරගෙන තමන් වෙත එන මෙම ගැහැනිය දුටු සියලු දෙනා කාමරයේ එක් කොනකට දිව ගොස් විලාප නගයි එවිට මෙම යක්සාරූඩ වූ ගැහැනිය කාමරයේ ඒ කොනට එයි . එන්නෙ යමක් මුමුන මුමුනාය මදවේලාවක් ඔවුන් ඉදිරියේ හිස පහත් කරගෙන මුමුන මුමුනා සිට එක් වරම යටි ගිරියෙන් හු හඬ නගන්නෙ දිව දිගුකරගෙනය. එවිට සියලු දෙනාම කෑමොර දෙමින් කාමරයේ අනෙක් මුල්ලට දුවයි. මෙලෙස පැවතියේ සුලු වෙලාවකි. තෙවන දිවිල්ලේදී පය පැකිල එක් අයෙක් ඇද වැටුනි ඒ මත එකා එකා ඇද වැටෙන්නට විය. ඇද වැටුනු අයවලුන් අතර පෙර කියු විජාතික ගැබිනියද සිටියාය.

අවාසනාවක මහත කෙතරම්ද යත් ඇයට එතැනම දරැ ගැබ ගබ්සා විය කාමරය සුලු මොහොතකින් ලේ විලක් බවට හැරුනි ජෙසිකා මහත්මියට යකා සමග ඔට්ටු වී හුරුය ඇය ඕන දෙයක් වෙච්චා දෙං කියා ගොස් ආවේසව සිටි එකියට අත දිගහැර කනේ පහරක් ගැසුවාය එසැනින් තරුනිය සිහි නැතිව ඇද වැටුනි එනමුත් සිදුවිය යුතු දේ සිදුවී හමාරය.

මව රෝහල් ගතකෙරුනි මෙතරම් දෙයක් සිදුවු පසුවද එම තරුනියව නැවතත් ගුවන් යානයට නැග්ගවීමට සිදුවිය සියල්ල පෙර සූදානං වූ පරිදි මනාව කෙරුනි ආරූඩ වන තරුනියට ආසන පටිය දෑත් සිරවන ලෙද දැමීය ගුවන් යානය ලංකාවේ “මත්තල“ ගුවන් තොටුපලට ගොඩ බෑවේ  ..............................................      

                           :P  (විහිලුවක් බැව් සලකා සුදු වෑන් එවීමෙන් වලකින ලෙස අදාල වගකිවයුතු මාමාගෙන් ඉල්ලා සිටිමි)ලංකාවෙ ඔය ඒකාලෙ තිබ්බ දෙකෙං එක ගුවන් තොටුපලකට ගොඩ බෑවේ කිසිදු කරදරයකින් තොරවය. යානයේ සිටියවුන් නිවෙස් බලා යෑමට පිටත් වුනි පෙර පරිදිම තරුනියගේ ආසන පටි බුරුල් කලේය

කූඩුවෙන් මුදාහල කිරිල්ලක මෙන් ගුවන්යානයෙන් පිටතට පැමිනි ඇය දිව ගොස් ගුවන් තොටුපලේ වූ මල් පඳුරැ අස්සේ හා කනු පිටුපස සැඳවෙන්නට විය ආරකශක නිලධාරීන්ට මොනයම් ආකාරයකින්වත් ඇයව අල්ලාගත නොහැකි විය ඇය මෙලෙස බලාසිටියේ ජෙසිකා මහත්මිය සිය බඩුබාහිරාදියද රැගෙන ඉවතට එන තුරුය ජෙසිකා මහත්මිය දුටු සැනින් ඇය ඉදිරියට පැනගත් තරුණිය “මං උඹ එක්ක එන්නං“ යැයි කීවේලු. වහාම එතැනට පැමිනි ආරකශක නිලදාරීන් තරැනියව අල්ලාගෙන ඇත්තෙ සිහි විසර්ඣ වන  ‍ෛඔශද උන්ඩයකින් විද ඇයව අඩපන කරගත් පසුවය.

ජෙසිකා මහත්මිය නිවස බලා පිටත්වී ඇත ඇය පවසන පරිදි යකින්න එදා  ඇයත් සමග ආවා නං ඇයට කුමකින් කුමක් වේදැයි සිතාගත නොහැකි වීලු !

නිමි


ටටා 

Wednesday, July 23, 2014

දෙපා නැතිව දුවන භූතයා

මුලින්ම සියලු දෙනාගෙන්ම සමාව ගතයුතුව ඇත. වසරක පමණ කාලයක් කිසිම කතාවක් පල නොකිරීම හේතුවෙනි.

 මෙම සිදුවීම 1998 වසරේ සිදුවූවකි! සිදුවූයේ වෙනදා මෙන්ම මගේ බාප්පා කෙනෙකුටය. කණගාටුවට කරැන නම් මේ ගැන වැඩිදුර අසා දැනගැනීමට නන්දලාල් අද බාප්පා ජීවතුන් අතර නැති වීමයි. මේ කතාව මට කියන්නෙ උවිඳු මල්ලී බවද මතක් කල යුතුමය.

සිදුවීම සිදුව ඇත්තේ 1998 වසරේ දෙසැම්බර් මසය.කළුතර නගරයේය. එදින පවුලේ සියලු දෙනාම විනෝද චාරිකාවක් ගොස් නිවසට පැමිනෙන විට රාත්‍රී දොලහද පසුවී තිබුනි. උවිඳු මල්ලිව නංගිව සහ පුන්චි අම්මාව පැමිණි වෑන් රියේම නිවසට පිටත් කර හැරි බාප්පා මගින් රියෙන් බැස ඇත්තේ සිය සහෝදරයාගේ නිවසෙහි දමා ආ යතුරැ පැදිය ගෙන යාමේ අදහසිනි. යතුරැපැදිය ගෙන ආපසු එන විට රාත්‍රී එකද පසුවී තිබුණි එන මග වැටී තිබුනේ මල්ලී ෆේස් බුකියේ කියු පරිදි නම් #හිමිදිරියාව #කනත්ත ඉදිරිපිටිනි.

හිමිදිරියාව සොහොන් බිම දිවා කාලයේ මනරම් දසුනකි එක් පසෙක වෙල්යායත් ඉහලට දිවෙන රබර් වතුයායත් නිසාවෙන් එහි කුඩා ගුප්ත බවක්ද නැතුවාම නොවේ. බාප්පා කනත්ත ඉදිරියට එනවාත් සමගම වාගේ කනත්තයේ තාප්පයෙන් පිටට පැනගත් මිනිසෙකු පාර හරහා දිව යනු දැක ඇත. ඔහු තිගැස්සී ඇත්තේ මෙම මිනිසා යතුරැපැදි ලාම්පු එලියට හසුවූ විගස අතුරැදන්ව ගොස් නැවත  ලාම්පු එලිය නැති පාරේ අනෙක් කොනින් මතුවී සිටි බැවිනි එතැනින්ද නොනැවතී මේ මිනිසා අනෙක් පස වූ වෙල් යායට පැන ඒ දිගේ ද දිවයන්නට විය. දුටු දෙයින් බාප්පා තවත් බියට පත්වී ඇත. වෙල්යාය හරහා දිව යන මිනිසාගේ පය වදින තැන ගොයම් ගසක්වත් නොසෙල්වෙයි. කොටින්ම මිනිසාට තවදුරටත් පාද ඇති බවක් වත් නොපෙනෙයි. එපමනක්ද නොව තවත් පුදුමයක් නම් මිනිසා කෙතරම් ඈතට දිව ගියද ඔහුගේ සිරැරේ ප්‍රමානය කුඩා වී නොපෙනීමයි . කෙසේ හෝ වෙල් යාය හරහා රබර් වතු දෙසට දිව යන මිනිසා දෙස කෙලින් බැලීමට පවා බියවූ බාප්පා ඒ දෙස හොරැහින බලමින් කෙලින්ම ගොස් ඇත්තෙ  සිය මහ ගෙදර වෙතය.
එහිදී සීයා හමුවේ සිදුවූ සියල්ල හෙලිකර නැවත සීයාවද යතුරැපැදියේ නංවාගත් බාප්පා වැඩිදුර පරිකෂාකර බැලීමට නැවතත් කනත්ත වෙත හා උඩහ රබර් වතු වෙතද ගොස් සොයා ඇත නමුත් මිනිසෙකු ගැන කිසිඳු හෝඩුවාවක් නොවූ බැවින් ඔවුන් නැවත නිවසට එන විට උදෑසන දෙකද පසුවී තිබුනිලු.


ඒවගේම කියවල කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ............!

Saturday, May 11, 2013

කුස්සියේ හොල්මන්


කුස්සියේ හොල්මන්

මේ කතාව සිද්ද වෙලා තියෙන්නෙ එක්දාස් නවසිය අනු එක දෙක විතර කාලෙදි. ඒ දවස් වල අපේ අම්ම වැඩ කරල තිබු‍ෙන බම්බලපිටියෙ මට ආයතනෙ නම මතක නෑ. gem cutter  කෙනක් විදහට. ඔය ආයතනෙ රෑ වැඩ මුරක‍ාරයන්ට ඇහෙනවලු කුස්සියෙන් පිඟන් විසිවෙන හෝදන පයිප්ප වැඩ කරන හඬවල් හරියට ඇතුලෙ කවුරැහරි ඉඳගෙන උයනව කෑම බෙදනව වගේ. එ්ත් ඇතුලෙන් අගුලු දාලලු තියෙන්නෙ. උදේ පාන්දරට දොරවල් අරිද්දි පයිප්ප එහෙම ඇරල දාල තියනවලු. අවාසනාවකට අද ඒ ආයතනෙ එතන නෑ බංකොලොත් වෙලා අයිතිකාරයො විකුනල ගිහින් මෑතක් වන තුරැ ගරාවැටිච්ච ගොඩනැගිල්ල තිබුන දැන් මං හිතන්නෙ එතන වෙන ගොඩනැගිල්ලක් හදල ! මේ වගේම තව කතා තියනව
බෙලිගල්ලෙන බංගලාව ටත් ගිහින් බලන්න

Wednesday, May 8, 2013

නාග මානික්‍යය


නාග මානික්‍යය

මේ කතාව මට අහන්න ලැබෙන කාලේ තමයි එල්ටීටීඊ එකෙන් කොටුවෙ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනේ එතකොට මම පාසල් ගිහින් යන්තම් අවුරැදු දෙකයි. මේ කතාව මම ලියන මේ අවුරැද්දෙ යුද්දෙ ඉවරවෙලා අවුරැදු හතරකුත් ගතවෙලා.

ඒ දවස්වල අපේ ගෙදර ගෑනු ලමයින්ට බොඩිමක් තිබුනා. සමහර දවස්වල රෑට මේ බොඩිම් අක්කල එකතුවෙලා හොල්මන් කතා කියනව මම හරි ආසයි මේව අහගෙන ඉන්න. ඉතින් ඉස්කෝල ගෙදර වැඩ ටික අතපහු කරල හරි රෑතිස්සෙ අක්කල කියන කතා අහගන ඉන්නව.

බොඩිමට අලුතෙන්ම ආව අනුරාධපුර පැත්තෙ අක්ක කෙනෙක් මෙයා ඒලෙවල් එහෙම හොඳට සමත් ගෑනුලමයෙක් කැම්පසුත් සිලෙක්ට් වෙලා ඒත් ගිහින් නෑ එයා කලේ සිකියුරිටි ජොබ් එකක් විස්වාස කරන්නත් අමාරැයි නේද ඒත් මේක ඇත්තක් මට මේ මෑත දවසක් අපේ අම්ම ඔය ගැන කිවුවම මමත් පුදුම වුනා.

Saturday, March 23, 2013

මැරුනු අක්කගේ බැල්ම


සෑහෙන කාලෙකින් හොඳ හාල්මන් කථාවක් කියන්න බැරි වුන නිසා මං හිතුව කලින් නොකිවුව ටිකක් පරණ කතාවක් කියන්න ගොඩක් ‍කතා වල වගේ මේ සිද්දිය සිද්ධ වුනෙත් අපේ මාම කනෙකුට. මේ කාලේ වෙද්දි යන්තම් එයාගේ වයස අවුරුදු 10-11ක් විතර ඇතිලු.

මෙයා පාසල් ගිහින් තියෙන්නෙ දෙනියායෙ. මට ඉස්කෝලෙ නං හරියටම මතක නෑ. කොහොම හරි මෙයා ඉස්කොලේ යනකොටත් ආපහු ගෙදර එනකොටත් නිතරම ගොඩ වදින නෑදෑ වෙන අක්ක කෙනෙක් ගේ නිවසක් පාසල කිට්ටුවම තිබිල තියනව මේදෙන්න හරි ලෙන්ගතුයි ලු. මෙයා නිතරම ඒ අක්කගේ පිටිපස්සෙම ලු. ඒත් වැඩි කාලයක් යන්න කලින් ඒ අක්ක නැතිවෙලා තියනව ලෙඩකින් මේ කියන කාලේ හැටියට මැලේරියාව වගේ ලෙඩකින් වෙන්න ඕන. ඉතින් ඒ අක්ක ලෙඩ වලා ඉන්න දවස්වල වත් මල ගෙදරට වත් මෙයාව ගෙනිහින් නෑ. පොඩි නිසා දරාගන්න බැරිවෙයි කියල හිතලයි එහෙම කරල තියෙන්නෙ. ඒත් මේ අක්කව වලලපු කනත්තත් තියෙන්නෙ ගෙදර එන පාරෙම.


 පස්සේ මෙයා අක්ක ගැන අහල පෙරැත්ත කරද්දි ගෙදර අය මයාට සිද්දිය කියල පහුවෙනිද ඉස්කෝලෙ යද්දි මෙයාට සොහොන තියන තැනත් පෙන්නගෙනයි ගිහින් තියෙන්නෙ. මෙයා ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්නෙ තනියම පයින් ලු. මේ එන ගමන් අහල පහල කැලෑ ගස්වලින් මල් මිටියකුත් හදාගෙන මේ පොඩිඑකා ගිහින් අක්කගෙ සොහොන බලන්න සොහොනට මල්මිටිය තියල මෙයා යහතින් ගෙදර ඇවිල්ල ඒත් ගෙදර ආපු ගමන් මුලු ඇ‍‍ඟේම පළු දාලා සහලවල උන අරගෙන ගෙදර අයටත් පුදුමයිලු. අපේ ආච්චි වෙදකම දන්නව එයාට සැකහිතිල අහල තියනව අද තෝ කොහෙද ගියේ කියල. එතකොට මෙයා කියනවලු අහවල් අක්කව බලන්න අද සොහොනට ගියා කියල. ඊට පස්සෙ පිරිත්නූලක් බැඳල පිරිත් පැන් එහෙම දීල දවස් දෙකකට පස්සෙ උන හෙඳවෙලා තියනව

කනත්තෙදි අමනුශ්‍ය බැල්මක් වැටිල කියලයි කියන්නෙ

මේක එයාට වුනු එක සිද්ධියක් විතරයි !  

Monday, March 11, 2013

දවසක් මෙහෙම උනා

හොම්මං කත‍ාවක් නෙවෙයි මේක හො‍ෙඳ් 

මායි යාලුවෙකුයි බුකියෙ චැටක්

මෙන්න මෙ‍හෙම

asanna kese asuwat kiyanna sihibuddiyen kiviyayutuya
අන්න ඒකනේ කියන්නේ
eekay niwaradi krame
කියන්න කේසේ ඇසුවත් අසන්නා සිහිබුද්ධියෙන් කිවිය යුතුය
කියන්නා අසන්නා කීවත් සිහිබුද්ධියෙන් කෙසේ ඇසියයුතුය ?
ගහෙන් ඇනපු ගොනාට හතරබීරි වැට පැන්නා වගේ කතාවක්නේ බං ඒක
යුද්දෙට නැතිකඩුව ගිනිතපින්නද කියල මාත් ලියල දැම්ම බං
ගිනි තපින මෙව්වා එකක් අහලා නෑනේ බං මම
දත්නැති ද‍ා
උක් දඬු
ගිනි
තපින මෙව්වා
අප්පට සිරි
ඒක තමයි නේ
අමතක වුණානේ
එකට තමයි දාන්නෙ
උඹත් නිකන් ගහෙන් වැටිච්ච මිනිහට කඩංවැටුන දේවාලෙ කපුවගේ කත‍ා නෙ බං කියන්නෙ
කූඥ්ඥේ ගලවපු කොටියාගේ වලිගේ ගඟට කපපු බල්ලා වගේ
එහෙම කතා කියන්න එපා බං
නිකං මඤ්ඤං වෙලා මෙව්වා වෙලා ආයෙත් මඤ්ඤං වෙනවානේ
කළුවා කෝට්ටෙ ගියා වගේ උඹ නෙ පටංගත්තෙ
හිහිහි
අඩෝ කළුවා කෝට්ටෙ ගියා වගේ එක ටිකක් ලඟින් යනවා ඈ..
එතකොට මැච් වෙනවා වගේ නොවී වගේ යනවා
හිහිහි
ඇයි මං ඕනනං අබර මාරපං ගියා වගේ කියලත් කියන්ව
උඹට පරංගිය සිල්ගත්ත වගේ හැපි නේද
හිහිහි
බලහං පෝස්ට් එකක් දැම්මා
ථෘ
ථෘ
mat blog eke danna kiyala unne
ඉතිං දාපං අවුලක් නෑ
මම උඹේ නමත් දාලි තියේ
හිටිං ටැග් එකක් දාන්න
kohe linkuwa evapiya
හිහිහි එලනේ
හික්ස්
fulla ekama danna one bloge




ඔන්න ඕකලු වුනේ

Sunday, March 3, 2013

වැඩිදෙනෙකු නොදැනගතයුතු කතාවක්



මෑතකදි මියගිය ප්‍රවීන මනෝ වෛද්‍යවරයා කිවුවහම ඔයගොල්ලො හැමෝම දන්නවා ඇති එතුම‍ෙග් නම ප්‍රකාශකරලා එතුමාට අපහාස කරන්න කැමැත්තක් මට නෑ!

මේකථාව පටන්ගන්න විධියක් ගැන මං ඊයෙ මුලු රෑ ම කල්පනා කරා.

කථාව පටන්ගන්නෙ මම අඳුනන මල්ලි කෙනෙක් ගෙන්. මේ මල්ලි අපේ ‍ගෙදරට හරිම හිතවත් තාම පාසල් යන ළමයෙක්. දැනට අවුරුදු තුනකට විතර ඉස්සර ඉඳල තමයි පේ අම්මත් මේ කියන මල්ලි ‍‍ගෙ